|
බිනරි දැන් ජනපි‍්‍රයයි මෙන්න හිරුණි ශෂිකලා
බිනරි, මේ යන්නේ තමන්ගේ අලුත් නවාතැන සෙලෙස්තිනාගේ නිවෙස සොයාගෙනයි. පටු කැලෑ පාරකින් ගමන් ගන්නා ‘බිනරිට’ හමුවන්නේ ගමේ කා අතරත් හිත් ගත් කවට අන්දරේ මෙන් වූ පිනායි. මේ ‘බිනරි’ සිටින්නේ අන් කොහෙවත් නොව ‘කෝරලේ මහත්තය’ ටෙලි නාට්‍යයෙයි. බිනරිට මනා ලෙස රූපමය ජීවය ලබා දෙන ‘හිරුණි ශෂිකලා ජයනෙන්ති’ පසුගියදා සරසවියට පැමිණියා. මේ ඈ සමඟ කළ පුංචි කතා බහයි. කොහොමද? මීට අවුරුදු දෙකකට ඉස්සර සරසවියට මම ආවා වගේම මගේ අලුත් තොරතුරු සරසවියට කියන්න හිතුණා. ඒකයි අද සරසවියට ආවේ. බිනරිට ලැබෙන ප්‍රතිචාර කොහොමද? සෙලෙස්තිනා හා පිනාට මැදි වෙලා. ඒ ගමේ ගෙවන ජීවිතය බිනරිට හරිම පහසුයි. පද්මසිරි කොඩිකාර මහත්මයා ඇතුළු කෝරලේ මහත්තයා නිෂ්පාදන පිරිවර ලබා දුන් සහයෝගය නිසා ඒ බිනරිට යම් සාධාරණයක් කරන්න පුළුවන් වුණා. කොහොමද පාර තොටේදී ලැබෙන ප්‍රතිචාර? පබා, සවීණා, යකඩ පහන් තිර, වීදුරු මලක්, ඉතිං ඊට පස්සෙ, වැස්ස නුඹ වගේ, සිහින පුරය, යර්ස් මැඩම්, පබළු සේල වගේ ටෙලි නාට්‍යවල රඟපෑවත් ජන රසිකයන්ට මතක හිටින චරිතයක් වුණේ බිනරියි. හැබැයි සැබෑ ජීවිතයේදී බිනරිගේ හැසිරීම් නෙමේනේ මට තියෙන්නේ. බොහෝ අය මට කතා කරනවා නමුත් සැබෑ ජීවිතයේදී ගොඩාක් අයට මාව හඳුනා ගන්න අමාරුයි.
ඔව්, එතුමයි මෙතුමයි, සෙනසුරු මාරුව වගේ චිත්‍රපට කිහිපයක රඟපාල තියෙනවා. ක්ෂේත්‍රයේ අයගෙන් උදව් තියෙනවද? මම බොහෝ අය සමඟ මිත්‍රශීලීයි. ඒ නිසා මට තරහා අය කවුරුත් නැහැ. සුරේශ් කුමාරසිංහ, පද්මසිරි කොඩිකාර වගේ බොහෝ දෙනෙක් මට උදවුකරලා තියෙනවා. ඒ වගේම සරසවිය පත්තරෙන් තමයි මගේ මුල්ම ලිපියත් පළ වුණේ. ඒ මීට අවුරුදු දෙකකට පෙර. අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ....? මගේ රඟපෑම් බලලා මට ප්‍රතිචාර දක්වන රසික රසිකාවන්ටත්, මට මේ තැනට එන්න උදවු කළ හැමෝටමත් ස්තුතියි කියන එක තමයි ඉතින්.
|