|
බොරුකාරයන්ට රැවටුණ මම අද හරිම ශක්තිමත්
රාජාංගනය නම් ඈත පිටිසර ගමක ඉඳල නළුවෙක් වෙන්න තිබූ අසීමිත ආශාව නිසාම ඔහු කොළඹට
පැමිණියා. එහෙත් ඔහුට සිදු වූයේ නළුවකුවීමේ ප්‍රථම
* නළුවෙක් වෙන්න කොළඹ ආපු ඔබට මොකද වුණේ? බොරුකාරයන්ට මම අහුවුණා. මම විතරක් නෙමේ, මම වගේ ගොඩක් දෙනෙක් ඔහුගේ බොරුවට රැවටුණා.
* එතකොට නළුකම එපා වුණාද? නෑ. මගේ හිත තවත් ශක්තිමත් වුණා.
* එදා සහ අද ගැන මොකද හිතෙන්නේ? එදා මම බොරුකාරයන්ට රැවටුණාට අද මම රැවටෙන්නේ නෑ. අද මම නළුවෙක් විදිහට පොඩි තැනක හරි ඉන්නවා. ඒ ගැන මට සතුටුයි. නමුත් මම ක්ෂේත්‍රයේ තව ගොඩක් දුර යන්න ඕනෑ.
* ඔබේ පළමු රංගනය චිත්‍රපටයකින්ම ඇරැඹුණා නේද? ඔව්. විජය කුවේණි චිත්‍රපටය. එහි සෙබලකුගේ චරිතයක් මම කළා.
* ඊට පස්සේ? සිරි දළදාගමනය චිත්‍රපටයේ රඟපෑවා. ඒ වගේම සූරියබානු ටෙලි නාට්‍යය, අධි වේගයෙන් ඇවිත් යන්න ඒකාංගික නාට්‍යය, අත්තම්මා පෝය නාට්‍යය, රවුන්ටවුම මෙගා නාට්‍යය යනාදී නාට්‍යවලට රංගනයෙන් දායක වුණා.
* ඔබට ලැබුණේ එකම චරිත නේද? ඔව්.
* වෙනස් චරිතවලට කැමතිද? ඔව්. මම ආසාවෙන් ඉන්නවා පෙම්වතෙකුගේ චරිතයකට. අඳ ගොළු බිහිරි චරිතයකට. ඒ වගේම ලැබෙන ඕනෑම චරිතයක් ආසාවෙන් කරන්න මම කැමැතියි.
* රංගනය ඇරුණාම ඔබ මොකද කරන්නේ? මම නිෂ්පාදකවරයෙක් වශයෙනුත් කලාවට සම්බන්ධ වෙනවා.
* නිෂ්පාදකවරයෙකු ලෙස ඔබ දායක වූ නිර්මාණ මොනවාද? අත්තම්මා ඒකාංගික නාට්‍යයේ සහ ඒකාංගික නාට්‍යවලට නිෂ්පාදකවරයකු ලෙස දායක වෙනවා.
* මොනවද ඉදිරි කලා කටයුතු? ඩික්ෂන් ෆොන්සේකාගේ සත් හිරු පාය කියන අළුත්ම මෙගා ටෙලි නාට්‍යයට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.
* ඔබ ක්ෂේත්‍රය ටිකක් හඳුනනවා. මොකද ඒ ගැන හිතන්නේ? මෙහෙමයි, අද ගොඩක් ඉන්නේ බොරු රැවටිලිකාරයෝ. මුදල් වියදම් කරන්න පුළුවන් අයට විතරක් නළුවෝ නිළියෝ වෙන්න පුළුවන්. සමහර නළුවන්ට බයික් එකක්වත් පදින්න බෑ. ඒ වුණාට රූපවාහිනි තිරය ඉදිරියේ ඔවුන් හොඳ නළුවෝ. ඇත්තටම අද දක්ෂයින්ට වඩා මුදල්වලට මුල් තැන දෙන කලාවක් බිහි වෙමින් තියෙන්නේ. ඒ වුණාට මේ අතරේ හොඳ නිර්මාණත් තියෙනවා.
* ඔබ රඟපෑම රැකියාව ලෙස කරගෙන යනවද? නැහැ. මම රඟපාන්නේ ආත්ම තෘප්තිය උදෙසායි. ඒ වගේම රංගනයෙන් ඉදිරියට යන්නටත් බලාපොරොත්තු වෙනවා.
* ඔබේ ලිපිනය? රොෂාන් රාජසිංහ , රාජාංගනය, වම් ඉවුර, යාය තුන, සෝලේපුර.
|