|
‘ධවල භීෂණ’ නව නිෂ්පාදනය සැප්තැම්බර් 01 හා 02 ලයනල් වෙන්ඩ්ට්හි
වර්ණතුංග සේනානායක,ජෙහාන් ශ්‍රී කාන්ත, අමිල් ගල්අංග, ඕෂදී ගුණසේකර, ජගත් චන්ද්‍රලාල්, ඉෂාර ප්‍රමුදිත, සුසංග කහඳවලආරච්චි, නයිජල් රේමන්ඩ්, ඩබ්ලිව්. ජයසිරි, අරනෝද් විජේසිංහ, සුනිමල් පෙරේරා, සමිත අමරසිංහ, කෝසල ලංක්ෂිත යන ශිල්පීහු රංගනයෙන් දායක වෙති.
සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාසයන් සිදු කරනු ලැබූ අතර වේදිකා සහ ඇඳුම් නිර්මාණය ධර්මසිරි බණ්ඩාරනායකගෙනි. වේශ නිරූපණය වසන්ත විට්ටච්චි ද, පසුතල නිර්මාණ සැකසුම දයාවංශ ජයසිංහ ද, ශබ්ද පරිපාලනය නදික වැලිගොඩපොල සහ තුසර මුතුකුමාරණ ගෙනි. අනුර නානායක්කාර රංග අභ්‍යාස පුහුණුවෙන් ද, සංජය ජයසිංහ හා අනුර නානායක්කාර නිෂ්පාදන කළමනාකරණයෙන් සහාය වෙති. ‘ධවල භීෂණ’ 1990 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උළෙලේ වසරේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම වේදිකා නිර්මාණය, හොඳම වේදිකා ආලෝක නිර්මාණය, හොඳම වේදිකා පරිපාලනය ඇතුළු සම්මාන නවයක් හිමි කර ගත්තේය. |