|
ජනදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි
ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජනදාස පීරිස් මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය. ඔහු මේ දිනවල විකාශය වන යාය 4 ඇතුළු සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන චාමර පීරිස්ගේ දයාබර පියාණන්ය. ප්‍රකට දේශපාලන විචාරකයකු මෙන්ම ග්‍රන්ථ කතුවරයකු ද වන ඒ මහතා කලක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද සේවය කරන ලදී.
වෙන්ව ගිය ගමන අවසන්සන්ධානය, සංසදය එක්වෙයි චිත්‍රපට සංස්ථාවට පූර්ණ සහාය
දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය සහ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ඒකාබද්ධව පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙතෙක් වෙන් වෙන්ව එකම අරමුණක් යටතේ ක්‍රියා කළ එම සංවිධාන යුගල එදින සිට සිංහල සිනමාවේ අභිවෘද්ධිය තකා එකට එක් වී තීන්දු තීරණ ගන්නා බව එහිදී ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවෙන් පනවන ලද චිත්‍රපටයක පිටපත් ගණන තිස් පහකට සීමා කිරීමත්, රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබෙන පිළිවෙළට චිත්‍රපට තිරගත කිරීම යන නීති මාලාවට පූර්ණ සහයෝගය පළ කරන බව ද මාධ්‍යයට දන්වා සිටියේය. එක් එක් පුද්ගලික අවශ්‍යතා මත චිත්‍රපට පිටපත් තිස් පහට එහා බෙදා හැරීමෙන් සිදුවන හානිය ගැන ද මෙහිදී පෙන්වා දුන්හ. මේ අවස්ථාව සඳහා ලාංකේය සිනමා කර්මාන්තයේ සක්‍රීයව ක්‍රියා කරන සිනමා අධ්‍යක්ෂවරුන් රැසක් සහභාගී වී සිටියහ.
‘ජේසු ක්‍රිස්තු යුග පෙරළිය’ මහ සිකුරාදා සිරස නාළිකාවේ
සුනිල් කොස්තාගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙය පසුගිය වසරේ තඹකන්ද දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය කළ පාස්කු නාට්‍යය ඇසුරෙන් රූප මාධ්‍යයට පරිවර්තනය කොට තිබේ. එහි රංගනයට දායක වූ පිරිසම ටෙලි චිත්‍රපටය සඳහා දායක වී සිටීම විශේෂත්වයකි. මෙහි ක්‍රිස්තුස් වහන්සේ ලෙස ජීවන් කුමාරණතුංග රඟ දක්වයි. සෙසු චරිතයන් රවීන්ද්‍ර රන්දෙණිය, ක්ලීටස් මෙන්ඩිස්, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ටෙනිසන් කුරේ, රොෂාන් පිළපිටිය, ඥානාංග ගුණවර්ධන, ප්‍රියන්ත විජේසිංහ, උදේනි අල්විස්, රෙබෙකා නිර්මලී, බොනිෆස් ප්‍රනාන්දු ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති. දිනේෂ් සුබසිංහ සංගීතය නිර්මාණය කර ඇත. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියාය. ප්‍රේම් ප්‍රනාන්දු ජේසු ක්‍රිස්තු යුග පෙරළිය නිෂ්පාදනය කොට ඇත.
මාරිම්බරියේ අර්ධ ශතකය හය වැනිදා
ආචාර්ය රෝහණ වීරසිංහ වාද්‍ය වෘන්දය මෙහෙයවනු ලැබේ. විශාරද චරිතා ප්‍රියදර්ශනී, ශ්‍රියා කාරියවසම් සහ ශාරණ්‍යා ජයකොඩි යුග ගායනයෙන් එඩ්වඩ් හා එක්වෙති. කථනය වසන්ත රෝහණගෙනි. මෙම සුවිශේෂී වූ ප්‍රසංගය අතරතුරදී එඩ්වඩ්ගේ උපන් දිනය සහ ඔහු සංගීත ක්ෂේත්‍රයට සපැමිණ 38 වැනි වර්ෂ පූර්ණය ද සැමරෙනු ඇත. මාරම්බරී – 50 සැරිසර අපි කණ්ඩායමේ සංවිධානයකි. |