|
අර්ජුන්ගෙන් අහන්න
දස්කොන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ කිත්සිරි පෙරේරා ද එහෙම නැතිනම් හෙක්ටර් හේවාවිතාරණද? සරත් රණසිංහ – මාළිඳ ඇයි මතක නැද්ද සරත්. එයා කිත්සිරි පෙරේරානේ.
තෙළිගු සිනමාව ගැන යමක් කියා දෙන්නකෝ? කැමිලස් ප්‍රනාන්දු – හලාවත ඉන්දියාවේ තියන විවිධ සිනනමාවන්ගෙන් හින්දි හැරුණාම දැවැන්තම සිනමා කර්මාන්තයයි. අන්ද්‍රා ප්‍රදේශයේ අගනුවර වූ හයිද්‍රාබාද් කේන්ද්‍ර කොටගෙන පමණක් නෙවෙයි. තෙළිගුª චිත්‍රපට චෙන්නායි නගරය කේන්ද්‍ර කොට ගෙනත් තැනෙනවා. චෙන්නායි හි ප්‍රසිද්ධ චිත්‍රාගාර සියල්ලම තෙළිඟු ජාතිකයන් සතුයි. තෙළිඟු සිනමා කර්මාන්තය ආරම්භ වන්නේ 1921 දී පමණ බිහි වූ ‘භිෂ්ම ප්‍රතිඥා’ චිත්‍රපටය සමඟයි. 1931 දී ‘භක්ත ප්‍රහ්ලාදා’ චිත්‍රපටය සමඟ තෙළිගු කතානාද සිනමාව ද ආරම්භ වූවා. එහිදී බහුලව නිර්මාණය වූයේ දේව පුරාණ කතා ආශ්‍රිත නිර්මාණයි. ඒවා කෙතරම් බලවත් වූවා ද යත් එම චිත්‍රපටවල රඟපෑ එන්. ටී. රාමරාවෝ ජීවමාන දෙවියකු ලෙස එකල ජනතාව අතර ප්‍රචලිත වූවා. එම නිසා ඔහු ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති ලෙසත් ජනතා ඡන්දයෙන් පත්වූවා. දැනට ආසියාවේ ඇති අති දැවැන්තම චිත්‍රාගාරයක් වූ ‘රමෝජී’ චිත්‍රාගාරය අයත් වන්නේ තෙළි¼ගු සිනමාවටයි. එමෙන්ම එහි ප්‍රකට නිෂ්පාදකයකු වන ඩී. රාමනායිදු ලොව වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයා ලෙස ඉතිහාස ගත වුණා. එමෙන්ම වැඩිම සිනමාපට ගණනක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරිය ලෙස ඉතිහාසයට එක් වූයේ ද තෙළි¼ගු සිනමා අධ්‍යක්ෂවරියක් වන විජය නිර්මලායි. එම චිත්‍රපට ගණන 47 ක්. එමෙන්ම වර්තමාන ඉන්දියානු සිනමාවේ වඩාත්ම ජනප්‍රිය සිනමාකරුවා ලෙස නම් කළ හැකි එන්. එස්. රාජමෞලි තෙළිඟු බසින් චිත්‍රපට නිර්මාණය කරන්නෙක්. පසුගිය වසරේ ජනප්‍රිය වූ සන් ඔෆ් සර්දාර්, රවුඩි රතෝර් වැනි හින්දි චිත්‍රපටවලට පාදක වූයේ රාජ් මෞලි නිර්මාණය කරන ලද තෙළිඟු චිත්‍රපටයි. තෙළිගු සිනමාව ගැන දීර්ඝ විස්තරයක් නුදුරු අනාගතයේදී ඉන්දියානු සිනමා ඉතිහාසය තීරුවේ පළවනු ඇත.
චිත්‍රපට සංස්ථාව මඟින් අලුත් චිත්‍රපටයක පිටපත් සංඛ්‍යාව 35 දක්වා සීමා කිරීම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? අජිත් ලක්මාල් - මීගමුව චිත්‍රපට සංස්ථාව චිත්‍රපට කොපමණ තිරගත කරනවාද යන්න කියන එක ගැන චිත්‍රපට ප්‍රදර්ශකයන්, නිෂ්පාදකයන් විවිධ මත පළ කරනවා. එහෙත් මේ කිසිම කාරණයකට වඩා වැදගත් කාරණය වන්නේ මොකා හැදුවත්, මොකා ගෙනාවත් බලන්න ප්‍රේක්ෂකයන් පැමිණිය යුතු බවයි. මේ සඳහා දෙන පිළිතුර පෞද්ගලිකව අර්ජුන් ළඟ තිබුණාවේ. මේ ගැන පේ‍්‍රක්ෂකයකු හැටියට ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ දෙන්නට හැකි පිළිතුර නම්
හාවුන් වැඩි වුණත් එකයි . . .
60 දශකයේ භාරත සිනමාවේ සරාගී රංගනයන් ඉදිරිපත් කළ මුම්ටාස් ගැන කෙටියෙන් යමක් කියන්න. ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව 1947 දී උපන් මුම්ටාස් ඉන්දියානු සිනමාවට පිවිසෙන්නේ ධාරාසිංග් සමඟ අඩු වියදම් චිත්‍රපටවල රඟපාමින්. ඇය ඉරාන සම්භවයකින් යුත් කාන්තාවක්. ඇයගේ මව වයස අවුරුදු 16 දී මිය යන අතර බාල වියේදීම ඇය හැදෙන්නේ වැඩෙන්නේ තනිවමයි. 1957 දී ළමා නිළියක ලෙස ‘සෝ තේ කේ චීදියා’ හා 60 දශකයේදී ඇය ස්ත්‍රී, සේරා වැනි චිත්‍රපටවල රඟපෑවා. ඉන් කලකට පසුව ඇය අතිශය ජනප්‍රිය වූයේ ‘මෙරේ සනම්’ චිත්‍රපටයේ රඟපෑ පසුයි. ඉන් පසු පත්තර් කේ සනම්, රාම් ඕර් ශ්‍යාම්, චෝරේ මචායේ ශෝර්, අප්නා දේශ් වැනි චිත්‍රපටවල රඟපෑම නිසා අතිශය ජනප්‍රිය වූවා. 1974 දී ඇය කෝටිපති ව්‍යාපාරිකයකු වූ මයුර් මද්වානි සමඟ විවාහ වූවා.
බී. එස්. පෙරේරලා දෙදෙනෙක් කලාවට සම්බන්ධයි නේද? මේ දෙදෙනාම ජීවතුන් අතර නැද්ද? ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද එක බී. එස්. කෙනෙක් විශිෂ්ට සංගිතඥයෙක්. අනෙක් කෙනා අතිශය ජනප්‍රිය විකට නළුවෙක්. විකට නළුවා බාලසූරියගේ ස්ටීවන් පෙරේරා. සංගීතඥයා බඹරැන්දේ ශ්‍රීනාත් පෙරේරා. දෙදෙනාම ජීවතුන් අතර නැහැ.
හින්දි සිනමාවේ මුල් වසරවල තිරගත කෙරුණු චිත්‍රපටවල තවමත් හොඳ පිටපත් තිබෙනවා. නමුත් අපේ සිනමාවේ මුල්ම චිත්‍රපටයෙවත් හරිහැටි පිටපතක් නොතිබීම අපට මහත් කණගාටුවක්. ආර්. රණසිංහ – කපුගොඩ අපි හැමදාම ලෝකයේ වෙන රටවල සිනමාව ගැන හීන දකිනවා. ඉන්දියාවේත් පැරැණි චිත්‍රපටවලින් ඉතිරිව ඇත්තේ අතලොස්සයි. නමුත් ඒවා අප මෙන් නොව හොඳින් සංරක්ෂණය කරනවා. මුල් කාලයේ බොහෝ චිත්‍රපට ඉන්දියානුවන් විසින්ම විනාශ කළා. මුල්ම ඉන්දියානු කතානාද චිත්‍රපටය වූ ‘අලම්අරා’ චිත්‍රපටය අද දැකගත හැකි වන්නේ එහි නිශ්චල ඡායාරූපවලින් පමණයි.
|