|
පුබුදු හිඟාකද්දී ගෝලයකුගෙන් රුපියල් පහක්සිහින සින්ඩරෙල්ලා දර්ශන තලයේ දවසක්
දවස් ගාණකට ඉස්සර වෙලා යුරේනි කිව්වේ දැන් තැන්පත් වෙලා කියලා. ඒ වුණාට අපි යද්දී යුරේනි රණ්ඩුවකට පැටලිලා. එහේ යනවා, මෙහේ යනවා. අපි ටිකක් ඈතට වෙලා බලන් හිටියා. රණ්ඩුව නිමා වෙන පාටක් ඇත්තෙම නැහැ. ‘අඩෝ අපිත් ඇරිසන් ප්ලේස් එකේ හරිද’ මෙහෙම කියාගෙන ඉස්සරහට ආවේ චන්දික විජේසේන. දැන් ඉතිං වැඩේ තවත් නැගලා යයි. අපි තවත් කිට්ටුවට වුණා. ‘හරි . . . ගමු . . . බලද්දි යුරේනි මෙහෙම ආවේගශීලී වෙලා තිබුණේ සිහින සින්ඩරෙල්ලා හි අයෝධ්‍යා ආරූඪ කරගෙන. එතකොට තමයි මේ වෙනස්ම චරිතෙ ගැන ඈ කිව්ව බව මතක් වුණේ. බොල්ගොඩ නදී තෙරේ සුන්දර නවාතැනක තමයි සිහින සින්ඩරෙල්ලා අද රූගත කරන්නේ. හරිම නිහඬ, නිසංසල සාමකාමී තැනක්. එක පැත්තකින් නදී කොමලි සිපගෙන එන සිහිල් සුළං රැල්ල. අනෙක් අතින් දැවැන්ත තුරු වදුල අතරින් පෙරෙන පෙරඹර හිරු මඬලේ රැස් දහරාවන්. ඒ වගේ නිස්කලංක වටපිටාවක දවසක් ගෙවන්න තමයි සූදානම අපේ. කාලෙකින් දෙන්නව එකට හමු වුණේ . . . දර්ශනය අවසන් කරලා මටයි ටෙනී අයියවයි පිළිගන්න ආවේ චන්දික විජේසේන. හැමදාටම ළෙන්ගතු චන්දිකගේ පිළිගැනීම එක්ක අපට ලැබුණේ උණුසුම් රසවත් තේ කෝප්පයක්. ඒ අතරතුර සුරාජ්, පුබුදු, නිරංජලා හැමෝම සුහද කතාබහට එකතු වුණා. නංගි ඊළඟට තියෙන්නේ ඔයා මෝටර් බයිසිකලේ ගිහිං හැපිල වැටෙන එක. නිරංජලා දිහා බලපු චන්දික එහෙම කිව්වේ හිනාව හංගගෙන. මෙච්චර වෙලා මෝටර් සයිකල් පැදලා ගැහි ගැහි තිබුණ නිරංජලාගේ හිත ආයෙමත් ගැහෙන්න පටන් ගත්තේ මූණේ තිබුණු හිනාව කොහේදෝ අතරමං කරමින්.
පුබුදු මල්ලි නියමෙට අශ්වයා පිටේ යනවා දැක්කා. ටෙනී අයියා කිව්වේ පුබුදුගේ කරේ අත දමා ගනිමින්. ඔව් අයියේ . . . මාර දුක හිතෙන කතාවක් තමයි කියන්න ඉතුරු වෙලා තියෙන්නේ.
‘ඒ අශ්වයා මැරුණ අයියේ . . . අපි හැමෝටම හොඳම යාලුවෙක් නැති වුණා වගේ දුකක් තමයි දැනෙන්නේ. පුබුදු කිව්වේ තමන්ගේ මිත්‍රයාට පින් අනුමෝදන් කරමින්. හැමෝම තම තමන්ගේ වැඩවල. ටෙනී අයියත් පින්තූර ගන්න පිට වුණා. තනි වුණේ මමයි චාමරයි විතරයි. ‘ගිය සතියේ පුබුදුට මාර වැඩක් වුණා. ෂූටින් තිබ්බේ නුගේගොඩ. පුබුදුට තිබුණේ පේයුමන්ට එකේ ගිටාර් ගහන්න. පුබුදු ක්ලාස් කරනවනෙ නුගේගොඩ. ක්ලාස් ඇරෙන වෙලාවකට තමයි වැඩේ සෙට් වුණේ. දැන් පේයුමන්ට් එකේ පුබුදු ගිටාර් එක තියාගෙන ගහනවා. වටේ සෙනඟ පිරිලයි හිටියේ. මෙහෙම ටික වෙලාවක් යනකොට පුබුදුගේ ක්ලාස් එකේ නහයට අහන්නේ නැති කොල්ලෙක් කැමරා බඩු පෙරළාගෙන ආවා. මේ කොල්ල රුපියල් පහේ කාසියක් තියාගෙන සර් දාන්නද කියල ඈත ඉඳන් අහනවා. පුබුදුට කර කියා ගන්න දෙයක් නැති වුණා. සර් . . . කොල්ල ආයෙත් අහනවා. අහ අහ කොල්ල ඉස්සරහට ආවා. පුබුදුට ඔන්න මෙන්න කියලා පුබුදු ගිටාර් එකත් අරන් ආපසු නොබලා දිව්වා. කොල්ල ටිකක් වෙලා බලන් ඉඳලා හිනාවෙලා යන්න ගියා. චාමර කතාව කියද්දී එතනට ආවේ යුරේනි. ‘අඩෝ . . . . අපි ඇරිසන් ප්ලේස් එකේ හරිද . . . . මඩ කතා කියල අහුවෙන්නේ නෑ . . .
‘මේ මල්ලිලා, නංගිලා, අයියලා, අක්කලගේ කතාවට බාධාවක්ද දන්නේ නෑ නේද අපේ මේ ෂූට් එක. එහෙම නං සමාවෙන්න.
චන්දික අපි ළඟට ආවේ හිනාවේගෙන. සිහින සින්ඩරෙල්ලා අමුතුම තාලයේ කතාන්දරයක්. ප්‍රවීණ නළුවන් නිළියන් වගේම නවකයන් ද ඉතාමත් හොඳට තෝරා බේරාගත් මේ නාට්‍යයේ පුබුදුට වගේම යුරේනිට, ගිහාන්ට ලැබිල තිබෙන්නේ වෙනස්ම ආරක චරිත. මේ දර්ශන තලය ඉතාමත් සංතෝෂ එකක්. හැමෝගෙම සතුට, විහිළු තහළු කතාන්දර මැද සිහින සින්ඩරෙල්ලා රූගත වෙන්නේ හරිම අපූරුවට. ගත වෙච්ච කෙටි කාලෙදි එකතු කර ගත් දේවල් ටිකත් අරන් අපි අයේ කන්තෝරුවට එන්නයි සූදානම. ‘අඩෝ දන්නවනේ අපි ඇරිසන් ප්ලේස් එකේ හරිද . . .’ යුරේනි හැමෝම ගාවට ගිහිල්ලා කියන්නේ අන්න එහෙම. සිහින සින්ඩරෙල්ලා නරඹන හැමෝටම මේ පිරිස සමඟ රැඳී ඉන්න කියලා ආරාධනා කරමින් අපි බොල්ගොඩ ගංතෙරෙන් සමු ගත්තා.
|