|
බලනවා නම් චිත්‍රපට
කෙනෙකුගේ අවසානය
තව කෙනෙකුගේ
ආරම්භය
ඔටෝමටා (AUTOMATA) එය මිනිසුන්ගේ ක්‍රියාකාරකම් අභිබවා යන ආකාරයේ නව නිපැයුමකි. එහෙත් එක්තරා දිනයකදී මිනිසා විසින් නිර්මාණය කළ සොයා ගැනීම මිනිසාටම ප්‍රබල බලපෑමක් වේ. කෙනෙකුගේ කාලය අවසන් වීමට පටන් ගනිද්දී තව කෙනෙකුගේ කාලය පටන් ගැනීමක් බවට එය පත් වේ. මෙවන් අපූරු කතා පුවතක් රැගත් ඔටෝ මටා ගේබ් ඉබනේස්ගේ චිත්‍රපටයකි. මෙහි ප්‍රකට චරිතාංග නළු ඇන්ටෝනියෝ බන්දේරාස් සමඟ ඩේලෑන් මැක්ඩොමට්, මෙලෙනි ග්‍රිෆ්‍රිත්, බ්‍රවිටි සොරෙන්සන් සමග රොබට් පෝස්ටර් රංගනයෙන් දායක වෙති.
විනෝදාත්මක චිත්‍රපට නරඹන රසිකයනට රස විඳිය හැකි නවතම චිත්‍රපටයකි රව්ඩි රාජා. ඉන්දීය තෙළිඟු සිනමාවේ නව රැල්ලේ ජනප්‍රිය නළු රවි නේජා සමඟ දීක්ශිඛා බවානා, ශ්‍රී කාන්ත් කාලෙයිරාසන්, හරි ක්‍රිෂ්ණන් සමඟ රාම ජයා රාඕ රඟන රබ්ඩි රාජා ගුණසේකර්ගේ අධ්‍යක්ෂණයකි.
දරු දැරියන්ට
රූස්ටර් ඩ්‍රඩ්ලව් ඩු (ROOSTAR
DOODLW DOO)
කුඩා දරු දැරියන්ට නැරඹීම සඳහා ලබා දිය හැකි නවතම කාටුන් චිත්‍රපටයක් වන රූස්ටර් ඩ්‍රඩ්ලව් ඩු මේ දිනවල වෙළඳපලෙන් ලබා ගත හැකි ඩී. වී. ඩී. චිත්‍රපටයකි. මෙය පියරේ ග්‍රිකෝ විසින් අධ්‍යක්ෂණය කර ඇත.
මිනිස් මොළයේ පරිපූර්ණත්වය ලූසි (LUCY) මිනිසා සාමාන්‍යයෙන් යම් ක්‍රියාවකදී ඒ සඳහා තම මොළය භාවිත කරනුයේ සියයට දහයක් පමණි.
එහෙත් ඇය සියයට සියයක් භාවිත කරයි. එහි ප්‍ර මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති ලුසි චිත්‍රපටය නැරඹීමෙන් ඔබටත් එය ප්‍රත්‍යක්ෂ කරගත හැක. ලොව පුරා අතිශය ආන්දෝලනාත්මක චිත්‍රපටයකි. ‘නිකිටා’, ‘ද ප්‍රොපෙෂනල්’, ‘ද ෆිෆ්ත් එලිමන්ට්’ වැනි විචාදාත්මක චිත්‍රපට නිර්මාණය කළ ලුක් බොසේන් නම් ප්‍රවීණ ප්‍රංශ අධ්‍යක්ෂවරයාගේ නවතම අධ්‍යක්ෂණය වන ලුසි තුළින් ඔහු කලකට ප්‍රේක්ෂකයාට අමතක නොවන වීර කාන්තා චරිතයක් නිර්මාණය කර ඇත. මෙහි ලුසි ලෙස ස්කාලට් ජොහැන්සන් රඟන අතර ඇය සමඟ ලෝ ප්‍රකට ප්‍රවීණ චරිතාංග නළු මෝගන් ෆ්‍රීමන් ද ප්‍රබල රංගනයක නිරතව ඇත.
චීනයේ වැඩිම ආදායම
ජර්නි ටු ද වෙස්ට් (JOURNEY TO
THE WEST) චීන සාහිත්‍යයේ එන ප්‍රකට නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති ජර්නි ටු ද වෙස්ට් චිත්‍රපටය කුන්ග් ෆු හස්ට්ල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ස්ටෙපන් චෝව්ගේ නවතම අධ්‍යක්ෂණයයි. කියු ශු, ශැන්ග් ටෙන්, බෝ පුමාන්ස් සමඟ ශෝ ලෝයි ජර්නි ටු ද වෙස්ට් සඳහා රංගන දායකත්වය ලබා දී ඇත. මෙම චිත්‍රපටය චීන සිනමා ඉතිහාසයේ වැඩිම ආදයම් ලද චිත්‍රපටයයි.
|