|
රෑ කෑමට ලක්ෂ දෙකක්
දකුණු මූම්බායි හෝටලයක පැවති මේ සාදයේදී නිරන්තරයෙන්ම ආහාරපාන සපයන ලදී. මත්පැන් සැපයුම ද ඒ හා සමාන විය. උතුරා යන හිතේ සතුට නිසා පොකැට්ටුවට කෙතරම් තට්ටු වුණත් රන්වීර්ට එය දැනී නැත. දීපිකා හා රන්වීර් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වීමට මුලින්ම අදහසක් පහළ වී තිබෙන්නේ සංජේ ලීලා බන්සාලිටයි. එහෙත් ඊට පෙර රන්වීර්ගේ ආදර සිත ඉක්මන් වී තිබේ. ‘රාම් ලීලා’ ආරම්භක සති අන්තයේදී කෝටි 50 කට වැඩි ආදායමක් උපයා ඇත. මෙගාස්ටාර් අමිතාබ් බච්චන් සිනමාපටය නරඹා කෙතරම් සතුටක් ලැබුවා ද කිවහොත් සිනමාපටයේ කණ්ඩායමට මල් කලඹක් සහ සිය අත් අකුරින් ප්‍රශංසාකර ලිපියක් ඔහු දීපිකා වෙත එවා තිබේ. රාම්, ලීලා පෙම්වතුන්ට සේම රාම් – ලීලා සිනමාපටයටත් දහසක් බාධා එල්ල විය. උත්තරීතර රාම් දෙවියන්ට ඉන් අපහාසයක් සිදුවන බව පැවසූ අන්තවාදීහු සිනමාපටයට එරෙහිව උද්ඝෝෂණ පවා පැවැත් වූහ. අලහබාද් ඉහළ උසාවිය මඟින් සිනමාපටය උත්තර් ප්‍රදේශයේ පෙන්වීම තහනම් කරන ලදී. මේ කිසිවක් එහි සාර්ථකත්වයට බාධාවක් නොවීය.
|