|
මත්ද්‍රව්‍ය බිලි ගත් කැසන්ඩ්‍රා
තාරුණ්‍යයේ උපරිම සුන්දරත්වය විඳීමින් සිටි තවත් සුකුමාලියක් මත් රකුසා බිලි ගත්තේය. ඇය තිස් හතර හැවිරිදි කැසන්ඩ්‍රා ලින් හෙන්ස්ලිය. ප්ලේ බෝයි රසිකයන් අතර කැසන්ඩ්‍රා ඉතාමත් ජනප්‍රිය චරිතයක් වූවාය.
දෙදෙනාම එක හා සමානවම මත්ද්‍රව්‍ය රැගෙන නිවෙසට පැමිණ ඇති අතර, ඡායාරූප ශිල්පියා පැය කිහිපයකට පසු අවදි වී තිබේ. කැසන්ඩ්‍රා මියගොස් ඇති බව දැනගෙන ඇත්තේ එවිටයි. පාසල් වියේ සිටම කැසන්ඩ්‍රාට හොඳ චරිත සහතිකයක් නැත. ඇයගේ හැසිරීම නිසා පාසල් ගණනාවකින්ම ඇය පන්නා දමා තිබේ. ‘2006 පෙබරවාරි රැජන’ වූ පසු මෝස්තර නිරූපිකාවක් ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹූ ඇය ඉතා මෑතකදී ෆිලඩෙල්ෆියාවේ මෙට්‍රො පොලිස් නයිට් සඟරාව මඟින් ‘මාසයේ දිව්‍ය කුමරිය’ ලෙසින් ද නම් කළාය. ‘සමනලිය’ ඇයට දී තිබූ සුරතල් නාමයයි. කැසන්ඩ්‍රාගේ සිරුරේ සමනලුන් පස් දෙනකුගේ ටැටූ කොටා තිබීම එයට හේතුවයි. ඇය මෑතකදී යතුරු පැදියක් මිල දී ගෙන ඇති අතර, මිය යාමට ආසන්න දින කිහිපයේ එය පදවන්නට පුරුදුවෙමින් සිට තිබේ. අඩි පහක් සහ අඟල් පහක් උස ඇයගේ ජීව දත්ත, තවමත් ප්ලේ බෝයි ලේඛන ගබඩාවේ ඇත. එහි කැසන්ඩ්‍රා, පෙබරවාරි මාසය ප්‍රියතම මාසය ලෙස සඳහන්කර තිබූ අතර, තමන් බලාපොරොත්තු නැති ආදරයක් පවත්වන්නියක් ලෙස ද නම්කර තිබිණි. ‘ආදරවන්තයන්ගේ දිනයට, පැණි රස කෑමට’ කතා කරන හදවත්වලට මං කැමැතියි.’ ඇය වෙබ් අඩවියේ සඳහන්කර තිබිණි. ඇය තම කේන්දරයට අනුව වෙබ් අඩවිය යාවත්කාලීන කළ අතර, මියගිය දවසේ ද ඇයගේ පණිවුඩයක් වෙබ් අඩවියේ සඳහන් වී ඇත.
|