|
පෝල් වෝකර් නික්ම ගියේය
පෝල් වෝකර් අමෙරිකානු සුපිරි නළුවා ජීවිතයේ හතළිස් වැනි උපන් දිනය සැප්තැම්බර් 12 වැනිදා සැමරුවේ ‘ද ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් අවසාන කතා මාලාව (7 වැන්න) පිළිබඳ දහසක් බලාපොරොත්තු ඇතුවයි. ‘ද ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස්’ සිනමාපටය කවදත් ඔහුට වාසනාව ගෙන ආවේය. ඔහු රැඟූ මැයි මාසයේ තිරගත කරන ලද 6 වැනි සිනමා කථාංගය අන්තර්ජාතික වශයෙන් ඩොලර් මිලියන 788 ක ආදායමක් ඉපයීය. මෑතකදී ඔහු විහිළුවට කියා සිටියේ තමන් එම කථා මාලාවේ 66 වැන්නේ ද රඟපාන බවයි. එහෙත් මේ සියලු වාසනාවන් පසුපස අවාසනාවක් ද ඔහු පසු පස හඹා ආවේය.
වෝකර්ගේ පියා මෝස්තර නිරූපණ ශිල්පියෙකි. ඔහුට බාල සොහොයුරු සොහොයුරියන් පස් දෙනෙකි. පෝල් වෝකර් මුලින්ම මෝස්තර නිරූපණ ක්ෂේත්රයට රැගෙන ආවේ ඔහුගේ මවයි. එක්දහස් නවසිය අසූ ගණන්වල ළමා නළුවකු ලෙසින් ඔහු පුංචි තිරයේ ජනප්රිය විය. සිනමා රංගනයට පිවිසි ඔහු වඩාත් ජනප්රිය වූයේ 1999 තිරගත වූ වාසිටි බ්ලූස් හි ‘ලාන්ස් හාබර්’ චරිතයෙනි. පසුව ඔහු ‘ද ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස්’ සිනමාපටයේ පොලිස් නිලධාරී ‘බ්රයන් ඕ’ කෝනර්’ ලෙස ලොව පුරා රසිකයන්ගේ හද දිනා ගත්තේය. එයිට් බිලෝ, ඉන්ට්ර ද බ්ලූ, ෂී ඊස් ඕල් දැට් සිනමා රසික මතකයෙන් කිසිදා බැහැර නොවන ඔහුගේ ප්රබල රංගනයන් ඇතුළත් සිනමාපටයි. රෙබෙකා මැක්බ්රේන් සමඟ පැවැත් වූ සබඳතාවෙන් ඔහුට මෙඩෝ නම් පහළොස් හැවිරිදි දියණියක සිටියි. බොහෝ කල් ඔහු ජීවත් වී ඇත්තේ සුනඛ සුරතලුන් සමඟයි. හත් වසරක්ම වෝකර් විසි තුන් හැවිරිදි ජැස්මින් පිල්චාඩ් සමඟ පෙමින් වෙළී සිටියේය. වෝකර් කවදත් වාහන ලෝලියෙකි. සමාජ සේවා කටයුතුවලට ද නොමඳව සහාය ලබාදුන් හොලිවුඩ් තරුවකි. කොයි කවුරුත් වෝකර් හඳුන්වන්නේ හිත හොඳ මිනිසකු ලෙසයි. වෝකර්ගේ වියෝව වැඩිපුර දැනෙන්නේ වෝනර් සමාගමටයි. එහි අධ්යක්ෂ ජේම්ස් වෑන් ඇතුළු කණ්ඩායම මේ හදිසි වියෝවීමෙන් අතරමං වී සිටිති. කතාවේ හදවත වැනි චරිතයක් මරා දමමින් පිටපත ලිවීම ඔවුන්ට උභතෝකෝටික ප්රශ්නයකි. ඔහු මිය ගියේ 7 වැනි සිනමාපටයේ රූගත කිරීම් කිහිපයකට සහභාගී වන්නට තිබියදීය. හත් වැනි ද ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් සිනමාපටය තිරගත වීමට නියමිතව ඇත්තේ 2014 ජූලි මාසයේදීය.
|