|
මගෙ හිත තෙමා ඉගිලී ගියත් හැර දමා
- පණ්ඩුක මහානාම
මේ ගීය ගයන්නේ නව පරපුරේ ගායන ශිල්පියකු වන පණ්ඩුක මහනාමයි. අද වන විට ‘මගෙ හිත තෙමා’ ඉහළ ජනප්‍රියත්වයක් විඳිමින් ගුවන් විදුලි නාලිකාවල නිතර ප්‍රචාරය වන ගීතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි රූප රචනාවත් රූපාවාහිනී නාලිකා කිහිපයකම විකාශය වන හින්දා ගීතය තරමටම පණ්ඩුකත් සංගීත ලෝලීන් අතරේ ජනප්‍රිය වෙලා තියෙනවා. මේ හින්දම අප පණ්ඩුකව ඔබට හඳුන්වා දෙන ගමන්ම මේ ගීතය හැදුණු හැටි පිළිබඳත් කතා කරන්න හිතුවා. මගේ හිත තෙමා විරහ ගීතයක් නිසා මේක පණ්ඩුකගේ අත්දැකීමක්දෝ කියලා මටත් හිතුණා. ඒ ගැන පළමුව කියන ගමන්ම පණ්ඩුක මෙන්න මෙහෙම කතාව ආරම්භ කළා. ඇත්තටම අයියේ ඔයා ඇහැව්වා වගේ මගෙන් හැමෝම අහනවා මේක මගේ පුද්ගලික ජීවිතයේ කතාවක් ද කියලා. මොකද වීඩියෝ එකෙත් ඉන්නේ මමනෙ. මම ඒ ගැන වැඩිදුර කතා කරන්නේ නැහැ. විරහව අපි හැමෝගෙම ජීවිතවල තියනවානෙ නේද.
කවුද මේ ගීය ඔබට නිර්මාණය කරලා දුන්නේ? සචිත් වී. චතුරංග තමයි ගීතය ලිව්වේ. සංගීතය සංගීත් ඉද්දමල්්ගොඩගේ.
මෙය ඔබට සිතැඟි පරිදි නිර්මාණය වූවක්ද? ඒ කිව්වේ ඔබගේ සිතෙහි ඇති අදහස කියලා ලියවා ගත්ත එකක් ද? ඔන්න ඉතින් ආයෙත් අයියා පළමු ප්‍රශ්නයෙම කොටසක්නෙ ඇහැව්වේ. හරි මං මෙහෙම කියන්නම්කො. මේ දවස්වල විරහ ගීත රැල්ලක් යනවනෙ. මටත් හිතුණා එවන් ගීතයක් කරන්න. මං අදහස කියලා ලියව ගත්තා.
ඒ කියන්නේ ඔබත් රැල්ලට යන ගායකයෙක්? එහෙම කියන්නත් අමාරුයි. ගුවන් විදුලි නාලිකාවල වැඩිපුර ප්ලේ කරන්නේ විරහ ගීතනෙ. විරහ ගීත රැල්ල අද ඊයේ ආපු එකක් නෙවෙයි. ඉස්සර ඉඳලම විරහ ගීත තිබුණා. සංගීත ශෛලිය විතරයි වෙනස්. මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීතවලින් සියයට අනූවක්ම විරහ ගීතනේ.
පණ්ඩුකගේ සංගීත ගමන් මඟ ඇරැඹෙන්නේ කොහොමද?
ඒක හිතුවට වඩා ජනප්‍රිය වුණා? ඇත්තමයි. මාත් හිතුවේ නැහැ මගෙ හිත තෙමා මෙතරම් ජනප්‍රිය වෙයි කියලා. ගමේ මට තියෙන පිළිගැනීමත් වැඩි වුණා මේ ගීතය නිසා. කෙටියෙන්ම කිව්වොත් බස් එකකවත් නැගලා යන්න බැහැ. ගොඩක් අය සිංදුව ගැන අහනවා. විශේෂයෙන් තරුණ තරුණියෝ.
ඔබ දැන් වෘත්තීය සංගීත ශිල්පියෙක්ද? නැහැ. මං රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නියැලෙන කෙනෙක්. ඊට අමතරව මගේම සංගීත කණ්ඩායමක් තියෙනවා.
අද බොහෝ දෙනා වානිජ පරමාර්ථයෙන් ගීත කියන්නේ? ඔබ?
මෙහි රූප රචනාව ගැනත් බොහෝ දෙනා කතා කරනවා. කවුද එය නිර්මාණය කළේ. ලකී රූප කියලා ආයතනයකින් හැදුවේ. ඔවුන් ගොඩක් මහන්සි වුණා මෙයට හොඳම තත්ත්වයේ රූප රචනාවක් කරන්න. අපි පැය විසි හතරක් එක දිගට ෂූට් කළා. හරිම මහන්සියක් දැනුණේ මට එදා. ගෙදර ඇවිත් කළේ අර පැය විසි හතරට හරි යන්න පැය හතළිස් අටක් නිදාගත්තු එක.
ඔබේ ඊළඟ නිර්මාණය ගැන කතා කරමින්ම මේ සංවාදය අවසන් කරමු? තෙවැනි ගීතයත් ආදරය ගැනම තමයි නිර්මාණය වන්නේ. ලබන වසරේ මැද විතර එය මාධ්‍යයට නිකුත් කරනවා. මේ පණ්ඩුකගේ දුරකතන අංකයයි 0777910445
පණ්ඩුකගේ මගෙ හිත තෙමා ගීතයේ සම්පූර්ණ පදමාලාව:
මගෙ හිත තෙමා
ඒ කාලෙ ආවෙ හමු වන්නේ නෑ
ආදරේ මුසුකරලා ජීවිතේ රස කරවා
රළු හිතේ දුක පුරවා
|