|
තවත් නළුවකුට අතවර චෝදනා
හතළිස් හැවිරිදි ඉන්ද කුමාර් සිය ළාබාල පෙම්වතිය දෙදිනක් තම කුටියේ තබා ගනිමින් ඇයට අතවර කර ඇත්තේ සිවුපා සතකුටවත් තරම් නොවන පරිදිය. ඔහු ඇයගේ සිරුර සිගරට් කොටවලින් පුළුස්සා ඇත. බියර් බෝතලයකින් පහර දී තිබේ. මෙසේ කර ඇත්තේ සිනමාපටයක චරිතයකට පෙර පුහුණුවක් ලබා දෙන බව පවසමිනි. කෙසේ හෝ ඇය අන්දෙරිවල පිහිටි ඔහුගේ නිවෙසින් පලා ගොස් පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන්ද කුමාර් විවාහකයකු වුව ද, ඔහු සමඟ ජීවත්වීම අසීරු නිසා බිරිය ජීවත් වන්නේ වෙනමය. එහෙත් මේ ප්‍රශ්නයේදී ඇය ගෙන ඇත්තේ සැමියාගේ පැත්තයි. සැමියා නිර්දෝෂී බවත්, මෙය උගුලක් බවත් පොලිසියට ඇය පවසා ඇත්තේ ඉන්ද කුමාර් සමඟම ගොසිනි. ඉන්ද කුමාර්ගේ නීතිඥයා පවසා ඇත්තේ දෙදෙනා අතර කිසිදු අඬ දබරයක් නොමැති බවයි. කවුරුන් කුමන දේ පැවසුව ද ඉන්ද කුමාර් දැන් සිටින්නේ පොලිස් අත් අඩංගුවේය. මේ සැබෑ දුෂ්ටයා අවසන් වරට තිරයෙන් දක්නට ලැබී තිබෙන්නේ සල්මන් ඛාන්ගේ ‘වෝන්ටඩ්’ සිනමාපටයෙනි. විසි තුන් හැවිරිදි තරුණියට තිරයේ ප්‍රධාන චරිතයක් ලබා දෙන බව පවසමින් ඔහු කළ අපරාධයට දුෂ්ටම නළුවාගෙන් පවා සමාවක් නම් නොලැබෙනු ඇත. ‘මා තුජේ සලාම්’, ‘බාගී’, ‘කිලෝඩියන් කා කිලාඩි’, ‘මාසූම්’, ‘හත්යාර්’ ඉන්ද කුමාර් රඟපා ඇති සිනමාපට කිහිපයකි.
|