|
|
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.
Spring Breakers ‘ස්ප්‍රින්ග් බේකර්ස්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. රැමොනි කොරයින් අධ්‍යක්‍ෂණය කළ මෙහි ජේම්ස් ෆ‍්‍රැන්කෝ, සෙලීනා ගෝමස්, වැනේසා හජෙන්ස්, ඈෂ්ලි බෙන්සන්, රැචෙල් කොරයින්, ගුසී මාන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ‘ස්පි‍්‍රන්ග් බ්‍රේකර්ස්’ මිනිත්තු 93 ක කාලයකින් යුතු වේ.
‘ද කෝල්’ ත්‍රාසජනක කතා පුවතක් රැගත් හොල්වුඩ් චිත්‍රපටයක්. බ්‍රැඩ් ඇන්ඩසන් අධ්‍යක්‍ෂණය කළ මෙය මිනිත්තු 96 ක ධාවන කාලයකින් යුතු වේ. හැලී බෙරී, ඇඹිගෙයිල් බ්‍රෙස්ලින්, මොරිස් චෙස්නට්, කොල්බි ඩොනල්ඩ්සන්, මයිකල් ඉම්පීරිඔලි, ඩේවිඩ් ඔටුන්ගා ඇතුළු පිරිසක් ‘ද කෝල්’ හි රංගනයෙන් එකතු වෙති.
Wrong ‘රෝන්ග්’ හාස්‍යය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ක්වෙන්ටින් ඩ්‍යුපියුක්ස් අධ්‍යක්‍ෂණය කළ මෙහි ජැක් ජලොට්නික්, එරික් ජුඩොර්, ඇලෙක්සිස් බිසෙයිනා ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘රෝන්ග්’ මිනිත්තු 94 ක ධාවන කාලයකින් යුතු වේ.
‘ද ප්ලේස් බියොන්ඩ් ද පයින්ස්’ අපරාධ කතා පුවතක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ඩෙරික් සිනෆ‍්‍රාන්ස් විසින් අධ්‍යක්‍ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 140 ක ධාවන කාලයකින් යුතු වේ. රයන් ගොස්ලින්ග්, බ්‍රැඩ්ලි කෝපර්, ඊවා මෙන්ඩිස්, ඩේන් ඩිහාන්, රේ ලිඕටා, රෝස් බයිර්නි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
Pain and Gain ‘පේන් ඇන්ඩ් ගේන්’ අපරාධයක කතා පුවතක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. මයිකල් බේ විසින් අධ්‍යක්‍ෂණය කළ මෙහි මාර්ක් වොල්බර්ග්, ඩිව්යාන් ජොන්සන්, ඇන්තනි මැකේ, ටෝනි ෂල්හොබ්, ඊඩ් හැරිස් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. ‘පේන් ඇන්ඩ් ගේන්’ මිනිත්තු 129 ක ධාවන කාලයකින් යුතු වේ.
‘ද ලෝඩ්ස් ඔෆ් සලීම්’ හොලිවුඩ් ත්‍රාසජනක චිත්‍රපටයක්. රොබ් සොමිබී අධ්‍යක්‍ෂණය කළ මෙය මිනිත්තු 101 ක ධාවන කාලයකින් යුතු වේ. ෂෙරී මූන් සොමිබි, බෲස් ඩේවිසන්, ජෙෆ් ඩැනියෙල්, කේන් ෆෝරි, පැට්‍රිෂියා කුයින්, ජූඩි ගීසන් ඇතුළු පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති.
Chashme Baddoor ‘චැෂ්මි බාඩ්ඩෝර්’ හාස්‍යමය සිදුවීම් පෙළක් රැගත් හින්දි චිත්‍රපටයක්. ඩේවිඩ් ධාවන් අධ්‍යක්‍ෂණය කළ මෙහි අලි සෆාර්, සිද්ධාර්ත්, ටාජසෙ පානු, දිව්යෙන්දු ෂර්මා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
2008 වසරේ දී සිදු වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය ඇසුරින් නිර්මාණය කළ කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක් ‘ද ඇටෑක්ස් ඔෆ් 26 / 11’. රාම් ගෝපාල් වර්මා විසින් අධ්‍යක්‍ෂණය කළ මෙහි නානා පටේකාර්, සන්ජීව් ජිස්වාල්, සාඩි ඕර්හාන්, අෂීෂ් බට්, අතුල් කුල්කර්නි ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙති. ‘ද ඇටෑක්ස් ඔෆ් 26 / 11’ මිනිත්තු 116 ක ධාවන කාලයකින් යුතු වේ.
|




The
Call
The
Place Beyond The Pines
The
Lords of Salem
The
Attacks of 26 / 11