|
|
Glorious Golden Night ජුනි 01 දා ලුම්බිණි රඟහලේ
මෙම ප්‍රසංගය ජනප්‍රිය ග්ලෝරියස් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා වන සුරේශ් කුමාර සංවිධානය කරයි. රන්ජන් දහම්පත්, රොෂාන් සාගර, ගීතාංජලී, තරංග රංග ගායනයෙන් ද, ඩිල්ශාන් මධුශංඛ, තරිඳු ධනංජය සංගීතයෙන් ද පුබුදු චන්දන ශබ්ද පරිපාලනයෙන් ද සහාය වෙති.
චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය ජුනි 4, 5, 6 තෙදින පුරා ශ්‍රී සුමංගල ශාලාවේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ‘ආර්ට් එකේ අපි’ එකමුතුවෙන් ඉදිරිපත් කරන ‘ඉරක් ඇන්දත් හැඩැති දෙන්නෙක්’ නම් අනුරලා දෙදෙනාගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය ජූනි මස 04, 05, 06 තෙදින පුරා පෙ. ව. 9.00 සිට ප. ව. 5.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්වේ.
සම්මාන කිහිපයක්ම ලබා ඇති ඔවුන්ගෙන් අනුර ශ්‍රීනාත් ‘අනුරා ලෝකය’ නමින් ද, අනුර දහනායක ‘සම්මා’ නමින් ද චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන දෙකක් ද පවත්වා ඇත.
කුණාටුවෙන් උපන් දැරිය 04 දා දොරට වඩී
සාහිත්‍ය කෘති ගණනාවක් සිංහල සාහිත්‍යයට එක්කළ පරිවර්තක ප්‍රභාත් මිරිහාගල්ල පරිවර්තනය කළ ‘කුණාටුවෙන් උපන් දැරිය’ කෘතිය ජූනි මස 04 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.
|



‘Glorious Golden Night’නම් වාර්ෂික ගී ප්‍රසංගය ජූනි මස 01 වැනිදා ප.ව. 6.00 ට
ලුම්බිණි රඟහලේදී පැවැත්වේ.
අනුරලා දෙදෙනාම ක්ෂේත්‍රයට පැමිණ තිස් වසරක් සපුරා තිබේ. අනුර දහනායකගේ අතින්
නිර්මාණය වූ මූර්ති අතර ‘හිස් සයක මිනී
ඔළුව’ මූර්තිය විචාර පැසසුමට ලක් වූවකි.
කරුවල වලව්ව
නිකුත් විය
නිකුත්විය.