|
මගේ ප්‍රථම රංගනය නිළි රැජන සමඟ වීම සතුටක්
රයන් වැන් රෝයන්
මේ විදියට සිය රංගන ජීවිතයේ ආරම්භය සිහිපත් කළේ යොවුන් රංගන ශිල්පී රයන් වැන් රෝයන්. පසුගිය වසරේ රයිගම් සම්මාන උළෙලේ හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය දිනූ රයන්ට සුමති ටෙලි සම්මාන උළෙලේ දී කුසලතා සම්මානයක් හිමි වුණා. ඒ ඔහු රංගනයෙන් දායක වූ ‘කඩදොර’ ටෙලි නාට්‍යයේ රොබට්ගේ චරිතය වෙනුවෙන්.
* නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගන ක්ෂේත්‍රයට පැමිණ එහි මේ දක්වා පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. රංගන ක්ෂේත්‍රයට පැමිණිලා දැන් අවුරුදු අටක් වෙනවා. බුද්ධික ජයරත්න නිසා තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. ඊට පසුව මට උදයකාන්ත වර්ණසූරියගේ ‘ආසයි මං පියාඹන්න’, ‘සෙනසුරු මාරුව’ චිත්‍රපටවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ‘හංස රැඟුම්, ආයෙත් අපි හමුවෙමු, පස් මල් පෙති, කඩදොර’ වැනි ටෙලි නාට්‍ය ඇතුළුව ටෙලි නාට්‍ය විස්සකට පමණ දායක වෙලා තියෙනවා. මේ කාලය තුළ මට ලැබුණු මේ අවස්ථා ගැන මම තෘප්තිමත්. ඒ වගේම මම දායක වුණු අබේනායක වික්‍රමගේ ගේ ‘රූට් ඔෆ් ලව්’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් කැනඩා කෙටි චිත්‍රපට උළෙලේදී නැඟී එන නළුවාට හිමි සම්මානයත් ‘කැන්සර් ඔෆ් ලව්’ කෙටි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රුසියානු කෙටි චිත්‍රපට උළේලේ දී කුසලතා සම්මානයත් හිමි වුණා. ඒ වගේම ‘බොම්බෙ වෙල්වට්’ චිත්‍රපටයෙත් මට පෘතුගී‍්‍රසි නිලධාරියකුගේ චරිතයකුත් හිමි වුණා. එහි ඉදිරි රංගන කටයුතු වෙනුවෙන් ඉන්දියාවට යන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. මේ හැම දෙයක්ම මගේ රංගන ජීවිතයට අත්දැකීම් රැසක් හිමි කරලා දීලා තියෙනවා.
* පාසල් කාලයේ පටන්ම රංගන ශිල්පියෙක් වෙන්නද බලාපොරොත්තුව තිබුණේ?
* ඔබගේ පෙනුම සමඟ රංගනයේදී ලද චරිතවල ඒකාකාරී බවක් දැනෙනවාද? මම බර්ගර් ජාතිකයෙක්. බර්ගර් ජාතිකයෙක් විදියට කලා ක්ෂේත්‍රයේ මට ලැබුණු අවස්ථා ගැන මට ගොඩක් සතුටුයි. මගේ පෙනුම නිසා මට ගොඩක් ලැබුණේ විදේශිකයන්ගේ චරිත. නමුත් මේ දක්වා ලැබුණු චරිත අතර විවිධ චරිත මට රඟපාන්න ලැබුණා. මේ වනවිට අන්ධ චරිතයක් වගේම ආබාධිත චරිතයක් වෙනුවෙනුත් මට ආරාධනා ලැබිලා තියෙනවා. මේ දවස්වල මගේ දවසින් කොටසක් රත්මලානේ අන්ධ විද්‍යාලයේ ගත කරලා ඒ තුළින් යමක් ඉගෙනගන්න උත්සාහ කරනවා.
* ඉදිරි කලා කටයුතු ගැනත් සඳහන් කරමු ? මේ වසරේ ඉතිරි මාස කිහිපය තුළ මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය හතරක් විතර විකාශය වෙන්න තියෙනවා. ඊට අමතරව ලබන වසරේදී තවත් ටෙලි නාට්‍ය දහඅටක් විකාශය වෙන්න නියමිතයි. මට තවත් හින්දි චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. බාසු ප්‍රඩක්ෂන් එකෙන් තමයි මේ ආරාධනාව කළේ. ලබන අප්‍රේල් ඒ වෙනුවෙන් පුහුණුවීමකට ඉන්දියාවට යන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල ඒ වෙනුවෙන් මම හින්දි භාෂාව ඉගෙන ගන්නවා. තව මෙරට ප්‍රවීණ අධ්‍යක්‍ෂවරුන් තිදෙනකුගේ චිත්‍රපට තුනකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම මම මේ වනවිට ගීත දෙකකුත් නිර්මාණය කරලා තියෙනවා. ආදර ගීත දෙකක් වන මේ ගීත දෙකෙහිම පද රචනය සහ සංගීතය නිර්මාණය කළේ දිලන්ත. රූප රචනා සමඟින් මේ ගීත දෙකම ළඟදීම එළි දක්වන්නත් බලාපොරොත්තු වෙනවා.
|