|
නන්දා, සුනිල්, රෝහණ ප්‍රධානත්වයෙන් ආදරණීය කතාවක් ඇරඹේධර්මසිරි ගමගේ පුත් චමින්ද නිෂ්පාදනයටපී. එල්. ඒ. - චිත්‍රා පුත් චිත්‍රාල් ගායනයට
මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ සහ නන්දා මාලනියගේ ප්‍රධානත්වයෙන්
මෙම මස 06 වැනිදා රාජගිරිය සවරින් හෝටල් පරිශ්‍රයේ දී සිනමා කෘතියක මුහුරත් උළෙලක්
පැවැත්වීමට නියමිතය. ඒ පි‍්‍රයන්ත කොළඹගේ ගේ අරුමෝසම් වැහි සිනමාපටයෙන් අනතුරු නැසීගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ ගේ පුතු චමින්ද ගමගේ මෙමඟින් නිෂ්පාදකවරයකු වශයෙන් කලඑළියට පැමිණෙයි. ජනපි‍්‍රය ගීත රැසක් නිර්මාණය කළ උදාර සමරවීර සිනමා සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ ‘ආදරණීය කතාවක්’ සමඟිනි. පී. එල්. ඒ. සෝමපාල, චිත්‍රා සෝමපාල පුතු චිත්‍රාල් සෝමපාල (චිටි) පළමු වරට සිනමා ගායනයට එක්වන මෙහි ඔහු සමඟ කසුන් කල්හාර, අමල් පෙරේරා, උරේෂා රවිහාරි හඬ මුසු කරයි. පි‍්‍රයන්ත කොළඹගේ ගේ කතා සංකල්පයට ඔහු සහ රුවනි චාමිකා තිර රචනයට දායක වෙයි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්‍ෂවරයාය, නලීන් ප්‍රේමතිලකගේ අංග රචනයකි. මංජුල අයගම කලා අධ්‍යක්‍ෂවරයාය. පුෂ්ප කුමාර රාජගුරු කැමරාව මෙහෙයවනු ලබයි. නිලාර් එන්. කාසිම්, උපුල් ශාන්ත සන්නස්ගල, පි‍්‍රයන්ත කොළඹගේ සහ චමින්ද ගමගේ මෙහි ගීත රචකයෝය. ආදරණීය කතාවක් චමින්ද සමඟ පි‍්‍රයන්ත කොළඹගේ ද නිෂ්පාදනයෙන් එක්වෙයි.
|