|
ඈෂ් ද? ජයා ද? අභිෂේක් අතරමං
ජයා බහදූරී නැන්දම්මා සහ අයිශ්වර්යා රායි ලේළිය අතර ඇතිවන ගැටුම් නිසා අභිෂේක් බච්චන් අසරණ වී සිටින බවට රාවයක් බොලිවුඩය පුරාම පැතිරී යමින් පවතී. මේ ගැන විමසූ විට අභිෂේක් නම් කියන්නේ වැදගැම්මකට නැති මෝඩ කතා කියලයි. එහෙත් මේ කතාව පතුරවන්නන් පවසන ආකාරයට නැන්දම්මා ලේළි ගැටුමට හේතුව ජයා බහදූරි පමණට වඩා අයිශ්වර්යාගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතවලට ඇඟිලි ගැසීමයි. මේ නිසාම ජල්සා අත්හැර අභිෂේක් සහ ආරධ්‍යා සමඟ වෙනම කැදැල්ලකට යාමට ඇයට අවශ්‍ය වී තිබේ.
එහෙත් ප්‍රසිද්ධියේ මේ නැන්දණිය සහ ලේළිය මව හා දියණිය සේ සෙනෙහසින් බැඳී සිටිති. කෙසේ වුවත් කට කතාව සත්‍ය නම් එයට සැබෑ හේතුව ජයා ලේළිය ගැන දක්වන දැඩි සැලකිල්ල සහ සෙනෙහසයි. ‘ඈෂ්’ ගැන කවුරුන් හෝ වැරැදි යමක් පවසන විට ඊට විරුද්ධව සටන් වදින්නේ ජයා නැන්දණියයි. මෑතකදී මාධ්‍යවේදීන්ට ජයා බැණ වැදුණේ ලේළියට, අයිශ්වර්යා ලෙස ඇමතීම නිසයි. කෝපයට පත් ඇය අයිශ්වර්යා නෙවෙයි අයිශ්වර්යා රායි බච්චන් ලෙස අමතන්න යැයි අවවාදාත්මක ලෙසින් කියා සිටියාය.
|