|
|
අර්ජුන්ගෙන් අහන්න
දෙනවක හාමිනේ රඟපෑ චිත්‍රපට මොනවාද? ඩඩ්ලි ගෝමස් - මොරටුව
එක්තරා නිළියක්, ප්‍රශ්නයක දී ‘එයා කවුද? මම කවුද?’ කියමින් එකම ක්ෂේත්‍රයේ අය හෙළා දැකීම මිනිස්කමට නිගාවක් නේද? සුජාතා ගුණවර්ධන – කඩවත දැන් කලේ කොයි ක්ෂේත්‍රයෙත් ප්‍රශ්න ඇති වෙනවා. ඒක, ඒ ඒ අයගේ බුදධියේ ප්‍රමාණය ගැන ප්‍රශනයක්. ජනපි‍්‍රය, ප්‍රකට ගායන ශිල්පී ඇන්ටන් රුද්‍රිගු තවමත් ජීවතුන් අතර සිටිනවාද? පාලක සමන් පෙරේරා - හැඳල ඔහු දැන් අප අතර නැහැ.
අයේෂා නානායක්කාර – පුහුල්වැල්ල පාර්ලිමේන්තු නිල නිවාස, මාදිවෙල, කොට්ටේ
සිනමා ක්ෂේත්‍රයේ ගිවන්ත අර්ථසාද් නමින් දෙදෙනකු සිටිනවාද? තිලකරත්න විල්වල – කෑගල්ල ඔව්, එක්කෙනෙක් කාටුන් ශිල්පී, සිතුවම් නිර්මාණ ශිල්පී ජ්‍යෙෂ්ඨ ගිවන්ත අර්ථසාද්. අනෙක් කෙනා, තරුණ රංගන ශිල්පී ගිවන්ත අර්ථසාද්.
මේ ළඟදී එක්තරා ජනපි‍්‍රය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියකට ‘සන්නාම තානාපති’ තනතුරක් පිරිනැමණු වග සඳහන්ව තිබුණා. එම සන්නාම තානාපතිකම ගැන කෙටි හැඳින්වීමක් කරන්නකෝ? මැණිකේ විල්වල – තටාකය පාර – කෑගල්ල දවසින් දවස විවිධ වෙළෙඳ ආයතන මඟින් නළු නිළියන්ට සන්නාම තානාපතිකම් දෙනවා. ඔයා අහන්නේ මැණිකේ, කාගේ සන්නාම තානාපතිකම ගැනද?
දිනේෂ් - කුරුණෑගල කලාපුරය, ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස.
සිය රංගන දිවියේ ස්වර්ණ ප්‍රාප්තිය සමරන හෙළ සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා ප්‍රේක්‍ෂකයන්ගේ ජනාදරයට පාත්‍ර වන්නේ චරිතාංග රංගන ශිල්පිනියක ලෙසද? නැතිනම් සිනමා තාරකාවක ලෙසද? මානෙල් වීරසේකර – හුනුපිටිය – වත්තල මම හිතන්නේ නම් මේ දෙවිදිහටම ඇය ප්‍රේක්‍ෂක සිත් ඇඳ බැඳ ගත්තා.
සිරිල් හේවගේ – මහර එය ගායනා කරන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසියේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා. එහි පද රචනය අජන්තා රණසිංහයන්ගේ. සංගීතය උපාලි කන්නන්ගර ගේ.
‘අඩු කුලේ කියාලා’ ගීතය ගයන්නේ ඒ. ජේ. කරීම් ද? ජී. වයි. අනුලාවතී – අවිස්සාවේල්ල නොදන්නවා වගේ අහන හැටි. ඔහු තමයි.
එදා විජය කුමාරණතුංගයන් ලද ජනපි‍්‍රයත්වය නළුවකු ලෙස උත්සාහ කළහොත් විශ්ව කොඩිකාරට ලබා ගැනීමට බැරි නැහැ. ලක්‍ෂමන් රණසිංහ - හේකිත්ත, වත්තල එදා විජය ලබා ගත් ජනකාන්ත බවට, අද කාටවත් ළං වෙන්නවත් බැරි බවයි මගේ හැඟීම.
සුනිල් ටී. ප්‍රනාන්දුගේ ‘දෝණී’ චිත්‍රපටය ‘අංජලී’ ද්‍රවිඩ චිත්‍රපටයේ අනුකරණයක්ද? සමන් පෙරේරා - හැඳල එය අනුකරණයක් වෙන්න බැහැ.
පැරැණි හින්දි ගීත රසිකයෙක් වශයෙන් මා, මොහොමඩ් රාෆී, කිශෝර් කුමාර්, මන්නාඩේ, තලාත් මෙහෙමුද් යන ගායකයන්ගේ ගීතවලට වඩාත් ඇලුම් කරමි. ඒත් දැන් තිරගත වන බොලිවුඩ් චිත්‍රපට ගීත ඒ තරමටම අප හදවත්වල රැඳෙන්නේ නැහැ නේද? ගිල්බට් පෙරේරා - හෝකන්දර, දකුණ මට නම් එහෙම හිතෙන්නේ නැහැ. මේ දවස්වල බොලිවුඩ් චිත්‍රපටයක් වන ආශික් –2 හි ‘තුම් හි හෝ’ ගීතය ලෝකය පුරාම ජනපි‍්‍රයයි නේ.
|



1965 දී සාමා චිත්‍රපටයෙන් ආරම්භ වූ ඇගේ සිනමා ගමන සිහින හතක්, කිංකිණි පාද, පරසතු
මල්, සත් සමුදුර, සරු බිම, සැඩොල් කඳුළු, ඉවසන දනා, රෑන ගිරව්, ලන්ඩන් හාමු, වනසරා,
හැංගි හොරා, දහසක් සිතුවිලි, හරිමඟ, කවුද හරි, රෝමියෝ ජුලියට් කතාවක්, හන්තානේ
කතාව, ලක්සෙට කොඩිය, තුංමං හන්දිය, නිම් වළල්ල, පූජිතයෝ, සීයේ නෝට්ටුව, බිඳුණු
හදවත්, සමනල කුමරියෝ, අපි කවදත් සූරයෝ, සහනය, වැහි ළිහිණි, ලොකුම හිනාව, මිරිඟුව,
මාතර ආච්චි, ශීලා, හදවත් නැත්තෝ, සාගරිකා, කාන්තුම් පෙන්, ඩෙසිට් නේෂන් අයිලන්ඩ්,
ළසඳා, වස්තුව, රොඩීගම, පෙම් කුරුල්ලෝ, රත්තරං අම්මා, කොහොම කියන්නද, සිරිල් මල්ලී,
කෝකිලයෝ, රන්වන් රේඛා, ජීවන ගීතය, සිකුරු ලියා, හදවතක වසන්තය, කොළඹ සන්නිය, ගෝඩ්
කිං, ලෝක හොරු, හුලවාලි, සුදු පරෙවියෝ, පෙම්බර මධු, සිකුරු දසාව, මරුවා සමඟ වාසේ,
ටොම් පචයා, යකඩයා, ජනක සහ මංජු, විස්මය, සෙලීනාගෙ වලව්ව, කුමර කුමරියෝ, පළඟැටියෝ,
දිවි තිබෙනතුරු, එක හිත, සවුදන් ජෙමා, පොඩි මල්ලී, විසිහතර පැය, අනුහස, පරිත්‍යාගය,
බඹර පහස, රජ දවසක්, හංස විලක්, පාර දිගේ, කිඳුරු කුමාරි, පනී මලර්ගර්, රිදී තැල්ල,
ගීතිකා, සතර දිගන්තය, බඹර ගීතය, පෙති ගෝමර, අනුරාධා, මිහිඳුම් සිහින, මේජර් සර්,
පියා සහ දරුවෝ, චුට්ටෙ, සිස්ටර් මේරි, ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්,
දෙවැනි ගමන, අරුණට පෙර, සහෝදරියකගේ කතාව, රන්මලීගේ වාසනාව, ආදර කතාව, යළි
හමුවන්නයි, සූර සරදියෙල්, දිනුම, සත්‍යග්‍රහණය, මංගල තෑග්ග, කවුළුව, සඳකඩ පහන,
අංගුලිමාල, සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා, ජය කොතැනද, දොළොස් මහේ පහන, ගොළු මුහුදේ
කුණාටුව, සලඹක් හඬයි, වියරු මිනිසා, ළඟින් ගියොත් ඇහැක් නැහැ, අභියෝගය, නොහඬන්
ළඳුනේ, අහස් මාලිගා, මුල්ලේරියාව, ආත්මා, මී හරකා, අපායේ තත්ත්පර අසූහාරදහසක්, චන්ද
කින්නරී, සීතල ගිනිකඳු චිත්‍රපටයෙන් රංගන දිවිය නිමා වුණා.
අනේ අර්ජුන් අයියේ, මම දැන් තැපැල්පත් දහයක් විතර තැපැල් කළා, මට උපේක්‍ෂා
ස්වර්ණමාලි ගේ දුරකථන අංකය ලබා දෙනවාද?
ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ ගේ ලිපිනය සහ දුරකථන අංකය පළ කරනවාද?
‘සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන’ ගීතය ගයන්නේ කවුද? එසේම, එහි පද රචනය හා සංගීතය
කාගේද?