|
ක්ලැරන්ස් අදටත් ජනපි‍්‍රයයි ...මේරියන්ස් නලින් පෙරේරා කියයි...
‘මේරියන්ස්’ සම්ප්‍රදායෙන් බැහැරව නිරන්තරයෙන් අලුත් තාලේ වැඩ කරනා සංගීත කණ්ඩායමක් සේ ප්‍රකටය. ගෘහස්ත ප්‍රසංග වේදිකාවට Unplugged සංගීත රටාව හඳුන්වා දුන් පුරෝගාමීන් ඔවුන්ය. ඒ ක්ලැරන්ස් විජේවර්ධනයන් ගේ මියුරු ගීත රැගත් Clarance Unplagged Concert with Mariyens සමඟිනි. දෙසැම්බර් 01 වැනි දා සවස 6.30 ට කොළඹ මියුසියස් විද්‍යාලයීය රඟහලේ දී ඔවුන් නැවතත් ක්ලැරන්ස් ගේ ගීත තිස් හතරක් සමඟින් අලුත් ආරක ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය. මේරියන්ස් නායක නලින් පෙරේරා මෙසේ අප හමු වූයේ ඒ පිළිබඳ කතාබහකටය. මීට අවුරුදු පහකට කලින් අපි ක්ලැරන්ස් ගේ පළමුවැනි Unplagged Concert එක කළා. මේ දෙවැනි ප්‍රසංගය. හැබැයි අපි මේ ප්‍රසංගයේ දී ඉදිරිපත් කරන්නේ ක්ලැරන්ස් ගේ වෙනත් ජනපි‍්‍රය ගීත ටිකක්. ඒ කියන්නේ පළමු ප්‍රසංගයේ දී ගායනා නොකරපු ගීත. මේ ප්‍රසංගයේ D.V.D එක ලබන වසරේ ජනවාරියේ දී අපි ‘මේරියන්ස්’ අලුත්ම ඇල්බම් එකත් එක්ක රසිකයන් අතට පත් කරනවා. මේක ලංකාවේ දෙවැනි බ්ලූෙර්යර් එක. පළමු එක Mariyens Acoustica නමින් එළිදැක්වූයේත් අපි. අලුත් බ්ලූෙර්යර් එක අපි නම්කර තිබෙන්නේ ‘Clarence Unplugged Volume 02’ කියලයි.
මුල් ප්‍රසංගයේ නොගැයූ ගීත ඇයි ඔබ මේ ප්‍රසංගයට එක්කර ගන්නේ? ඇත්තටම මුල් ප්‍රසංගයේ අපි ගැයූ ගීවලට සම්පූර්ණයෙන් වෙනස් ගීත ටිකක් තමයි අපි මේ ප්‍රසංගයට තෝරා ගත්තේ. මම හිතන්නේ ක්ලැරන්ස් ගේ හොඳම ගීත තිස් හතරක් තමයි ඒ.
මොනවද මේ ගීත? ආදරේට කියන කතා, ආරාධනා, අඩ අඳුරේ මා දෙනෙත් කවුළු හැර, ඉඳහිට හමුවන, දුවණී, දූ මා වගෙයි, මුතු මැණිකේ ඒ වගේ ගොඩක් රසවත් ගීත. කණ්ඩායමේ හැම සාජිකයෙක්ම ගීත ගායනා කරනවා. ඔහුගේ ගීතවල රසය නොනසා, ඒ අයුරින්ම තමයි අපි රසිකයන්ට ඉදිරිපත් කරන්නේ. දැනටමත් විදේශ රටවලින් පවා අපට ආරාධනා ලැබිලා තියෙනවා මේ ප්‍රසංගය පවත්වන්න කියලා. මොකද Unplagged Concert පළමු ප්‍රසංගයේ D.V.D විශාල ප්‍රමාණයක් විදෙස් රටවල අලෙවි වුණා.
දැන් නලින් පෙරේරා ගේ සහ මේරියන්ස් සංගීත කණ්ඩායමේ ගීත ශෛලිය ක්ලැරන්ස් ගේ ශෛලියට වඩා වෙනස්...?
අපි කාටවත් ක්ලැරන්ස් අයියට කිට්ටු වෙන්නවත් බෑ. ඒක කවුරුත් කරලත් නෑ. ඒත් ඔහු ගේ
ගීතවල රසය, සුන්දරත්වය ඒ අයුරින්ම තියාගෙන ගයන එක තමයි අපේ අර
ඇයි ක්ලැරන්ස් විජේවර්ධන වගේ සංගීත ශිල්පියෙක් තෝරා ගෙන ඔහුට උපහාර වශයෙන් මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න තීරණය කළේ? ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ අපේ රටේ පොප් සංගීතයේ නිර්මාතෘවරයා. සිංහල පොප් සංගීතයේ. එතකොට ඒ කරපු වෙනස අදටත් වලංගුයිනේ. ඒ ගීත තවමත් ජනපි‍්‍රයයි. සාදයකට ගියත්, විනෝද චාරිකාවක් ගියත් අදටත් ඒ ගීත ගායනා කරනවා. හැමෝම රස විඳිනවා. හොඳම උදාහරණය තමයි මේ අපේ ප්‍රසංගයේ ප්‍රවේශපත් දැනටමත් 80% කට වඩා අලෙවි වෙලා තියෙනවා. අපි ආරාධනා කරනවා අන්තිම මොහොත වෙනකල් ඉන්නේ නැතිව ප්‍රවේශපත් මිල දී ගන්න කියලා අපේ රසිකයන්ට.
ක්ලැරන්ස් ගේ ගීත අදටත් නොනැසී පවතින හේතු කාරණා මොනවද....? සරල පදමාලා, මිහිරි ගී තනු සහ ක්ලැරන්ස් ගේ ආදරණීය හඬ ඒ වග්ම ගායන ශෛලිය, මම හිතන්නේ ඕවා තමා ඒ ගීත නොමැකී, නොනැසී තිබෙන ප්‍රධාන හේතු සාධක. ඔහු ගැයූ ආදර ගීත ඉතාමත් සුන්දරයි.
ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායකයන්ගේ ගීත වෙනත් අය ගායනා කිරීම සම්බන්ධයෙන් විවිධ මතවාද, ගැටලු පැන නැගුණා. විවිධ පාර්ශවයන් ඒ ගීතවල අයිතිය, සුරක්‍ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටියා. ඔබට එවැනි ගැටලුකාරී තත්ත්වයන් මතු වුණේ නැද්ද...? අනෙක් අය ගැන කතා කරන්න මම දන්නේ නැහැ. හැබැයි නලින් පෙරේරා සහ මේරියන්ස් සංගීත කණ්ඩායම පූර්ණ අවසරය ඇතිව තමයි මේ දේවල් කරන්නේ. මේ ප්‍රසංග දෙක නෙවෙයි අපි ඉදිරිපත් කළ සියලුම ප්‍රසංග කළේ එහෙම අවසරයක් එක්කයි. යම් මුදලක් ගෙවලා ලිඛිත අවසරයක් මත තමයි අපි මේ හැම දේම කළේ. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒත් මේරියන්ස්ලාට ඒක අදාළ නෑ.
ක්ලැරන්ස් වෙනුවෙන් ඔබ ඇතුළු කණ්ඩායම තවත් සද්කාර්යයකට මුල පුරා ඇති බව දැන ගන්නට ලැබුණා...? මමවත් මේරියන්ස් සංගීත කණ්ඩායමවත් ලොකුවට සද්දෙ දාලා, අඬ බෙර ගහලා නෙවෙයි එවැනි වැඩ කරන්නේ. ඔබ අහපු නිසා මම කියන්නම්. තලවතුගොඩ, තලපත්පිටිය පාර ‘ක්ලැරන්ස් විජේවර්ධන මාවත’ යනුවෙන් නම් කරන ලෙස අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ වගේම ඔහුගේ ප්‍රතිමාවක් සෑදීමේ කාර්යයට අපි මේ වෙනකොට මුල පුරා තිබෙනවා.
අද එළිමහන් ප්‍රසංග වේදිකාවේ තම අණසක පතුරවන ජනපි‍්‍රය, තරුණ සංගීත කණ්ඩායම්
රැසක් සිටිනවා. මේරියන්ස්ලාට එවැනි ප්‍රසංග සඳහා ඉල්ලුමක් නැහැ නේද? නෑ... මම යම්කිසි කාලෙකදි තීරණය කරනවා සංගීතයේ නව මාවතකට පිවිසෙන්න. ඒක ක්ලැරන්ස් විජේවර්ධනත් කරලා තියෙනවා. නවසිය හැත්තෑ ගණන්වල ඔහු කණ්ඩායම් සංගීතයට සමුදීලා චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණයට පිවිසෙනවා. ඊට පස්සේ ඔහු ටෙලි නාට්‍ය සංගීතයට යොමු වෙනවා. නලින් පෙරේරාටත් එවැනි ගමනක් තියෙනවා. දැන් මේ පටන් ගත්තා විතරයි. අපේ ජනපි‍්‍රයත්වය හීනවෙලා නෑ. ප්‍රසංග වේදිකාවේ අපි නැත්තේ නෑ. ඉන්නවා. අපි අය කරන මුදලත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ.
ඔබ තවත් සුවිශේෂ කාර්යයකට අත ගැසුවා කියා දැනගන්නට ලැබුණා...? ගොඩක් වැඩ තියෙනවානේ. ඉතින් මොකක් ගැනද දන්නේ නෑ ඔබ අහන්නේ....?
අපේ ප්‍රවීණතම සංගීතවේදියාට ඔබ ගීතයක් රචනා කළා...? ආ... ඔය කියන්නේ ආචාර්ය අමරදේවයන් වෙනුවෙන් මම සංගීතවත් කළ ගීතය ගැනනේ. ඔව්,.. මම එතුමාට ගීතයක් නිර්මාණය කළා. එය මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්. අමරදේව රජතුමා තමයි මේරියන්ස් ශබ්දාගාරය විවෘත කරන්න ආවේත්. සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා |