|
ඌව කුඩා ඔයේ Battle Zone හැදේ
සෑම සෙනසුරාදාම රෑ 9.30 ට CSN සංග්‍රාම අඩවියට ගොඩ වෙන්න
නෙහාරාට තුවාල
ලෝචනා ගොම කයි
උමයංගනා පිළිස්සෙයි
ගෙවී යාමට ඇත්තේ තවවත් සුළු වෙලාවකි. මේ ගැඹුරු නිහැඬියාව විඳිමින් ඔවුහු මේ ගල්තලාවට පැමිණීමට නියමිතය. තව මොහොතකින් මේ තැන්නහි ඉදි වන තාවකාලික සුරක්ෂිත විනෝදබර කඳවුරේ මට ද තැනක් හිමිවනු ඇත. මා කුඩා ඔයට පැමිණීයේ Battle Zone සංග්‍රාම අඩියෙහි වගතුග දැන ගැනීම උදෙසාය. අපේ ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ජනප්‍රිය කලාකරුවන් හා ක්‍රීඩකයන් රැසක් දායකත්වය ලබා දෙන වික්‍රමාන්විත ක්‍රීඩාවන්වලින් සුසැදි රියැලිටි වැඩ සටහන Battle Zone ය. CSN නාලිකැවේ නිපැයුමක් වන මෙම නිර්මාණශීලී වැඩසටහන 16 දෙනකු සහභාගි වන බව පවසන්නේ අප හිතාදර සද්ධා මංගල සූරියබණ්ඩාරය. සේමිණි ඉද්දමල්ගොඩ, මේනක රාජපක්ෂ, උමයංගනා වික්‍රමසිංහ, නෙහාරා පීරිස්, නිනෝ අරලිය, දර්ශන් ධර්මරාජ්, නිරෝෂන් විජේසිංහ, මේනකා මධුවන්ති, ගයන්ත විජයරත්න, රිතු ආකර්ෂා, සුදර්ශන බණ්ඩාර, ලෝචනා ඉමාෂි, කිෂානි අලංකි, ටෙඩී විද්‍යාලංකාර, ඩිලන්ත මාලගමුව සහ ලක් රූ රැජන ඉරේෂා අසංකි මෙම රියැලිටි මෙහෙයුමේ තරගකරුවන්ය. සුන්දරත්වය දොරේ ගලා යන එකමුතු බවේ ජවසම්පන්න තරගාවලිය දැන් ඇරැඹී තිබේ. තව නොබෝ වේලාවකින් රාත්‍රිය ද රැගෙන ඔවුන් පැමිණෙන වග පවසන්නේ සද්ධාය. දහදිය පිරි ගත දෙඅතින්ම සන්තතර්පණය කරමින් මුලින්ම ගල් තලාවට පැමිණියේ මේනකයි. ජවසම්පන්න තාරුණ්‍ය සමඟ ගල් කුල නැඟි මේනක විනාඩි කිහිපයක් යන තෙක්ම නිහැඬියාව සමඟය. ‘මාර ගමනක් ගියේ. වැව මැදදි එරුණා. සපත්තු ඇතුළේ මඩ, ඒකයි කකුල නෑ වගේ දැනෙන්නේ. එකිනෙකා ගිරිකුල වෙතට පැමිණෙන්නේ සිඳී ගිය ජවයෙන් සහ නොසිඳුණු උත්සාහයෙන් යුතුවය. ‘කකුලට මොකක්ද වුණේ?’
‘අද නං කුඩාරම තියෙනවා. ඊයේ අපි එද්දී කූඩාරම් දෙකම අලි කඩල තිබ්බා. අපි දන්නේ නැති කූඩාරම් ගහල තිබ්බේ අලිමංකඩක. අපි ඇතුළේ හිටියනං හොඳ නිවුස් එකක් තමයි. හැබැයි ඉතිං දුක්බර නිවුස් එකක්. නිරෝෂන් පවසන්නේ අඬ අඳුර අතරේ වනාන්තරය නෙතින් පීරමිනි. රාත්‍රියේ වරිග සභාව ඇරැඹීමට සියල්ල සූදානම්ය. තැනිතලා ගල් කුල මත හාත්පස අඳුර බිඳලාලන පන්දම් එළිය සීතලට ද කදිම සහනයකි. වරිග සභාවේදී සියලු දේ සාකච්ඡා කිරීම සිදු වෙයි. ‘බුදු අම්මෝ . . .’ එකවරම පිටුපස බැළුණේ කාන්තා හඩිනි. උමයංගනාගේ ගත මත වැටි ගිනි පන්දම ඇය ගින්නෙන් වසා ගැනීමට තරම් ශක්තිමත්ය. නමුදු පරිසර මෑණියන්ගේ ආනුභාවයෙන් එතරම් කරදරයක් නැත. නමුත් උමයංගනාගේ සැලකිය යුතු කොටසක් ගින්නෙන් පිළිස්සී ගොසිනි. ‘හරි දැන් අඩුයි, වැඩේ කරමු’ උමයංගනාගේ ශක්තිය පිරි වදනේ ආශිර්වාදයෙන් නැවත වරිග සභාව ඇරැඹිණි. ඉන් අනතුරුව කුඩා විනෝදජනක රාත්‍රියක ඇරැඹුමක්. ‘මේ ලෝචනා අද ගොම කාලා ඉන්නේ’ කෙනෙකුගෙන් විහිළුවකි. හැම දෙනාගේම සහෝදරත්වයේ වදන් නිමක් නැත. නමුදු සියල්ලන්ගේ අභිප්‍රාය අභියෝග ජයගෙන ජයග්‍රහණයේ රන් කිරුළ තම හිස මත පැළඳ ගැනීමය. හෙට උදෑසන ඊට තවත් මඟ සාදනු ඇත. දැන් කූඩාරමට අඳුරය. මේ ගෙවෙන්නේ අධිෂ්ඨානයෙත්, ජයග්‍රහණයෙත් බලාපොරොත්තු පොදි බැඳ ගත් රාත්‍රියයි.
|