|
|
|||
මේ සතියේ රටවිරුවෝ
සීනි මෝදර වාදරම්ගේ නීල් උපතින්ම ගායන හැකියාව උරුම කර ගත් රට විරුවෙක්. සහෝදරියන් දෙදෙනකු සහ එක් සහෝදරයකුගෙන් යුතුª පවුලේ දෙවැනියා වූ නීල් විදෙස් සේවයට යොමු වෙලා තියෙන්නේ 2011 වසරේදී.
පුංචි කාලේ සිටම හීනයක් වෙලා තිබුණ ගායන හැකියාව පෙන්වන සිහිනය සැබෑ කර ගන්න රටවිරු රියල් ස්ටාර් වේදිකාවෙන් පුෂ්පා අයිරාංගනීටත් අවස්ථාවක් ලැබිලා. සහෝදරයන් හතර දෙනකු සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුතු පවුලක සාමාජිකාවක වන අයිරාංගනී දියණියන් දෙදෙනකුගේ මවක්. ලක්සා මැදගොඩගේ රටවිරු රියල් ස්ටාර් වේදිකාව ගීතවත් කළ තවත් තාරුකාවක්. වසර 14 ක පමණ සිට විදෙස් සේවයේ යෙදෙන ඇයට ගායන හැකියාවන් ඔප් නංවාගෙන තියෙන්නේ පාසල් අවදියේමයි.
කුවේට් හි කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන තුවන් සගලහන් රටවිරු රියල් ස්ටාර් වේදිකාව ගිතවත් කළ තවත් තරුවක්. පුතුන් දෙදෙනකු සහ දියණියකගේ පියකු වන තුවාන් ගායනයට යොමු වෙලා තියෙන්නේ පාසල් අවදියේදීමයි.
|
|||



කලා හැකියාවන් තිබුණත් ඒ හැමෝටම කලා අංශයට යොමු වෙන්න වාසනාව ලැබෙන්නේ නැහැ. ඒ
නිසාම විවිධ අංශ කරා ඔවුන් යොමු වෙන්නේ රාජකාරි මට්ටමෙන්. නමුත් අද වන විට කලා
අංශයේ හැකියාවන් පෙන්වන්න හැමෝටම දොරටු විවර වෙලා තියෙනවා. විදෙස් ගතවෙලා ඉන්න අපේ
රටේ සොයුරු සොයුරියන්ගේ කලා හැකියාවන් පෙන්වන්න ඉදි කළ වේදිකාව ‘රටවිරු රියල්
ස්ටාර්’ වැඩසටහනයි. මේ එහිදී තම දක්ෂතා පෙන් වූ රටවිරුවන් කිහිප දෙනෙක්.
මීළඟට රටවිරු වේදිකාව ගීතවත් කළේ නයනී චන්ද්‍රිකා. පාසල් වියේ සිටම ගායනයට යොමු වු
නයනී තම පවුලේ ආර්ථිකය යහපත් කරන්න කුවේට් හි විදෙස් සේවයට එක් වෙලා තියෙන්නේ 2011
වසරේදී.
රටවිරු රියල් ස්ටාර් වේදිකාවට මීළඟට වරම් ලැබුණේ මනෝජ් සාරංග නානායක්කාරට. මවත්,
පියාත් කුවේට් හි සේවයේ නිරතව සිටීම නිසා මනෝජ් ඉපදිලා හැදුණේ වැඩුණෙත්
කුවේට්හිදීමයි. සංගීත අංශයට යොමුවෙලා තියෙන්නේ ගීත ශ්‍රවණය කර ඒ තුළින් ඇති වූ ආශාව
නිසාමය.

