|
ගායනයට, වාදනයට මෙන්ම නිවේදනයට උපන් හපන් සචිනි
ගායනයට අමතරව වාදනයට දස්කම් දක්වන ඇය පියානෝව, තබ්ලාව වැනි වාදන භාණ්ඩ වාදනයටත් යොමු වෙලා තියෙනවා. මේවන විට සචිනි සංගීත විශාරද විභාගයේ දෙවැනි අදියරත් සමත් වෙලා. පාසලේ දේශීය තූර්ය වාදන කණ්ඩායමේ සාමාජිකාවක වන ඇය පාසල් මාධ්‍ය ඒකකයේ ද ක්‍රියාකාරී සාමාජිකාවක්. නිවේදන අංශයේ හැකියාව ඔප්නංවමින් සචිනි, ස්වාධීන රූපවාහිනී සේවයේ ළමා අංශයේ ‘ටිකිරි පැය’ සහ සිරස නාලිකාවේ ‘පුංචි පැටව්’ වැඩසටහන් සඳහා ද සිය දායකත්වය ලබා දී තියෙනවා. පාසල් නාට්‍යවල දී ගායනයෙන් මෙන්ම රංගනයෙන් ද එක්වන සචිනි භරත නාට්‍යම් ඉගෙනීමටත් යොමු වෙලා. ඒ වගේම ඉදිරියේදී චිත්‍රපටයකට රංගනයෙන් එක් වන්නත් ඇය තුළ බලාපොරොත්තුවක් තියෙනවා. විවිධ භාෂා ඉගෙනීමට විශේෂ කැමැත්තක් දක්වන මේ පුංචි කලාකාරිය අනාගතයේ දී කලා අංශයෙන් සරසවි වරම් ලබා සංගීත කථිකාචාර්යවරියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කුඩා කාලයේ සිටම මේ දක්වා කලා අංශයෙන් සාර්ථක ගමනක් එන්න ඇයට උපකාර කළ ගුරුවරුන් ඇතුළුව ආදරණීය අම්මා, තාත්තා සහ අයියා කෘතඥපූර්වකව සිහිපත් කරන්නත් ඇය අමතක කළේ නැහැ.
‘පායන හිරු’ බලන්න ඔබත් එන්න තිස් එක් වැනිදාට
සංඛගේ මව ශ්‍රී ලංකාවේ රූගත කළ ප්‍රථම දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟ දක්වා ඇත. සංඛ ගේ ඇඟට ද එන්නට ඇත්තේ මවගේ ආභාෂය වන්නට ඇත. ගම්පහ පුරවරයෙන් කලා ලොවට ආ මොහු ගායන ශිල්පියෙක් ලෙස ද නමක් හදා ගෙන ඇත. මේ කියන්නට හදන්නේ සංඛ විසින් නිර්මාණය කළ ඔහුගේ නවතම ගීත ඇතුළත් සීි. ඩී. තැටිය ‘පායන හිරු’ නමින් එළි දක්වන්නට සූදානම් වීම ගැනයි. සී. ඩී. තැටිය හා ඩාන්සින් ඒන්ජල්ස් ශ්‍රී ලංකා නර්ථන ප්‍රසංගය දොරට වැඩීම 2013 මාර්තු මස 31 වන ඉරු දින සවස 3.30 ට ගම්පහ වයි. එම්. බී. ඒ. රංග ශාලාවේදී සිදු කෙරේ. මෙහි ගීත රචනයෙන් ලක්ෂ්මන් මල්ලවආරච්චි, තිස්ස ඩයස්, ධම්මික පතිරාජ දායක වේ. යුග ගායනය නෙලූ අධිකාරි සහ පුර්නිමා කුලසිරිය. තනු නිර්මාණය ධම්මික පතිරාජ, දේවින්ද පතිරාජ, දිනූෂ දසනායක, හිත්සිළු ධනුජ ය. ශබ්ද - සංගීතය දේවින්ද පතිරාජ ගෙනි. ඔබත් එන්න පායන හිරු සැඳෑවට. දක්ෂතා රැසකින් සමන්විත සංඛ ගේ කලා දිවියට සරසවිය පුවත්පතේ ආශිර්වාදය. මේ සංඛ විදුරංග ගේ දුරකථන අංකයයි. 0777960766.
|