|
|
දැන් මෙරටදී නැරැඹිය හැකි හොලිවුඩ් චිත්‍රපට‘එස්කේප් ෆ්රොම් ප්ලැනට් අර්ත්’ (සැවෝයි වැල්ලවත්ත)
පෙබරවාරි මස 15 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය ඇරැඹි මෙම චිත්‍රපටය පරිගණක සජීවිකරණ ත්‍රිමාණ නිර්මාණයකි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ කාල් බෘන්කර්. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හා එක්ව බොබ් බාර්ලන් කතාව රචනා කර ඇත. බ්‍රෙන්ඩන් ෆ්රේසර්, රොබ් කොඩ්රි, රිකී ජර්වෙස්, ජොනතන් මෝගන්, ජෙසිකා ඇල්බා, සේරා පාකර්, ජේසන් බෙන්සන්, ඩග් ඒබ්‍රැහැම්ස් යන ශිල්පීන් ශිල්පිනියන්ගේ හඬ දායකත්වය හිමිව තිබේ.
‘බුලට් ටු ද හෙඩ්’ (මැජෙස්ටික් සිනමා)සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතය නිරූපණය කරන නවතම ක්‍රියාදාම සිනමාපටයයි. චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කෙරුණේ පසුගිය වසරේ නොවැම්බර් 14 වැනිදා පැවති රෝම සිනමා සැණකෙලියේදී. ප්‍රංශ නවකතාවක් වන ‘DU PLOMB DANS LA TETE’ ඇසුරින් චිත්‍රපටය නිර්මාණය කර ඇත. සුප්‍රකට සිනමාකරු වෝල්ටර් හිල්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි සුං කැන්ග්, සේරා ෂාහි, ක්‍රිස්ටින් ස්ලේටර්, ජේසන් මොමෝආ චරිත නිරූපණය කරති. චිත්‍රපටය ලොව පුරා බෙදා හරින්නේ ‘වෝනර් බ්‍රදර්ස්’ සමාගමයි. අමෙරිකානු ඩොලර් මිලියන 55 ක වියදමක් චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදනය සඳහා වැය කර ඇත. අනුර ගාමිණීගේ ‘මුදාගෙන උතුර’ සංයුක්ත තැටිය එළි දකියි
ජෝති උපහාර ප්‍රසංග හතළිස් නවයක් පවත්වා ඇති අනුරගේ ප්‍රසංගයන් හි සංගීතය සපයනු ලැබුවේ ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන් හා සන්ෆ්ලවර් යන සංගීත කණ්ඩායම්ය. පසුගිය වසර දෙකක කාලයක සිට ‘ජෝතිමත් පැදුර’ නමින් නිර්මාණාත්මක ජෝති උපහාර ප්‍රසංග 6 ක් ඉදිරිපත් කළ අනුර ‘කලාකරුවෝ අපි’ වැඩසටහනින් අතිගරු ජනාධිපතිතුමන්ගේ ජය තහවුරු කිරීමට ද දායක වූවෙකි. පසුගියදා අතිගරු ජනාධිපතිතුමන්ට හා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය වෙනුවෙන් ඔහු ‘මුදාගෙන උතුර’ නමින් සංයුක්ත ගී තැටියක් ද නිකුත් කළා. වෘත්තියෙන් බන්ධනාගාර නිලධාරියෙක් වන අනුර එළිමහන් සංගීත ප්‍රසංගවල ද ගී ගයන්නෙකි. ඔබ ඔහුට අමතනවා නම් 0774176148 දුරකතන අංකය ඔස්්සේ ඇමතිය හැකියි. ශනිදා කතාබහ 09 වැනිදා සිටරසික ජනාදරය දිනාගත් ගායක ගායිකාවන් සහභාගි වන ගීතමය පිළිසඳර ශනිදා කතාබහ මෙම මස 09 වෙනිදා සවස 4.30ට ගුවන්විදුලියේ වෙළඳ සේවයේ විකාශය වේ. වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ ගේ උපදේශකත්වයෙන් හා විජයසිරි බෝපගේ ගේ සම්බන්ධීකරණයෙන් ආරම්භ වන මෙම වැඩසටහනේ මුල් පියවර සඳහා එදින ගායන ශිල්පී රෝහණ සිරිවර්ධන එක්වෙයි. කලාකරුවන්ට සංගමයක්කලාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන, කලාකරුවන්ගේ ජීවිතයේ සැදෑ සමය, වඩාත් සුරක්ෂිත කිරීමේ අරමුණින්, “ සුබසාධන වැඩසටහනක් ” ක්‍රියාත්මක කිරීමට, සංගීතවේදී, සුනිල් ධර්මසේන අදහස් කරයි. මේ පිළිබඳ අදහස් පැහැදිලි කිරීමක් මෙම මස 8 වෙනිදා, එනම් හෙට සවස 6.30ට මහරගම දෙහිවල පාරේ පිහිටි, බුදවත්ත කලායතනයේ දී සිදුවනු ඇත.දැනට කලාවේ නියැලෙන සියලුම කලාකරුවන්ට මෙයට සහභාගි වන ලෙස ඔහු විවෘතව ආරාධනා කරයි. TOP TENමාර්තු මස 1-3 ත් අතර හොලිවුඩ් චිත්‍රපට ඉපැයූ ආදායම් මෙසේයි...
2. “ අයිඩෙන්ටිටි තීෆ් ” – ඇ.ඩො.මි. 9.706 3. “ ට්වෙන්ටි වන් ඇන්ඩ් ඕව ” – ඇ.ඩො.මි. 8.754 4. “ ස්නිච් ” – ඇ.ඩො.මි. 7.768 5. “ ද ලිස්ට් එක්සෝසිසම් පාට් 2 ”- ඇ.ඩො.මි. 7.728 6. “ එස්කේප් ප්‍රොරෝම් ප්ලානට් අර්ත් ” – ඇ.ඩො.මි. 6.619 7. “ සේෆ් හේවන් ” – ඇ.ඩො.මි. 6.278 8. “ සිල්ව ලයිනිංග්ස් ප්ලේබුක් ” – ඇ.ඩො.මි. 5.723 9. “ අ ගුඩ් ඩේ ටු ඩයි හාඩ් ” – ඇ.ඩො.මි. 4.572 10. “ ඩාක් ස්කයිස් ” – ඇ.ඩො.මි. 3.468 |



සුප්‍රකට ගගනගාමී ‘ස්කෝච් සුපනෝවා’ හට වෙනත් ග්‍රහ ලෝකයකින් විශේෂ පණිවුඩයක් ලැබේ.
එය බේරා ගැනීමේ පණිවුඩයකි. මෙම පණිවුඩය පිටුපස භයානක කුමන්ත්‍රණයක් පවතී. සුපමෝවා
එයට හසුවේ. ‘එස්කේප් ෆ්රොම් ප්ලැනට් අර්ත්’ චිත්‍රපටයට වස්තු විෂය වන්නේ මෙම කතා
පුවතයි.
ත්‍රිමාන නිර්මාණයක් ලෙසින් එළිදක්වා ඇති චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ රේන්මේකර්
එන්ටටේන්මන්ට් ආයතනයයි. චිත්‍රපටය සඳහා දරා ඇති බර පැන අමෙරිකානු ඩොලර් මිලියන 40
කි. කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය යන රටවල
දායකත්වය මෙම නිර්මාණයට හිමිව තිබේ.
වසර විසි පහක් තිස්සේ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන් වෙනුවෙන් උපහාර ප්‍රසංග
පැවැත් වූ අනුර ගාමිණී කුමාරසිංහ සැක්සෆෝන් වාදනයෙන්ද දස්කම් පාන්නෙක්.
1. “ ජැක් ද ජයන්ට් ස්ලෙයර් ” – ඇ.ඩො.මි. 27.202