|
ආදරණීය සංවාදයක් කියන්නේ හෘද සාක්ෂියට ආමන්ත්‍රණය කිරීමක්වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ සුනිල් චන්ද්‍රසිරි
දොන් ජුවන්, භීම භූමි,
වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළ
සුනිල් චන්ද්‍රසිරිගේ නවතම
නාට්‍යය ‘ආදරණීය සංවාදයක්’
අද දින ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ. mario benedetti’s ගේ
Pedro and * කාලයකට පස්සේ ඔබ වේදිකාවට රැගෙන එන ‘ආදරණීය සංවාදයක්’ නිර්මාණය ඔස්සේ කතාබහට ලක් කෙරෙන්නේ කුමන කාරණයක්ද?
* ‘ආදරණීය සංවාදයක්’ හි රංගනයෙහි නියැලෙන්නේ රංගන ශිල්පීන් තිදෙනෙක් පමණයි. රංගන ශිල්පීන් රාශියක් යොදා ගැනීම කරදරකාරී බවක් ලෙස ඔබට දැනුණිද? ‘මගේ අනෙක් නාට්‍යවල වගේම මේ වේදිකා නාට්‍යයෙත් රංගනය විශේෂයි. ප්‍රධාන චරිත වෙන්නේ ජනක කුඹුකගේ හා සාරංග දිසාසේකරයි. අනු චරිතයක් රඟපාන්නේ අනුරුද්ධයි. මෙහි ජනක හා සාරංග අසීරු රංගනයක නිරත වෙනවා. සමහර වෙලාවකට විනාඩි විස්සක්, තිහක් අතර කාලයක් තනිව රඟපෑමට සිදු වෙනවා. මේක බොහොම වෙහෙසකර කාර්යයක්. අභියෝගයක්. ඒ වෙහෙසකර කාර්යය ඔවුන් හොඳින් ජයගත් බවක් මට දැනෙනවා. නාට්‍යයට අවශ්‍ය ආකාරයට චරිත නිරූපණය වුණ බවත් කියන්නම ඕන.’ * සාරංග දිසාසේකර කියන රංගන ශිල්පියාව පුංචි තිරයේදී අප දුටුවේ අවිහිංසක පෙම්වතාගේ චරිතය ඔස්සේයි. ඔබගේ නිර්මාණයට ඔහුව සම්බන්ධ කර ගැනීමේදී ඔහුට මේ චරිතයට සාධාරණයක් ඉටු කළ හැකිය යන මතයේ ඔබ සිටියාද? ‘සාරංග ප්‍රථම වතාවට වේදිකා නාට්‍යයක රඟපෑවේ ‘සිහිනවලට පාට දෙන්න’ කියන මගේ නාට්‍යයෙයි. ඒ නිසා ඔහු පිළිබඳ යම් අවබෝධයක් මට තිබුණා. රංගනය පිළිබඳ ඉගෙන ගැනීමට ඔහුගේ තිබෙන්නේ බොහොම උනන්දුවක්. ඒ උනන්දුව මා දැක්කා. ඒ කාරණය අපි අගය කරන්න ඕන. මේ චරිතයට මා ඔහුව තෝරා ගත්තට පස්සේ මේ චරිතය සඳහා ඔහු වඩාත් කැප වුණා. ජනකත් ඒ වගේම තමයි. නමුත් සාරංගට වේදිකාවේදී ජනකට තරම් අත්දැකීම් නැති නිසා මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්නට ඔහු විශාල මහන්සියක් ගත්ත බව කියන්නම ඕන. වදයට භාජනය වන තරුණයා ඔහුයි. ඔහු ජවනිකාවෙන් ජවනිකාවේදී ශාරීරික වශයෙන් පීඩාවට පත් වෙනවා. ඒ රංගනය නිරූපණය බොහොම අසීරු කාර්යයක්. ඒ අසීරු කාර්යය ඔහු ජය ගත්ත බවක් මට හැඟෙනවා.’
‘වේදිකාව මතදී ප්‍රේක්ෂකයාගේ දෑසට පෙනෙන අයුරින් ඔහුට දෙන වද වේදනා නිරූපණය කිරීමෙන් මා වැළකී සිටියා. ඒ වෙනුවට වේශ නිරූපණය හා වේදිකාවේ පසුපස විවිධ ශබ්ද මාර්ගයෙන් එය ප්‍රේක්ෂකයාට දැනෙන්නට සැලැස්වීම වඩාත් උචිත බවයි මා සිතුවේ.’ * වේදිකා නාට්‍යයකදී එකම රංගන ශිල්පියකු වැඩි කාලයක් වේදිකාව මත රැඳීම යන කාරණයට අපගේ අවධානය යොමු විය යුතුයි. එහිදී ප්‍රේක්ෂකයාට ඇති විය හැකි ප්‍රේක්ෂාවේ තරම පිළිබඳ ඔබට යම් සහතිකයක් දිය හැකිද? ‘ප්‍රේක්ෂකයාට කම්මැලිකමක් නැතිව නාට්‍යය බැලිය හැකිය යන සහතිකය මට දිය හැකියි. යථාර්ථවාදී රංගනයත් සමඟ විහිද ගිය අභූතරූපී රංගනයක් මෙහි සතුයි. මේ කුමන ආකාරයෙන් ඉදිරිපත් වුණත් නාට්‍යය අවසානයේදී ප්‍රේක්ෂකයාගේ නෙතට කඳුළක් උනාවි. ඒක මට විශ්වාසයි’. * ‘වැඩිහිටියන්ට වඩාත් සුදුසු නාට්‍යයකි’ යන වචන පෙළ මෙහි සඳහන් වෙනවා. එහෙම සඳහන් කරන්න සිතුවේ ඇයි? ‘මෙම නාට්‍යය ළමා මනසට ගෝචර නොවන නිසා මේ වචන පේළිය භාවිත කරන්න අප සිතුවා. වේදිකාව කියන්නේ රස නිෂ්පත්තියයි. එහිදී රෞද්‍ර, භයානක, භීභත්ස්‍ය රසයන් ළමා මනසට අගෝචරයි. වේදිකාවේ ඇති කරන රසභාවය පිළිබඳ විමසන විට මේ රසයන් ළමා මනසට අගෝචර නිසා අප විසින් නාට්‍යයට වාරණයක් දමා ගත්තා. ඒ වගේම මෙම වේදිකා නාට්‍යය බලන්න ලුම්බිණියට පැමිණෙන්න කියලා මා හැමෝටම ආරාධනා කරනවා. අනික් කාරණය වෙන්නේ නාට්‍ය පිළිබඳ ඉගෙන ගන්න තරුණයන්ට, නවක රංගන ශිල්පීන්ට ඉගෙන ගන්න යමක් මෙහි තිබේවි. ඒ නිසා මේ නාට්‍යය ඔවුන්ට වටීවි කියලත් මා සිතනවා.
|