|
‘මාදං පොකුරු’ ගීතයට තියෙනව කිව්ව සම්මානය කෝ?
කොඩිකාරගොඩ සුනීත හිමි
‘මා වයස 14 වන විටත් හඳමාමා ළමා පිටියේ සම්පත් දායකයෙක්. වර්තමානයේත් මා එහි කතන්දර පිටුවට යන ළමයින්ට කෙරෙන ආගමික උපදේශන සඳහා දායකත්වය ලබා දෙනවා. ‘හිඹුටු කැලේ’ කියන්නේ ළමා ගීත එකතුවක්. මේ ගීත ගායනා කරන පිරිස අතර පසිඳු සචිත්ත විජයපාල පුතාත්, හිමාෂ මනුප්‍රිය පුතාත් සිටිනවා. ඒ වගේම තමයි සංගීතය නිර්මාණය රෝහණ වීරසිංහයන්. 2010 – 2011 යන වසර දෙකේම ජාතික නිදහස් උළෙල සඳහා තේමා ගීතය ලිව්වෙත් මමයි. ඒ වගේම මේ වන විට මා වේදිකා නාට්‍ය කිහිපයක්ම රචනා කර තිබෙනවා. ඒවා වේදිකා ගත කළ සෑම වාරයකදීම ඉහළ ප්‍රතිචාර හිමි වුණා. ප්‍රාදේශීය මට්ටමෙන් බොහෝ පාසල්වලට ගොස් ගීත රස වින්දය පිළිබඳ දේශන සිදු කරනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත්, ආරාධනාත් බොහොමයි. රියැලිටි ළමා වැඩසටහන් හරහා පැමිණි බොහෝ ළමා ගායකයන්ට කුලුඳුල් ගීත රචනා කරන්නට මට අවස්ථාව හිමි වුණා. හර්ෂණ දිසානායක මගේ ගීත ගයලා තිබුණත් මේ ඇල්බමයට නම් ඔහුගේ ගීත අඩංගු වුණේ නැහැ. මෙවර රාජ්‍ය සංගීත උළෙල පිළිබඳත් යමක් නොකියාම බැහැ. ‘හිඹුටු කැලේ’ සංයුක්ත තැටිය හා එහි ගීත සම්මාන පහක් සඳහා නිර්දේශිත වුණා. හොඳම පද රචනයට තේරිලා තිබෙන්නේ ‘මාදං පොකුරු’ කියන මගේ ගීතය බවත් කලින් කිව්වා. නමුත් සම්මානය ලැබුණේ නැහැ. භික්ෂුත්වයත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියේදීත් නිර්මාණ ඔස්සේ සමාජයට යහපතක් කිරීමයි මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ.
|