|
සෙල්ලම් ගෙදරින් කරළියට ආ ශ්‍රීමාලි සහාය අධ්‍යක්ෂණයටත් අත ගහලා
ඇය ශ්‍රීමාලි පුෂ්ප කුමාරි රාමනායක. ඔබට සෙල්ලම් ගෙදර ටෙලි සිතුවම මතක නම් නිසැකව ඇයගේ රුව සිතෙහි තැන්පත්ව ඇති බවට නොඅනුමානයි. සතියෙන් සතිය වෙනස් මාතෘකා යටතේ නිර්මාණය වූ එහි ළමා රංගන ශිල්පිනියක් ලෙස නිබඳව අප හමුවට ආවාය.
සමනල සංධ්වනිය වගේ මිනිසුන් වැඩිපුර කතාබහ කරන චිත්‍රපටයක රඟපාන්න ලැබීමත් වාසනාවක්. අනික ඒකේ මං ප්‍රධන චරිතයේ අක්කා හැටියට රඟන්නේ. චිත්‍රපටය නරඹපු ගොඩක් දෙනා මාවත් අගයනවා. මේ වෙලාවේ ජයන්ත චන්ද්‍රසිරි සහ චිත්‍රපටයේ සහාය අධ්යක්ෂ නිමල් ෆ්‍රැන්සිස් ඇතුළු චිත්‍රපට කණ්ඩායමම මතක් කරන්න ඕනේ. ශ්රිමාලිව සමනල සංධ්වනිය සඳහා තෝරාගෙන ඇත්තේ සම්මුඛ පරීක්ෂණයකින්. අම්මෝ, ඒකට ගොඩක් දෙනෙක් ඇවිල්ලා හිටියා. මමත් හැකි පරිදි ෆේස් කළා. වාසනාව තමයි ඉතින්. සෙල්ලම් ගෙදර ඒ දවස්වල අතිශය ජනප්‍රිය ටෙලි සිතුවමක්. එය නරඹපු ප්‍රේක්ෂකයින් අදටත් ශ්‍රීමාලිගෙන් ඒ ගැන අහනවලු. ඒ කාලෙ මං බෝලෙ වගේ. පොඩි කාලේ වුණත් කිසිම චකිතයක් නැතිව රඟපෑවා. සමහර අය මගේ මුහුණ දිහා බලාගෙන ඉඳලා අහනවා ‘ඔයාව හොඳට දැකලා පුරුදුයි’ කියලා. එතකොට මම සෙල්ලම් ගෙදර ගැන මතක් කළාම එයා හරිම සතුටින් ඒ ගැන විස්තර අහනවා. ඒක විකාශය වෙලා වසර ගණනාවක් ගත වුණත් අදටත් සෙල්ලම් ගෙදර කියලා කිව්වොත් තවමත් හොඳට මතකයි. ශ්‍රීමාලි රංගනය විතරක් නෙවෙයි, සහාය අධ්‍යක්ෂණයටත් අත ගහලා. මොහාන් නියාස්ගේ සිහිනයක් ඇවිත් ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරිය මම. ටිකක් නුහුරු කටයුත්තක් වුණත් අගේට මං ඒක කළා. සහාය අධ්‍යක්ෂණයෙන් ඉදිරියට ගොස් අධ්යක්ෂවරියක වීමට ද ඇය සිතාගෙන ඉන්නවා. මොන දේ කළත් රංගනය නම් අත හරින්නේ නැතිලු. ශ්රිමාලිගේ පදිංචිය නිට්ටඹුවේ. මේ වන විට ඇයට වයස අවුරුදු විසි දෙකක්. 1991. 01. 01 තමයි ඇගේ උපන් දිනය. මේවාට අමතරව ඇය නර්තන පංතියක්ද කරනවලු. ශ්‍රීමාලි ඉන්න නවතම මියුසික් වීඩියෝව ‘මාරියාවේ’. එය යූටියුබ් හරහා නැරැඹිය හැකි බව ඇය කිව්වා.
|