|
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.
The Devil Inside විලියම් බර්න්ට් බෙල් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 83 ක ධාවන කාලයකින් යුතු වේ. ෆර්නැන්ඩා ඇන්ඩ්‍රේ, සීමන් ක්වාටමෑන්, ඊවන් හෙල්මූන්, සුසැන් ක්රොව්ලි ප්‍රධාන චරිත පණ පොවති.
The Grandmaster ‘ද ග්‍රෑන්ඩ් මාස්ටර්’ චීන නිෂ්පාදනයක්. ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි අධ්‍යක්ෂණය වොන් කා - වායි විසිනි. ටෝනි ලෙයුන්ග්, ඇන්ග් සීයි, චවුන්ගේ චෙන්, ෂාහෝ බෙන්ෂාන්, සොන්ග් මයිකියෝ, වොන්ග් කින්ග්ස් ඇන්ග් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
‘සයිඩ් ඉෆෙක්ට්ස්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් ගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ස්ටීවන් සෝඩර්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි රෝනි මාරා, චානින්ග් ටැටුම්, ජූඩ් ලෝ, පොලී ඩ්‍රෙපර්, මාරින් අයර්ලන්ඩ්, ජේම්ස් මාටිනස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ‘සයිඩ් ඉෆෙක්ට්ස්’ මිනිත්තු 106 ක ධාවන කාලයකින් යුතු වේ.
The Incredible Burt Wonderstone ‘ද ඉන්ක්‍රෙඩිබල් වොන්ඩර්ස්ටෝන්’ මිනිත්තු සියයක ධාවන කාලයක් රැගත් හාස්‍යජනක හොලිවුඩ් චිත්‍රපටයකි. ඩොන් ස්කාඩියානෝ විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ස්ටිව් කැරොල්, ස්ටීව් බෂෙමි, ඔලිිවියා වයිඩ්ල්, ජිම් කැරේ, ජේම්ස් ගැන්ඩොෆිනි, ඇලන් ආර්කින් ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
‘ද වර්ඩ්ස්’ ප්‍රේමණීය කතා පුවතක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. බ්‍රයන් ක්ලුග්මන් සහ ලී ස්ටර්න්තල් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ඩෙනිස් කුඑයිඩ්, ජෝන් හනා, ජෙරම් අයන්ස්, බ්‍රැඩ්ලි කූපර්, සෝ සල්ඩනා, මයිකල් මැකේන් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ද වර්ඩ්ස්’ මනිත්තු 97 ක ධාවන කාලයකින් යුතු වේ.
Jack the Giant Slayer ‘ජැක් ද ජඉන්ට් ස්ලෙයර්’ මනඞකල්පිත කතා පුවතකින් නිර්මාණය වූ හොලිවුඩ් චිත්‍රපටයක්. බ්‍රයන් සින්ගර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 114 ක ධාවන කාලයකින් යුතු වේ. සිකොලස් හොවුල්ට්, එලිනෝර් ටොම්ලින්සන්, ඉයන් බැක්ෂන්, බිල් නයිගි, ඊවෝන් මැක්ග්‍රෙගෝර් ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
‘සාරේ ජහාන් සෙ මෙහෙන්ගා’ හාස්‍යමය කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක්. අන්ෂුල් ෂර්මා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ සන්ජේ මිශ්රා, ප්‍රගති පාන්ඩේ, ෂකීර් හුසේන්, විශ්ව මෝහන් බාඩොලා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
3 G ‘3 ට්’ බොලිවුඩ් ත්‍රාසජනක චිත්‍රපටයක්. ශීර්ෂක් ආනන්ද් සහ ෂන්තනු රේ කිබ්බර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ නීල් නිතින් මුඛේෂ්, සොනාල් චබුහාන්, අශීෂ් කපූර්, ෂයිලෙෂ් සිංග්, ප්‍රිතිවිරාජ් චවුද්‍රි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
|