|
මධුරී – ජූහි එකම චිත්‍රපටයකට
තිරයේ රජ කරද්දී කිසිදු සිනමාපටයක මේ රැජනන් දෙදෙනා එකට දක්නට නොලැබුණි. එහෙත් මෙවර නම් මධුරී ඩික්සිත් හා ජූහි කරළියට එන්නේ එකම සිනමාපටයකිනි. කලකට පසු එවන් අපූරු වෙනසකින් ඔවුන් දකින්නට ප්‍රේක්ෂකයන් වැඩි මනාපයකින් සිටින බව නම් නිසැකයි. ‘ගුලාබ් ගෑන්ග්’ සිනමාපටයෙන් මේ තාරකා යුවළ කරට කර රංගනයේ යෙදෙන ආකාරය නැරැඹීමට ලැබේ. අනුභව් සිංහගේ ‘ගුලාබ් ගෑන්ග්’ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන සිනමාපටයකි. උත්තර් ප්‍රදේශයේ බන්දෙකන්ද් කලාපයේ කාන්තා හිංසනය, ගෘහස්ථ හා සමාජ ගැටලු ගැන කතා කරන, සාධාරණත්වය උදෙසා සටන් කරන ‘ගුලාබ් ගෑන්ග්’ නම් සත්‍ය කාන්තා කණ්ඩායමක් පාදක කරගෙන කතාව ගෙතී තිබේ. මධුරී අවසන් වරට ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබුණේ 2007 දී තිරගත වූ ‘ආජා නච්ලේ’ සිනමාපටයෙනි. ජූහි මේ දීපවාලියේදී තිරගත වූ ‘සන් ඔෆ් සර්දාර්’ හි රැඟුවාය. ජූහි, මධුරී සමඟ ‘ගුලාබ් ගෑන්ග්’ හි රූගත කිරීම්වලට මහත් උනන්දුවකින් සහභාගිවෙන අතර විවේකයක් ලැබුණු සෑම අවස්ථාවකදීම දූ දරුවන් ගැන සෙනෙහෙබර පිළිසඳරකට ඉඩකඩ වෙන්කර ගැනීමට ද දෙදෙනා අමතක නොකරති. මධුරී පුතුන් දෙදෙනකුගේ මවකි. ජූහිට සිටින්නේ දියණියක හා පුතෙකි.
මධුරීත්, ජූහිත් හතළිස් පස් හැවිරිදි වියේ පසුවෙති.
ප්‍රියංකා - ෂාරුක් අලුත් කතාවක
නව වසර ෂාරුක් ගත කිරීමට බලාපොරොත්තු වන්නේ ප්‍රියංකා චොප්රා සමඟයි. එහෙත් ඒ සැබෑ ජීවිතයේදී නම් නොවෙයි. සිනමා ජීවිතයේදීයි. ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටයේ ෂාරුක් සමඟ ප්‍රධාන චරිතයට අධ්‍යක්ෂිකා ෆාරා ඛාන් තෝරා ගෙන ඇත්තේ ප්‍රියංකා චොප්රාය.
ප්‍රියංකා සහ ෂාරුක් අතර ගොඩ නැඟෙන සබඳතාවට, ෂාරුක් බිරිය ගෞරී නම් කොහෙත්ම මනාප නැත. මෑතකදී ප්‍රියංකා, තමන් වඩාත් රඟපෑමට කැමැති සල්මන් ඛාන් සමඟ බව පැවසුවාය. ‘හැපි නිව් ඉයර්’ ලබන අප්‍රේල් මාසයේ තිරගත වීමට නියමිතයි.
හදනවා නම් දරුවෙක්?
‘කවුරුන් හෝ හොඳ තිර පිටපතක් දෙනවා නම් බොලිවුඩ් චිත්‍රපටයක රිතික් රොෂාන් සමඟ රඟපෑමට කැමැතියි. ඔහුට පුදුම කඩවසම් පෙනුමක්නෙ තියෙන්නෙ.
හොලිවුඩයේ සරාගී සුරූපිනියක මෙසේ පැවසීම අරුමයක් නොවේ. ඒ ඔහු ආසියාවේ සරාගී කඩවසම් පිරිමියා ලෙස අබිසෙස් ලබා ඇති නිසයි. ලෝකයේ සරාගීම ආසියාතික පිරිමියා ලෙස රිතික් නම්කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ‘ඊස්ටන් අයි’ සඟරාවෙනි. තිස් අට හැවිරිදි රිතික් ජනතා මනාපයෙන් අංක එක වූයේ සල්මන් ඛාන්, ෂාරුක් ඛාන්, ජෝන් ඒබ්‍රහම්, අක්ෂේ කුමාර් සහ රන්බීර් කපූර් පරදවමිනි. ‘ඊස්ටන් අයි’ පුවත්පත රිතික් ආකර්ෂණීය වූයේ ‘අග්නීපාත්’ සිනමාපටය නිසා බව පවසයි. ඔහුට ඉන්දියාවෙන් පමණක් නොව, සමස්ත ආසියාවෙන් ද, යුරෝපයෙන් ද රසික මනාපය හිමි වී තිබේ. තමන්ට ලැබුණු නව නාමය ගැන රිතික් නිහතමානීව සතුටු වන්නේය. එහෙත් තමන් සරාගී ලෙස හැඳින්වීම ගැන නම් ලැජ්ජාවක් ඇතිවන බව පවසා තිබේ. පුදුමය නම් මෙවර ලෝකයේ, ආසියාවේ සරාගී පිරිමියා තේරීමේ තරගයේදී ෂාරුක්, සල්මන් පරදවමින් පාකිස්තානු නළු අලි සෆර් පෙරට පැමිණීමයි. රිතික්ට ඇති මේ මනාපය ගැන ලොවම මනාප වුවත්, ක්‍රිස්ටීන් ස්ටුවට්ගේ පෙම්වතා රොබට් කෝපයට පත්වන බව නම් නිසැකයි.
|