|
දැන් මට රඟපෑමට ආරාධනා නෑපියසීලී හේමලතා සුරවීර
ඇය පියසීලී හේමලතා සුරවීරය. ඇයගේ මතකය දිව යන්නේ 1976 වසර දක්වාය. ඒ සයිිමන් නවගත්තේගම ශූරීන්ගේ ස්ත්‍රී වේදිකා නාට්‍යයේ මැහැල්ලකගේ චරිතය නිරූපනය කරමින් සිය කලා දිවිය ඇරැඹීමය. මේ ඇය සමඟ වූ පිළිසඳරකි.
* ඔබ දැන් රංගනනෙයන් සමුගෙනද? නැහැ. මට ආරාධනා ලැබෙන්නේ නෑ. මේකට හේතුව තමයි මම ඈත ප්‍රදේශයක ජීවත්වීම. ඒ නිසා කලා කටයුත්තකටවත් එන්න කාලයක් නැහැ.
* ගෙදරට වෙලා පාළුවේ කාලේ ගෙවනවා නේද? මම නිවසට වෙලා ඉන්න එක පාළුයි. ඒත් මම ඒ තනිකම මකා ගන්නේ කවි ලියලා. දැන් මගේ කාලෙන් වැඩි හරියක්ම වැය කරන්නේ කවි ලියන්න.
* ඔබ මොනවද ලියපු කවි පොත්? කවිය ඔබ මගේ තනියට නමින් කවි පොතක් කළා. ඒකේ දෙවැනි මුද්‍රණයත් මම කළා. කුරුළු පැටව්, අපේ සතුරෝ නමින් ළමා පොත් ලිව්වා. මම ගුවන් විදුලියට හැට ගණන්වල ඉඳලම කවි ලියනවා.
* මේ කවි ඇගයීමට ලක් වුණාද? ඔව්. 2013 කලා භූෂණ සම්මානය මම ලැබුවා. 2007 රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් මට හිමි වුණා.
* දිගටම ලේඛන කටයුතුවල නිරත වෙන්න ද බලාපොරොත්තුව? නැහැ. කලා නිර්මාණවලට ආරාධනා ලැබුණොත් සහභාගි වෙනවා. ඒ ඇරුනම ලිවීමට කාලය වැය කරනවා. මට කවි සින්දු ලියන්න හොඳ පරිසරයක් නැහැ. ඒ නිසාම මම කලකිරිල ඉන්නේ. මම ජීවත් වෙන පරිසරය ලියන්න සුදුසු පරිසරයක් නොවේ. නිර්මාණ කරන්න නිදහස් මනසක් තියෙන්න ඕනෑ. ඒත් මට ඒ නිදහස නැති නිසා ඇත්තටම මම කලකිරිලා ඉන්නේ.
* ඔබ නර්ථන ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරනවා නේද? ඔව්. මම ඉන්ටලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වෙලා ආබාධිත දරුවන් සතුටු කරවන්න සහභාගි වෙනවා. මම මේ හැම කටයුත්තකටම සහභාගි වෙන්නේ මුදල් බලාගෙන නෙමෙයි. ආත්ම තෘප්තිය උදොස තමයි මම මේ දේවල් කරන්නේ.
* මොනවද ඉදිරියේදී ලේඛන පැත්තෙන් කරන්න තිබෙන වැඩ? මම කවි පන්දහසක් පමණ ලියලා තිබෙනවා. ඒ ඔක්කොම එකතු කරලා කවි පොතක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට කලින් මට නිදහසේ නිර්මාණ කරන්න තැනක් ලැබෙනවා නම් ලොකු පිනක්. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න කියලා ඉල්ලනවා.
* ඔබගේ ලිපිනය? ගිමන, සපුගහවත්ත, දොඩංගොඩ, කළුතර දකුණ.
|