|
මම එක ආත්මයක රජ කෙනෙක් තවත් ආත්මයක හාමුදුරු නමක්
ශාන් කරන්නාගොඩ
ඔහු ප්‍රථමයෙන් පැවසුවේ සිය කලා ජීවිතය ආරම්භ වූ අයුරුයි. අවුරුදු එකොළහෙදියි මං නර්තනය පටන් ගත්තේ. ඒ මගේ ගම වන අගලවත්ත පිඹුර කනිෂ්ඨ විද්‍යාලයේ සහ මතුගම සුමංගල පිරිවෙනහි ඉගෙන ගනිද්දි. ඊට පසුව මං ඉන්දියාවේ ලක්නව් භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයේ භරත නාට්‍යම් ඉගෙන ගත්තා. ඊට පස්සේ? මං ලංකාවට ඇවිත් නර්තනය උගන්වන්න පටන් ගත්තා. 2000 දශකයේ මුල භාගයේ මගේ නම හරියට ප්‍රසිද්ධ වුණා. වර්තමානය වන විට ඔබ නළුවෙක්. කොහොමද රංගනයට පිවිසුණේ? මගේ නංගි අයැදුම්පතක් දාලා තිබුණා රංගන තරු තෝරන තරගයකට. මං ඒකට සහභාගි වුණා. පන්දාහක් අතරින් අන්තිම විස්සට තේරුණා. ඩග්ලස් සිරිවර්ධනයන් ඇතුළු ප්‍රවීණයෝ පිරිසක් තමයි එහි විනිශ්චය මණ්ඩලයට හිටියේ. ඒත් එමගින් ලබා දුන් නිර්මාණවලට එකතු වන්නට බැරි වුණා කාර්යබහුල නිසා. මට හරි දුකයි. ඊට සහභාගි වූ අය අද ජනප්‍රිය නළු නිළියෝ. කාලයක් ගියාට පසුව මම චිත්‍රපට කිහිපයකම සහාය කලා අධ්‍යක්ෂවරයකු, ඇඳුම් නිර්මාණ ශිල්පියකු වාගේ කැමරාවට පිටුපස තිබුණු සෑම කටයුත්තක් පිළිබඳව ඉගෙන ගත්තා වැඩ කරන ගමන්. ඒ අතරතුරදි හැකි පරිදි ගරිල්ලා මාකටිං, ධර්ම පුත්‍ර, හිරිපොද වැස්ස ආදී නිර්මාණවලට දායක වුණා. එතකොට ඔබ තිර රචනයට පිවිසෙන්නේ? කැකුලි චිත්‍රපටය තමයි මුලින්ම ලිව්වේ. එය රූගත කිරීම් හි අඩක් නිමයි. ඊට පසුව මේ දිනවල රූගතවන මහා බ්‍රහ්ම. ඔබ එහි ප්‍රධාන චරිත රඟපානවා? ඔව්. එය කාලයන් දෙකක් වටා ගෙතෙන චරිතයක්. මා එක් ආත්මෙක රාජ කුමාරයෙක්. අනික ධම්මරක්ඛිත නම් හාමුදුරු නමක්. ධම්මරක්ඛිත හිමියන් ලෙස සිවුර දරාගෙන ඉන්න කොට හොඳ හොඳ අත්දැකීම්වලට මුහුණ දුන්නා කියලා ආරංචියි? මට ගොඩක් අය වැන්දා. පුදුමේ කියන්නේ මාව කලින් දැනගෙන හිටපු අයත් වැන්ද එකයි. මොනවා කරන්නද සද්ද නැතුව හිටියා. මේ වන විට තවත් නිර්මාණ සදහා ආරාධනා ලැබිලද තියෙන්නේ? පාලිත ගොඩගේ මහත්මයා කරන සෙනෙහස සුවඳයි නාට්‍යයේ ෂූටිං. මට තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. මේ ශාන්ගේ දුරකථන අංකයයි. 0713373743.
|