නිකිණි වැස්ස 01 දා හිරු නාළිකාවේ
නිකිණි වැස්ස 01 දා හිරු නාළිකාවේ

අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ සම්මානනීය සිනමාපටය නිකිණි වැස්ස මෙම මස පළමු වැනිදා
එනම් අද දහවල් 12 ට හිරු නාළිකාවේ විකාශය වේ. චාන්දනී සෙනෙවිරත්න, ලක්ෂ්මන්
මෙන්ඩිස්, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, සුලෝචනා වීරසිංහ, තුමිඳු දොඩම්තැන්න, කුමාර
තිරිමාදුර ආදී පිරිස මෙහි චරිත මැවූහ. නිකිණි වැස්ස වෛද්‍ය කුසුම්සිරි ද සිල්වාගේ
නිෂ්පාදනයකි. මෙය රූපවාහිනියකින් විකාශය වන පළමු අවස්ථාව මෙය වේ.
|