|
මා සාර්ථක යැයි හිතෙන්නේ දරුවා රටට වැඩදායක නම් පමණයිකෞෂල්යා වික්‍රමසිංහ
හිතේ තැතිගැම්මකුත් එක්ක කෞෂි සිරස කාර්යාලයට පැමිණෙන්නේ කුතුහලයකිනි. රුව වගේම ආකර්ෂණීය මිහිරි කටහඬ ගැළපෙන බව ඔහුට දැනුණේ කෞෂල්‍යා සමඟ කළ පළමු සම්මුඛ පර්යේෂණයෙන්ම. ඉන් පසුව කෞෂී මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න සිතාගෙන ඒ සඳහා මුල පිරුවේ ඉතාම ආසාවෙන්. ඒ දිවි මං තලාවේ අපූර්වත්වය සොයා ගෙන මා පියවර එස වූ දිනයේ ඈ සමීප ලෙසින් කතාබහට එක් වුණා.
ඇත්තටම කෞෂි ඔයා මේ ක්ෂේත්‍රයට පැමිණියේ අහම්බෙන් වුණත් දැන් ජනප්‍රිය නිවේදිකාවක්. ඒ ගැන හිතෙන්නේ මොකක්ද? මට මෙවැනි අවස්ථාවක් ලැබෙන්න මගේ කථිකත්වය වගේම ඉදිරිපත් කිරීමේ ස්වභාවයත්, වාසනාවත් හේතු වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මම ඕනෑම කෙනෙක් සමඟ කතා කරන්නේ ඉතාම ලෙන්ගතුව, සමීපව, හදවතින්ම. ඒ ගුණය මගේ නිවේදන හැකියාව සාර්ථක වෙන්න හේතු වුණා කියලා මට හිතෙනවා. මට මේ නිවේදන ක්ෂේත්‍රයට ඇවිත් සති කිහිපයකදී ලැබුණු අත්දැකීමකින් මට ඒ බව හැඟුණා. මට මතකයි මම මුලින්ම කළේ සිරස ‘චමත්කාර’ වැඩසටහන. මම ඇවිත් සතියකින් මට සජීවීව ‘සුබාසිරි’ වැඩ සටහනක් කරන්න සිදු වුණා. මම ජීවිතේට එවැනි අත්දැකීමක් තිබුණේ නැහැ. වැඩසටහන තිබුණේ නුවර කැන්ඩි සිටි ශාලාවේ. සෙනඟ දහස් ගණනක් පිරී ගිහින්. මම වේදිකාවට නැග්ගේ පුදුම සබකෝලයෙන්. මයික් එක අතට ගත්තට සෙනඟ දැක්කම සියලු දේ අමතක වෙලා ගියා. ඇත්තටම මගේ අත්දෙක වෙව්ලනවා. ඒත් උත්සවය අතහැරියේ නැහැ. වැරැදි වැරැදී වැඩසටහන කරගෙන ගියා. මම එදා ඒ අත්දැකීමෙන් බොහෝ දේ වැටහුණා. මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය කරා යන්න පුළුවන් එවැනි අත්දැකීම්වලින් බව. කවදාවත් අපට මෙවැනි දේ පොත්වලින් ඉගෙනගෙන පාඨමාලා කරලා කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ . . . කතා කිරීමේ හැකියාව අපේ ඇඟේම තියෙන්න ඕනේ. විශේෂයෙන් නිවේදනයේදී අපේ ප්‍රියමනාප බව, රූපයත් ඒකට බලපානවා.
ඔබ මේ වැඩසටහන් දෙකට අමතරව තවත් නිවේදන කටයුතු කළ වැඩසටහන් තියෙනවා නේද?
ඔව්. මම හරිම ආසාවෙන් කළ වැඩසටහන තමයි දෙරණ නාලිකාවේ ‘සක්සස් ලේඩ්ස් විත් කෞෂි’
කියන අලුත්ම වැඩසටහන. මේ වැඩසටහනේදී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවලින් සාර්ථකත්වය ලබපු
කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සමඟ සාකච්ඡා පවත්වන්න අවස්ථාව ලැබුණා. මාලිනී ෆොන්සේකා,
පද්මා වෑත්තෑව, චාන්දනී බණ්ඩාර, සුසන්තිකා, ශාන්තිනී කොන්ගහගේ, සෝමා එදිරිසිංහ,
අනූෂා ගෝකුල, මහාචාර්ය කුසුමා කරුණාරත්න වැනි ක්ෂේත්‍ර රැසක අය මේ වැඩසටහනේදී සමීපව
සම්බන්ධ වුණා. තවත් වැඩසටහනක් පටන් ගන්න මම දැන් සූදානමින් ඉන්නේ. ඒ වැඩසටහන
හොඳින්ම ජනප්‍රිය වෙයි කියලා මම හිතනවා. මොකද මම මෙතෙක් කරපු වැඩසටහන්වලින් ලබපු
අත්දැකීම් සියල්ලම ප්‍රයෝජනයට
එතකොට කෞෂි ඔබ දැන් ව්‍යාපාර ක්ෂේත්‍රයටත් යොමුවෙලා සිටිනවානේ. ඇත්තටම ඔබගේ ව්‍යාපාරය කුමක්ද? මම අධ්‍යාපනය ලැබුවේ Royal Institute එකේනේ. උසස් පෙළ අවසන් කළාට පසු මම Fashion Design පාඨමාලාවක් කළා. අපේ පවුලේ අයියලා දෙන්නයි මමයි ඉන්නේ. මම ඉතින් පවුලේ බඩපිස්සි නිසා කවුරුත් ආදරෙයි. මට හිතුණා මගේම ව්‍යාපාරයක් කරන්න. මම මුලින්ම ගෙදරම මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය කරන්න පටන් ගත්තා. මටම හිතාගන්න බැරි තරමට ඒ නිර්මාණ හරිම ජනප්‍රිය වුණා. මම ලොකුª ප්‍රචාරයක් කළේ නැහැ. අන්තර් ජාලය හරහා මගේ නිර්මාණ ප්‍රසිද්ධ කළේ. මටම හිතාගන්න බැහැ. දවසක් මගේ ඉඩධඹ අධධථ එකට නෝර්වීජියානු යුවතියක් ආවා. ඇය කියනවා ඇය මගේ ඇඳුම් නිර්මාණයක් දැකලා ඒ ඇඳුම ඇගේ මංගල උත්සවයට මහන්න හිතාගෙනලු ලංකාවට ආවේ. දැනගෙන තියෙන්නේ අන්තර් ජාලයෙන්. මටම පුදුමයි කොහොමද මගේ විස්තර දැන ගත්තේ කියන එක.
ඒ වගේම ඔබ තවත් ව්‍යාපාරික කටයුත්තක නියැලෙනවා නේද? ඔව්. මම නුගේගොඩ නාවල පාරේ රූපලාවණ්‍ය සත්කාරක ආයතනයක් පටන් ගත්තා. ඒ ස්ථානයේ දේශීය ක්‍රමයට කාන්තාවන් සඳහා රූපලාවණ්‍ය සත්කාරක සේවාවක් සපයනවා. මෙය රජයේ ලියාපදිංචිය ලබපු කාන්තාවන්ට පමණක් ප්‍රතිකාර ලබා දෙන ස්ථානයක්. මෙයට අමතරව මම ව්ව්ර්‍ණ රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයේ වෙළෙඳ සන්නම නාම තානාපතිනිය ලෙසත් කටයුතු කරනවා. මේ සියලු දේ හරහා මම උත්සාහ කරන්නේ මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා මට හැකි පමණින් දායකත්වයක් ලබා දෙන්න. ඒ සඳහා මගේ සැමියා ධම්මික වික්‍රමසිංහ සැම විටම මට විශාල ශක්තියක් වෙනවා.
ඒ ගැන නම් මටත් පුදුම හිතෙනවා. අපට දැන් පුංචි සුරතලෙකුත් ඉන්නවා. මගේ මේ මොන දේ තිබුණත් මම මුල්තැන දෙන්නේ ඒ දරුවා වෙනුවෙන්. මම හිතන්නේ මගේ මේ සියලු දෙයකම සාර්ථකත්වය දකින්න පුළුවන් වෙන්නේ දරුවා රටට වැඩදායක වුණොත් විතරයි. ඒ නිසා මොන වැඩ තිබුණත් දරුවාගේ කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ මගේ අතින්. ඒ වගේම මගේ සැමියා ජාතික ඒකාබද්ධතා සම්මේලනයේ විධායක අධ්‍යක්ෂවරයෙක්. ඔහු හරිම කාර්යයබහුලයි. ඒ නිසා ඔහුගේ කටයුතුවලටත් සහයෝගය දක්වමින් අපේ කටයුතු සිදු කරගෙන යනවා. කෞෂි ඔබගේ දයාබර ළෙන්ගතු ආදරණීය රසික පිරිස කැමැත්තෙන් ඇති ඔබගේ මේ සියලු දෙයට සුබ පතන්න. ඒ සඳහා ඔබගේ දුරකතන අංකය සටහන් කළොත් . . . . ඔව් මගේ අංකය 077-0369477. ලිපිනය – 64/7/ඒ, නාවල පාර, නුගේගොඩ. |