බලනවා නම් චිත්‍රපට
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට
අත්වැලක් වෙන්නයි මේ වෑයම.
The
Woman in Black
‘ද වුමන් ඉන් බ්ලැක්’ ත්‍රාසජනක කතා පුවතක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. සුසැන්
හිල්ගේ ‘ද වුමන් ඉන් බ්ලැක්’ නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ මෙය මිනිත්තු 95 ක ධාවන
කාලයකින් යුතුªවේ. ජේම්ස් වොට්කින්ස් අධ්‍යක්ෂණය කළ මෙහි ඩැනියෙල් රැඩ්ක්ලිෆ්,
සිරන් හින්ඩ්ස්, ජැනට් බැක්ටීයර්, ලීස් වයිට් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
This
Means War
ආදරය හාස්‍ය රැගත් ‘දිස් මීන්ස් වෝර්’ හොලිවුඩ් චිත්‍රපටය ත්‍රිකෝණ ප්‍රේම කතාවක්
පදනම් කරගත් චිත්‍රපටයක්. ජෝෂප් මැක්ගිනිටි අධ්‍යක්ෂණය කළ මෙහි රීස් විතස්පුන්,
ක්‍රිස් පයින්, ටොම් හාර්ඩ්ලි, විල් සැච්විගර් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘දිස්
මින්ස් වෝර්’ මිනිත්තු 97 ක ධාවන කාලයකින් යුතු වේ.
Act
of Valor
මයික් මැක්කෝ සහ ස්කොට් වොග් විසින් අධ්‍යක්ෂණය කළ ‘ඇක්ට් ඔෆ් වැලෝර්’ ක්‍රියාදාම
චිත්‍රපටයක්. රොස්ලෙන් සැන්සෙච්, නෙස්ටර් සෙරානෝ, එමිලිඕ රි වේරා ප්‍රධාන චරිත
නිරූපණය කරන මෙම චිත්‍රපටය මිනිත්තු එකසිය දහයක කාලයකින් යුතු වේ. 70 වැනි ගෝල්ඩන්
ග්ලෝබ් සම්මාන උළෙලේදී මේ සඳහා හොඳම ගීතයට හිමි සම්මානය හිමි විය.
Good
Deeds
ටේලර් පෙරී විසින් අධ්‍යක්ෂණය කළ ‘ගුඩ් ඩීඩ්ස්’ ප්‍රේමණීය කතා පුවතක් රැගත්
හොලිවුඩ් චිත්‍රපටයක්. ටැන්ඩි නිව්ටන්, ටේලර් පෙරී, බ්‍රඩන් ජේ. වයිට්, රෙබෙකා
රොමිජන්, ජැමී කෙනඩි, පෙසීලා රෂාඩ්, ගෙබ්‍රියෙල් යුනියන් මෙහි රංගනයෙන් දායක වෙති.
‘ගුඩ් ඩීඩ්ස්’ මිනිත්තු එකසිය එකොළහක ධාවන කාලයකින් යුතු වේ.
A
Thousand Words
‘අ තවුසන්ඩ් වර්ඩ්ස්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. බ්‍රයන් රොබින්ස් අධ්‍යක්ෂණය
කළ මෙහි එඩී මර්ෆි, කෙරී වොෂින්ටන්, ක්ලිෆ් කර්ට්ස්, ක්ලාර්ක් ඩනුක්, ඇලිසන් ජෙනී
ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘අ තවුසන්ඩ් වර්ඩ්ස්’ මිනිත්තු අනූ එකක කාලයකින් යුතු
වේ.
Fatso
රාජට් කපූර් අධ්‍යක්ෂණය කළ ‘ෆැට්සෝ’ හාස්‍යමය සිදුවීම් රැගත් හින්දි චිත්‍රපටයක්.
රන්වීර් ෂෝරේ, ගුල් පානග්, පුරබ් කෝහිල්, නේල් භූපාලම් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ
පොවති.
Gattu
රාජන් කෝෂා අධ්‍යක්ෂණය කළ ‘ගට්ටු’ කුඩා පිරිමි ළමයෙකු වටා ගෙතුන කතා පුවතක් රැගත්
ළමා චිත්‍රපටයක්. මොහොමඩ් සමාඩ්, නරේෂ් කුමාර්, ජයන්තා ඩයස්, සොයිසා අර්ෂාඩ්,
රිෂිට් කෞෂික්, සරවාසා සින්ග්, මොහිටි පාන්චේ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
Gangs
of Waseepur
අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ෂණය කළ ‘ගැන්ග්ස් ඔෆ් වෙස්පූර්’ අපරාධයක කතා පුවතක් රැගත්
හින්දි චිත්‍රපටයක්. පවුල් තුනක් අතර බලය, දේශපාලනය නිසා ඇති වන අරගල හා පළිගැනීම්
ගැන කියවෙන මෙහි මනෝජ් බජ්පායි, රිචා චඩ්ඩා, තිග්මාෂු ධුලිකා ප්‍රධාන චරිත පණ
පොවති.
- යතේජා ඥානරත්න
|