|
එනවා කිව්වට ආවේ නැත්තේ ඇයි?
තිරගත නොවූ චිත්‍රපට පෙළක් ගැන නිර්මාණකරුවන් කිහිපදෙනෙක්ගෙන් විමසමු
රැඟුම්පාලක මණ්ඩලය මඟින් අනුමත කොට තිරගත වීමට නියමිත චිත්‍රපට හතළිස් දෙකක් තවම තිරගත වී නැත. ඒ චිත්‍රපට තිරගත නොවූයේ ඇයි? නිර්මාණකරුවෝ විවිධ චෝදනා පවසති. එබැවින් අප කලක් තිස්සේ ක්ෂේත්‍රයේ සිටින එහෙත් මෑතක තමන්ගේ චිත්‍රපට පෝලිමේ තබා සිටින නිර්මාණකරුවන් කිහිප දෙනකුගෙන් ඒ ගැන විමසීමු. ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටේ ද සිනමා කර්මාන්තය මුහුණ දෙන ගැටළු එමටය. එහෙත් අපේ රටේ සිනමා කර්මාන්තය බොහෝ විට සිතා සිටිනුයේ ඒ ප්‍රශ්න මෙරට පමණක් බවය. එහෙත් ප්‍රශ්නය තිබෙනුයේ පොදු ප්‍රශ්න හඳුනා නොගැනීමය. නැතහොත් එදා වේල විසඳුම් ලබාදීමය. එම චිත්‍රපට හිමි නිර්මාණකරුවන්ට අප කෙටි ප්‍රශ්න කිහිපයක් යොමු කළෙමු. එය මණ්ඩලයකට බාර දුන්නාද? සහ ඇයි තිරගත වන්නට පමා වුණේ? ඇතුළු ප්‍රශ්න කිහිපයකි. බලමු ඔවුන් ඊට පිළිතරු සැපයුවේ කෙසේද කියා.
රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලද දිනය – 2005. 08. 03 අධ්‍යක්ෂණය ඩැනී ඩබ්ලිව්. පතිරණ.
පිළිකඩතුරාව මණ්ඩලයකට බාර දුන්නාද? නැහැ, තවම.
දැනට තියෙන මණ්ඩල තුනකට වෙන් කරනවා කියලා ආරංචියක් තිියෙනවා. ඒක එහෙම වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ හින්දා තවම මණ්ඩලයක් තෝර ගන්න බැරුව ඉන්නවා. චිත්‍රපටය ප්‍රදර්ශනයට ප්‍රමාද වුණේ ඒකද? ඒකත් ප්‍රබල හේතුවක්. ඊට අමතරව චිත්‍රපට ශාලාවල අර්බුදයක් තියෙනවා කවුරුත් දන්නවා ඇතිනෙ. ඒ ගැන වැඩි විස්තර කියමු? ඒක දන්න අය දන්නවා. අනික මේ ප්‍රශ්නය ගැන මෙහෙම කෙටියෙන් කතා කරලා බැහැ. වෙන දවසක දීර්ඝව සාකච්ඡා කරමු.
රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද දිනය – 2012. 02. 21 අධ්‍යක්ෂණය චන්න පෙරේරා
චිත්‍රපටය ප්‍රදර්ශනයට මණ්ඩලයක් ලැබුණාද? ඔව්. මේ වසරේ කල්පාන්තේ සිහිනයක් තිරගත වේවි.
නොයෙකුත් ගැටලු ආවා. ඒවා ගැන පසුව කතා කරමු. චිත්‍රපටය ළඟදී ඒවි. ඒ නිසා එහි සුබවාදී පැත්ත ගැන විතරයි මම හිතන්නේ.
චිත්‍රපටය – වීර්යා
අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සුනිල් අරුණ වීරසිරි
වීර්යා සඳහා මණ්ඩලයක් තේරා ගත්තද? තවම නැහැ. සංස්ථාවෙන් මණ්ඩලයක් ලබා දෙනතුරු මං ඉන්නේ. මෙච්චර කල්? චිත්‍රපටය තිරගත වන්නට පමා වන්නේ ඒකද? මේ ප්‍රශ්නෙදි මං කාටවත් දොස් කියන්නේ නැහැ. මං චිත්‍රපටය පෝලිමේ තියාගෙන නිසි දිනය එනකම් නිහඬව ඉන්නවා. මං කාටවත් බලපෑම් කරන්නේ නැහැ විර්යා ඉක්මනින් තිරගත කරන්න කියලා. නමුත් මට පසුව නිර්මාණය කළ චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය වුණා. ඒවා බහුතරයක් ඉතිහාස කතා ඇතුළත් චිත්‍රපට. වීර්යා කියන්නේ සරල රස වින්දනතාවයක් ඇති චිත්‍රපටයක්. අප රටේ එහෙම චිත්‍රපට බලන්නත් පිරිසක් ඉන්නවා කියලා වගකිවයුත්තෝ දැනගන්න ඕනෑ. නමුත් මගේ වාරය එනතුරු මං බලාගෙන ඉන්නවා. අද හෙට වීර්යා තිරගත වේවිද දන්නේ නැහැ. මේ සඳහා වැය කළේ මගේම මුදල්. මං ණයක් අරගෙන වීර්යා කළා නම් අද මට යන එන මං නැහැ.
රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද දිනය 2012. 11. 30 අධ්‍යක්ෂණය – කුසුම්චන්ද්‍ර ගමගේ
මණ්ඩල තුනකට චිත්‍රපටය පෙන්නුවා. ඒ ඔක්කොමලා චිත්‍රපටය ඉල්ලුවා. එහෙනම් තවම ආත්ම වර්ෂා තිරයට නොආවේ ඇයි? චිත්‍රපටයේ කොපි ටික හරියට ගහ ගන්න බැරි වුණා නිෂ්පාදකගේ ප්‍රශ්නයක් නිසා. දැන් ඒක විසඳිලා තියෙන්නේ. කොපි ප්‍රින්ට් කරපු ගමන් චිත්‍රපටය පෙන්වනවා.
චිත්‍රපටය – ඇද්දා ලනුව දැම්මා කොඩිය
චිත්‍රපටයට ලබා දී ඇත්තේ වාචික අවසරයක් පමණි. නමුත් සහතිකයක් නිකුත් කර නැත. නිෂ්පාදනය – එච්. එස්. පෙරේරා.
චිත්‍රපටය සඳහා රැඟුම් පාලක මණ්ඩයේ විධිමත් සහතිකයක් දුන්නේ නැත්තේ ඇයි? අපි රැඟුම් පාලක මණ්ඩලයට චිත්‍රපටය පෙන්නුවා. ඊට වාචිකව අවසරය ලැබුණා ප්‍රදර්ශනයට. නිකම් ප්‍රදර්ශනයට නෙවෙයි අසීමිත ප්‍රේක්ෂක ප්‍රදර්ශනයටයි අවසර ලැබුණේ. චිත්‍රපටය අපි පෙන්වන්න හිතාගෙන ඉන්නේ ඩිජිටල් මාධ්‍යයෙන්. එම ඩී. සී. පී. කොපිය තවම ඉන්දියාවේ ප්‍රින්ට් කරනවා. ඒ කොපිය තවම රැඟුම් පාලක මණ්ඩලයට පෙන්නුවේ නැහැ. ඒක ඉන්දියාවෙන් ගෙනාව ගමන් අපට ලිඛිතව අවසර ලැබේවි. චිත්‍රපටය ප්‍රදර්ශනයට පමා වුණේ ඒ හේතුවෙන්ද?
චිත්‍රපටය – ප්‍රවේගය
නිෂ්පාදනය – ආර්. සදේශ් කුමාර්.
චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඇයි ප්‍රවේගය තිරයට නාවේ? අපිට එක්තරා මණ්ඩලයක් ලැබුණා. ප්‍රදර්ශනයට දින පවා අපි කතා කර ගත්තා. නමුත් වෙනත් චිත්‍රපටයක් සඳහා ඔවුන් අපේ චිත්‍රපටය අයින් කරලා ඊට ඉඩ දුන්නා. මට මේ වෙච්ච අසාධාරණය නිසා මං ඒ මණ්ඩලයෙන් චිත්‍රපටය ඉවත් කර ගත්තා. දැන් ප්‍රවේගය වෙන මණ්ඩලයකට බාර දීලයි තියෙන්නේ. ළඟදීම එය තිරයට ඒවි.
|