|
|
විවිධ හැකියා සමඟ පෙරට යන යොවුන් රංගන ශිල්පියාක්රිෂාන්ත රත්නායක
මේ අතර ක්‍රිෂාන්තට ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් වන ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ගරිල්ලා මාර්කටිං’ චිත්‍රපටයෙහි චරිතයකට ද රංගනයෙන් පණ පෙවීමට ලැබෙන්නේ රංගනය පිළිබඳ යමක් ඉගෙනීමට ඉඩ සලසමිනි. රංගනයට අමතරව ඔහු නර්තන ශිල්පියෙක් හා නර්තන අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ද, මෝස්තර නිරූපණ ශිල්පිියෙකු ලෙස ද ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි. වෙළෙඳ දැන්වීම් ඔස්සේ මෙන්ම රූප රචනා සඳහා ද රංගනයෙන් දායක වී ඇති ක්‍රිෂාන්ත රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකාගේ අලුත්ම ටෙලි නාට්‍යයකද රංගනයෙන් දායක වීමට නියමිතය. ‘ඉරගල කුංචන’ ටෙලි නාට්‍යය ඇතුළු බොහෝ නිර්මාණ කිහිපයක්ම ඉදිරියේ විකාශය වීමට නියමිතය. ක්‍රිෂාන්තගේ එකම ආශාව ප්‍රවීණ අධ්‍යක්ෂවරු යටතේ හොඳ නිර්මාණ සදහා රංගනයෙන් දායක වීමටය. මේ දුර පැමිණීමට උදව් කළ දමයන්ති ෆොන්සේකා මහත්මිය ඇතුළු සුනිල් කුලතුංග, ගයාන් සූරියආරච්චි, සමන්ත යහම්පත්, දීනෙත්, සුදේෂ් සමීර හා නිර්මාණවලට සහභාගි කරගත් සියලුම අධ්‍යක්ෂවරුන්ට ස්තුතිය පුද කරමි. ක්‍රිෂාන්තට කතා කරන්නට කැමැති අයෙක් වේ නම් 0711381097 යන දුරකථනයට අමතන්න. ක්‍රිෂාන්ත රත්නායක, නො: 145/2, සිරි පැරැකුම් මාවත, බොල්ලෑගල, ගෝනවල ඔහුගේ ලිපිනයයි.
‘වස්සානයේ තුරුණු තත්සර’ මහෝත්සවයේදී ජයසේන ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලබති
පුෂ්පරාගය වැනි වේදිකා නාට්‍ය සඳහා දැක් වූ රංගන දායකත්වය, වේශ නිරූපණය හා වේදිකා පරිපාලනය, අභිරූපණ ශිල්පීය ආදී අංශ කෙරෙහි දැක් වූ දායකත්වය වෙනුවෙනි. |



ක්‍රිෂාන්ත රත්නායක නම් මේ නවක රංගන ශිල්පියා සිය රංගන ගමන ආරම්භ කරන්නේ
වේදිකාවෙනි. ඒ බඹර පහස, දුක් කඳුළු, එය මෙසේ සිදු විය යන වේදිකා නාට්‍යවල රංගනයෙන්
දායක වෙමිනි. ඉන් පසුව සිරස ටී. වී. නාළිකාවේ විකාශය වුණු ‘තරු මංසල,’ වැඩ සටහනට
සහභාගි වීමෙන් සිය දක්ෂතා ඉදිරිපත් කරන ඔහු කාව්‍යා, වසූදා, පස් මල් පෙති, ඇඟිලි
සලකුණු, යෙහෙළිය, හද පුදසුන, ගෞතම්, සිල් යන ටෙලි නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක
වෙයි.
ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය
කරනු ලැබූ ‘වස්සානයේ තුරුණු තත්සර’සාහිත්‍ය කලා මහෝත්සවය පසුගියදා පැවැත්විණි. එම
සාහිත්‍ය කලා මහෝත්සවයේදී කලා ක්ෂේත්‍රයට වසර හතළිහකට වඩා කරන ලද සේවය වෙනුවෙන්
ජයසේන ප්‍රනාන්දු කලාකරුවා සම්මානයට පාත්‍ර විය. ඔහුට මේ සම්මානය හිමි වුණේ
බිංකුණ්ඩෝ, සහන ලද්දෝ, අපි තාම බිම, ගම දෝණිට මුහුණු දෙකයි,