|
අනේ අපටත් අන්තර්ජාතික සිනමා උළෙලක්43 වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල පිළිබද ලියැවුණ ලිපි මාලවක අවසානය
එනම් පැවැති ආරක්ෂක තත්වයයි.එහෙත් වර්තමානයේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී විඳීන්නට තිබෙන ආරක්ෂක ගැහැට එමටය.අද එහි සිනමා ශලාවකට යන විට පමණක් නොව එකී බිම ට ඇතුළුවන විට ද බෝම්බ නිරීක්ෂණ යන්ත්‍රයන්ගේ ද ආරක්ෂකයන්ගේ ද නිබඳ පරීක්ෂාවට හසුවෙයි.එහෙත් අද අපට එම ගැටලු නැත.එමෙන්ම රටවල් රාශියක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙබඳු උළෙලකදී ඒ සදහා පැමිණෙන්නෝ බොහොමයකි.එමෙන්ම අන්තර්ජාතික වශයෙන් ලොව බොහෝ සිනමා උත්සව ජාත්‍යන්තර මාධ්‍යය හමුවේ කැපී පෙනෙයි.එය මෙරට පැවැත්වීම හරහා අපට ලබා ගත හැකි ජාත්‍යන්තර අවධානය ඉමහත්ය.
උළෙලේ විශේෂ ජූරි සම්මානය පිරි නැමුණේ කියුබානු චිත්‍රපටයක් වූ una noche චිත්‍රපටයටයි. ලුසී මොලී නම් සිනමාකාරියගේ මුල්ම චිත්‍රපටය එයයි.ඇමෙරිකානු යුවතියක් වන ඇය බ්‍රිතාන්‍යයේදී සිනමාකරණය හැදැරුව ද චිත්‍රපටය නිර්මාණය කොට තිබුණේ කියුබාව වෙනුවෙනි. එය අරුම පුදුමයක් නොවේ. වර්තමානයේ සිනමාකරුවන්ගේ නිර්මාණ හරහා ඔවුන්ගේ ජාති ජම්ම සොයා ගත නොහැකි වෙයි.ඉරානයේ සුප්‍රකට සිනමාකරු අබ්බාස් කියොරොස්තාමි සිය නවතම චිත්‍රපටය නිර්මාණය කොට තිබුණේ ජපානය වෙනුවෙනි.ලුසී මොලී ගේ චිත්‍රපටයට පාදක වනුයේ කියුබාවේ සිට අමෙරිකාවට පලා එන්නට වෙර දරන ගැටවරයන් ගැන කතාවකි. අමෙරිකානු මියාමි වෙරළේ සිට කියුබාවට ඇති දුර සැතැපුම් 72 කි.මේ දුර ගෙවා අත්ලාන්තික් සාගරය තරණය කිරීම ජීවිතය සහ මරණය අතර ඇති අරගලයකි.ඒකාකාරි හා ඉච්ඡා භංගත්වයෙන් පෙළෙන ගැටවරයන් දෙදෙනකු වූ රඔල් සහ එලියෝ යන ගැටවරයන් දෙදෙනා එයින් මිදී වඩා යස ඉසුරු පිරි අමෙරිකාවට පලා යන්නට සැලසුම් කරයි.ඔවුන්ගේ සහායට එන්නේ රඔල්ගේ නිවුන් සහෝදරිය වූ ලයිලා ය.එහෙත් ඒ සඳහා ඔවුන්ට සියලු පහසුකම් නැත. හැමතැනම ඇත්තේ දුප්පත් කම පමණී.මුදලක් සොයා ගත හැකි පහසුම ක්‍රමය නම් සිරුර විකිණීමය.කියුබාවේ සිට අමෙරිකාවට පලා යන්නේ ඇයි යන්න පිළිබඳ සිනමාකාරිය සියුම් විවරණයක යෙදෙයි.එහෙත් ඔවුන්ගේ ගමන පහසු නැත.
සුප්‍රකට සිනමාකරු බර්නාඩෝ බර්ටොලුචීගේ නවතම චිත්‍රපටය ද එබඳු ගැටවරයන් පිළිබඳ තැනූ චිත්‍රපටයක් වෙයි.මී ඇන්ඩ් යූ නමින් තැනුණ එම චිත්‍රපටය නිවසින් පලා විත් නවාතැන් ගෙන සිටින 14 හැවිරිදි කොලු ගැටයකු වටාය.මේ කොලු ගැටයාට යෙහෙළියක වනුයේද විටක කරදරයක් වනුයේ ද තම අර්ධ සහෝදරියයි.එය හදිසි හමුවක් වුව ද මේ දෙදෙනා එකිනෙකා හා බැඳෙති.වැඩිහිටි හා යොවුන් විය අතර එකිනෙකා ගේ ගැටුම ද ජිවිතය පිළිබඳ අපූරු කතිකාවතක් ද බර්ටොලුචී සිය නිර්මාණයෙන් ගෙන එයි. මේ වන විට 72 හැවිරිදි මේ සිනමාකරුවා තවමත් සිතින් ගැටවරයකු යැයි අපට සිතෙන්නේ නොදැනුවත්වමය.මේ වන විට ලොව සිනමා කර්මාන්තයේ නියැලෙන වයෝවෘද්ධතම සිනමාකරුවා පෘතුගාලයේ මැනුවෙල් ඩි ඔලිවේරාය. ඔහුගේ වයස දැන් අවුරුදු 104 කි.දැනට ලොව ජීවත් වන වැඩිමහල් ම සිනමාකරුවා මිගෙල් මොරයිස් ඔලිවේරාට වඩා වසරකින් වැඩිමහල් නමුත් දැන් සිනමාවෙන් විශ්‍රාම ගෙන ඇත්තේය.ඔහු පෘතුගාලයට අල්ලපු ස්පාඤ්ඤයේය.ඔලිවේරා නිර්මාණය කළ නවතම චිත්‍රපටය ද මෙවර සිනමා උළෙලට ඇතුළත් විය.එය ගෙබෝ ඇන්ඩ් ද ෂැඩෝනම් විය. තම පුතු?ගේ අතුරුදහන් වීමත් සමඟ ඔහු එතැයි බලාපොරොත්තුවෙන් ජීවත් වන මහලු යුවළක් සහ තරුණ ලේලියක වටා ගෙතුණ මේ චිත්‍රපටය පෘතුගාල ලේඛකයකු වූ රඔල් බ්‍රැන්ඩෝගේ නාට්‍ය පිටපතක් ඇසුරෙන් තිරයට නංවන ලද්දකි. මේ චිත්‍රපටය පුරාම දැක ගත හැක්කේ නාට්‍යයක විලාසයයි.වඩාත් ම වැදගත් කාරණය නම් අදාළ නාට්‍ය කරුවා මිය ගොස් දැනට වසර 70ක් ඉක්මවා ඇතත් මේ පුවත සර්වකාලින අගයක් ගැනීමයි.
මේ සිනමා උළෙල පුරා මා දුටු වැදගත් තවත් කරුණක් නම් බොහෝ නම දිනූ සිනමාකරුවන් කාලයාගේ ඇවෑමෙන් වයසට ගොස් ඇති බවය.ඔවුන්ගේ සිනමාව ද නයසත් සමග ජරපත්ව ඇත්තේය. කලකට ඉහත මා බෙහෙවින් අගය කළ ටින් ඩ්‍රම්, ලොස්ට් හොනර් ඔෆ් කැතරිනා බ්ලම් වැනි චිත්‍රපට නිර්මාණය කළ ජර්මානු සිනමාකරු වොල්කර් ස්ක්ලොන්ඩ්‍රොෆ් ගේ කාල්ම් ඇට් ද සී එබන්දකි. ඔවුන්ගේ චිත්‍රපටවල තිබූ ජිවය කල් ඉකුත්වෙමින් යයි.ඒ තැන ගන්නට අලුත් සිනමා පරම්පරාවක් එළැඹෙමින් සිටියි. මේ පරම්පරාව පිවිසීමත් සමඟ දළ සේයා පටය යනු සිනමා පටය යැයි ඇදහූ පරම්පරාවද අහෝසි වන්නේය.මෙවර සිනමා උළෙල සඳහා පූර්ව දැන්වීම සකසා තිබුණේ සම්මානනීය සිනමා කරු ෂාජි එන්.කරූන් ය. ඉන්දියානු පලසක් මත ඇවිද එන මයුර යුවළ අතරින් ඉන්දියාවේ විවිධ භාෂාවන්ගේ ඇති අක්ෂර වැස්සක් මෙන් ඇද හැලෙයි. එක් අකුරක් සමග මොනරිය මොනරාට සමීප වෙයි. ඒ සමඟ ඉන්දියානු ධජයේ පැහැය සමග ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ රණ මයුර ලාංඡනය මතුවෙයි. මෙවර සිනමා උළෙලේ දී මා දුටු විශිෂ්ටතම චිත්‍රපටය අමෝරේ ය.ඒ ප්‍රංශ බසෙහි අරුතින් සිංහලට නගන ලද කළ එය ආදරය නම්වෙයි. සිනමා කෘතියක් නරඹන විට එය ජීවිතයට පෙරළා යමක් එක් කරන්නේ නම් එය වඩා වැදගත් වෙයි. අමොරේ මගේ ජීවිත කාලය ඇතුළත මා නැරඹූ චිත්‍රපට අතරි ද ඉතා අග්‍රගණ්‍ය චිත්‍රපටයකි. ඒ පිළිබද වෙනමම ලිවිය යුතුයැයි මම සලකමි. |