|
කලාකාරයෙකුට ව්‍යාපාරිකයෙකු වෙන්න බෑ
ඔහු, ගුවන් විදුලියේ හඬ අනුමත නිවේදකයෙක්, බී’ ශ්‍රේණියේ සරල ගී ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගී පද රචකයෙක්,හිටපු පුවත්පත් පිටු සැකසුම් ශිල්පියෙක්,ලේඛකයෙක්,චිත්‍ර කලාව පිළිබඳ ගුරුවරයෙක්. කලාවේ විවිධාකාර ක්ෂේත්‍ර කිහිපයකම සුවිශේෂී හැකියාවන් රැසකටම උරුමකම් කියන ඔහු ලලිත් කළුබෝවිල. නම කියූ පමණින්ම මතකයට එන්නේ ගුවන් විදුලිය. ජීවිතයේ වැඩි කොටසක් චිත්‍ර කලාව සමඟ ගත කළ නිසාදෝ ලලිත් මේ වන විට පූර්ණකාලීනව චිත්‍ර කලාවට යොමු වෙලා. චිත්‍ර කලාවට ඇති අපරිමිත සෙනෙහස නිසාවෙන් එහි උන්නතිය වෙනුවෙන් කැප වී විශේෂ වැඩ කටයුත්තක් ආරම්භ කරලා. මා ඔහුට යොමු කළ මුල්ම පැනය වුණේ හැකියාවන් බොහොමයක් තියාගෙන ඇයි මේ චිත්‍රවලට විතරක් මුල්තැන දුන්නේ කියලා? චිත්‍ර කලාවට මම ගොඩක් ලැදියි. මේ වන විට ලංකාව තුළ සෞන්දර්ය විෂයක් ලෙස චිත්‍ර ශිල්පය පාසල් හරහා මූලිකව උගන් වෙනවා. උසස් පෙළ වගේම විශ්වවිද්‍යාලවලත් චිත්‍ර ශිල්පය ඉගැන් වුවත් ඊට අමතරව චිත්‍ර කලාව වෙනුවෙන්ම මෙරට උසස් අධ්‍යාපන ආයතනයක් නිර්මාණය වෙලා නෑ. ඒ වෙනුවෙන් තමයි මම චිත්‍ර කලාව සඳහා විශේෂ වූ ‘ඇප්ට් ආර්ට් ඇකඩමි’ නමින් චිත්‍ර කලායතනයක් ආරම්භ කළේ. ‘ඇප්ට් ආර්ට් ඇකඩමි’ යේ විශේෂත්වය ගැන වැඩිදුරටත් සඳහන් කළොත්? මෙය තමයි ලංකාවේ චිත්‍ර කලාව වෙනුවෙන් වෘත්තීය හා තෘතිය කොමිෂන් සභාවේ ලියා පදිංචි එකම ආයතනය. මේ වන විට ඒ මගින් චිත්‍ර කලාව පිළිබඳ වෘත්තීය මට්ටමෙන් වටිනාකමක් ඇති සහතිකයක් ලබා දෙන්න කටයුතු කරල තියෙනවා. 2000 වසරේදී තමයි මුලින්ම මම චිත්‍ර කලායතනය ආරම්භ කළේ. ඊට වසර කීපයකට පසුව තමයි පුරෝගාමී චිත්‍ර කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කළේ. මේ වන විට කණ්ඩායම් පහක් ඩිප්ලෝමා ලබා පිටව ගොස් තිබෙනවා. මේ යටතේ චිත්‍ර ඇඳීම, වර්ණ අධ්‍යයනය, චිත්‍ර සංරචනය, මූර්ති ග්‍රැෆික්, සැලසුම් ඇතුළු විෂයන් රාශියක් ඉගැන්වෙනවා. ඔබ දකින පරිදි වර්තමානයේදී මෙරට තුළ චිත්‍ර කලාවට ලැදි අයකුට ඒ සඳහා යොමුවීමට ඇති අවස්ථා මොන වගේද? බොහෝ දෙනා පාසලේදී සෞන්දර්ය විෂයක් ලෙස චිත්‍ර ශිල්පය හදාරනවා. ඒ අතරින් වැඩි දෙනකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව වෙනත් විෂයන් සඳහා යොමු වීම හේතුවෙන් චිත්‍ර කලාවෙන් ඈත්වන්නට සිදු වෙනවා. මේ අතරින් චිත්‍ර කලා විෂයයන්ගෙන් උසස් පෙළ සහ විශ්ව විද්‍යාවලට ඇතුළත්වන පිරිස ඉතාම අඩුයි. ඒ අතර උසස් අධ්‍යාපනයට වරම් නොලද අති දක්ෂ චිත්‍ර ශිල්පීන් රැසක් ඉන්නවා. එසේ වුවත් එවැනි අයගෙන් බොහෝ දෙනෙක් සුළු රැකියාවල නිරත වෙන ආකාරය අද දකින්නට පුළුවන්. අද වන විට චිත්‍ර කලාව රැකියාව ලෙස කරන පිරිස් ඉන්නවාද? පූර්ණකාලීනව චිත්‍ර කලාවට යොමු වෙලා එය වෘත්තියක් විදියට කරගෙන යන අය අඩුයි. නමුත් විවිධ ක්ෂේත්‍රවල මේ පිළිබඳ දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒ වගේම චිත්‍ර කලාවට වයස් භේදයක් නැහැ. ඕනෑම වයසකදී ඉගෙන ගත හැකියි. මගේ ගෝලයන් අතර වැඩිමහල්ම ශිෂ්‍යයා අවුරුදු 67 ක ආරක්ෂක අංශ සේවයෙන් විශ්‍රාම ගත් අයෙක්. ඒ වගේමයි බාලම ශිෂ්‍යයා අවුරුදු 07 යි. ඒ අතර හැම වයස් කාණ්ඩයකම පුද්ගලයන් වගේම වෛද්‍යවරු, වෙනත් විෂයන් උගන්වන ගුරුවරුන් පවා මේ සඳහා යොමු වෙලා ඉන්නවා. කලා ක්ෂේත්‍රය තුළ තවත් හැකියාවන් තියෙද්දී චිත්‍ර ශිල්පය වෙනුවෙන් විතරමද කාලය යොදවන්නේ? නැහැ. මේ වැඩ කටයුතු සමඟ නිවේදක හා සංගීත ක්ෂේත්‍රයේ වැඩසටහන්වලටත් දායක වෙනවා. මම සංගීත ක්ෂේත්‍රයට ආවේ ‘හඳ මාමා’ ගුවන් විදුලි වැඩසටහන ඔස්සේ. මා ශිල්පියෙක් ලෙස ආරම්භ කළ ඒ කටයුතුවලින් අදත් දුරස් වෙලා නැහැ. පසුගිය කාලෙත් මම සංගීත නිර්මාණ කටයුතුª කළා. 2007 වසරේදී කොළොම් තොට භූෂණ සම්මානයක් හිමි වුණා. සංයුක්ත තැටියක් පවා නිර්මාණය කළා. නමුත් ඒ කිසි දෙයක් කළේ තරගයට නෙවෙයි. චිත්‍ර කලාවට තියෙන ආදරය නිසා තමයි පූර්ණකාලීනව ඒ සඳහා යොමු වුණේ. මේ දක්වා ලංකාව තුළ චිත්‍ර කලාව වෙනුවෙන් උසස් අධ්‍යාපන ආයතනයක් තිබුණේ නැහැ. ඒ සඳහා අනිවාර්යයෙන් විශ්වවිද්‍යාලයටම යන්න සිදු වෙලා තියෙනවා. ඒ අවස්ථාව මඟ හැරෙන දක්ෂයන් වෙනුවෙන් තමයි මම දැන් කාලය කැප කරන්නේ. ඔවුන්ට තම හැකියාව නිසා ඒ සඳහා අදාළ පුද්ගල වටිනාකමක් ලබාදීම තමයි මගේ අරමුණ. ඔබට කලාවට යොමු වන්නට පසුබිම සැකසූ ඔබේ කලා පවුල ගැනත් කියමු නේද? මගේ අම්මා, අක්කල දෙන්නා, මල්ලී සහ මම ඇතුළු අපි සියලු දෙනාම ගුවන් විදුලි ශිල්පීන්. අක්කලා දෙන්නා චිත්‍රා කුමාරි කළුබෝවිල සහ නෙළුම් කළුබෝවිල ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි නිවේදිකාවන්. මල්ලී සංගීත් කළුබෝවිල මෙරට ප්‍රධාන රූපවාහිනි ආයතනයක ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂවරයෙක්. මගේ බිරිඳ ජනාදරී සල්ගාදු නැටුම් ආචාර්යවරියක්. අපූර්වා, ජයලි දියණියන් දෙදෙනාත් අනාගතයේදී කලාවට සේවයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් ඔබ කියන්නේ? මම පූර්ණකාලිනව චිත්‍ර කලාවට යොමු වුණේ රටට සේවයක් කරන්න. මම කරන්නේ ව්‍යාපාරයක් නෙවෙයි. දරුවන්ට මේ විෂය දැනුම ලබා දෙන්නේ උදාර චේතනාවකින්. කලාකාරයකුට කවදාවත් ව්‍යාපාරිකයෙක් වෙන්න බැහැ.
|