|
එදා තේ අල්ලපු මම අධ්‍යක්ෂකවරයෙක් වුණාසුලෝචනා අධ්‍යක්ෂ චන්දන සමරසේකර සමඟ කතාබහක්
මෙගා තුළ කිසිම වින්දනයක් නෑ
දුක් කම්කටුලු විවිධ බාධක හමුවේ නොසැළෙමින් තමා කලා ක්ෂේත්‍රයේ පැමිණි ගමන පිළිබඳ චන්දන විස්තර කළේ මේ විදියට. මම කලා කටයුතු ආරම්භ කළේ පාසල් වේදිකාවෙන්. පාසල් නාට්‍යවල දී හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂ වැනි සම්මානත් දිනා ගන්නට මම සමත් වුණේ ඒ ආසාව නිසාමයි. උසස් පෙළ විභාගයෙන් පසුව මම රූපවාහිනී මාධ්‍යකරණයට පිවිසුණා. ඊට පසුව මම උදය තෙන්නකෝන් යටතේ මල් කැකුළක් ඉකි බින්දා ටෙලි නාට්‍යයේ සහාය කලා අධ්‍යක්ෂවරයකු ලෙසින් එක් වුණා. කලා අධ්‍යක්ෂවරයෙක්, සංවිධායකයෙක් වගේම තාක්ෂණික අංශය ගැනත් මම ඉක්මනින් අවබෝධය ලබා ගත්තා. කලා ක්ෂේත්‍රයට එනකොට ගෙදරින් හොඳ උපදේශයකුත් ලැබුණලු නේද? ඔව්. කලා ක්ෂේත්‍රයට යොමු වන විට තාත්තාගේ නම් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. මම ගෙදරින් පිට වෙන කොට තාත්තා කිව්වේ පුතේ මතක ඇතුව පත්තර පිටු දෙකක් අරගෙන යන්න කියලා. තාත්තා එයින් අදහස් කළේ කලාවට ආර්ථික පසුබිම සාර්ථක කරන්න අමාරුයි කියලා. අම්මා නම් ගොඩක් ආසාවෙන් හිටියේ. දැන් නම් පවුලේ සියලු දෙනාගේම සහාය, ආශිර්වාදය ලැබෙනවා. පළමු ටෙලි නාට්‍යයේ රසබර අත්දැකීම් ගැනත් කියමුද? මිහිරි අත්දැකීම් වගේම අමිහිරි අත්දැකීම් ලැබුණා. එක දවසක් ඉංග්‍රීසි වචනයක් නොදන්නාකම නිසා කොස්සක් කැඩෙන්න ගුටි කෑවා. මල් කැකුළක් ඉකි බින්දා හි රූගත කිරීම් කෙරෙන අවස්ථාවකදී අධ්‍යක්ෂවරයා මට කිව්වා ප්‍රොප්ස් කොන්ටිනියුටි කියන්න කියලා. ඒ වෙලාවෙ මම බිත්තියක තීන්ත ගාමින් සිටියේ. ඊට පස්සේ අධ්‍යක්ෂවරයා උඹ මොකද කළේ කියල එතන තිබුණු කොස්සෙන් තමයි මට ගැහුවේ. කොස්ස කැඩුනා. ඒ වෙලාවේ මට එපා වුණා. මම යන්න හදන කොටම ප්‍රවීණ ඡායාරූප ශිල්පි ඉන්ද්‍රනාථ තේනුවරයි අංග රචනා ශිල්පි ජේ. සුරනිමල මගදී හමුවුණා. එදා ඉන්ද්‍රනාථ අයියා මට කිව්වා ‘සුදු මල්ලි හොඳට මතක තියාගනින්, ගෙදර ගියොත් හැමදාම ගෙදර. කාගෙන හිටියොත් කවදාහරි ඉදිරියට යනවා කියලා.’ ඉතිං මම ගේට්ටුව ළඟටම ගිහින් ආපහු ආවා. ඊට වඩා සුවිශේෂී කාරණාවක් තියෙනවා. ඒ ටෙලි නාට්‍ය විකාශය වුණේ නෑ. නමුත් ඒ ගැන මගේ හිතේ විශාල දුකක් තිබුණා. ඒ නිසා කාලෙකට පස්සේ එදා මල් කැකුළක් ඉකි බින්දා ටෙලි නාට්‍යයට දායක වූ ශිල්පීන්ම සහභාගි කරවාගෙන මම නැවත එය අධ්‍යක්ෂණය කළා. එදා තේ අල්පු මම පසුව එය අධ්‍යක්ෂණය කළා. ඒක සුන්දර අත්දැකීමක්. එදා නැවත පැමිණීමත් සමඟ අද ඔබ සිටින තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?
මම දැනට ටෙලි නාට්‍ය 17 ක් අධ්‍යක්ෂණය කළා. ඒ ගැන ගොඩක් සතුටුයි. කලා ක්ෂේත්‍රයේ විවිධ අංශ ඔස්සේ මා ලද අත්දැකීම් සහ මෙරට මෙන්ම විදේශීය අධ්‍යක්ෂවරු යටතේද මා ලද විශාල දැනුම් සම්භාරයක් ඒ සඳහා උපයෝගි වුණා. හොංකොංහි රේඩියෝ ටෙලිවිෂන් ඉන් හොංකොං නාලිකාවේදී ලද පුහුණුවෙන් නූතන තාක්ෂණය පිළිබඳ විශාල දැනුමක් මට ලැබුණා. අද මගේ මට්ටමෙන් සාර්ථක නිර්මාණ බිහි කිරීමට මේ හැමදේම ඉවහල් වුණා. වර්තමාන ටෙලි නාට්‍ය කලාව සහ ඔබේ නිර්මාණ පිළිබඳව අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබේ අදහස? මගේ නිර්මාණ එකිනෙකට වෙනස් විදියට කරන්න තමයි මම හැම විටම උත්සාහ කරන්නේ. සමාජයට දෙන ආදර්ශ වගේම වෛද්‍ය විද්‍යාත්මක කරුණු තුළින් සැඟවුණු අපරාධ කළ චූදිතයන් සොයන ගවේෂණාත්මක ටෙලි වෘතාන්ත කිහිපයක් කළා. ක්‍රයිම් ෆයිල්, තුන්වැනි ඇස එවැනි නිර්මාණ. ඒ වගේමයි දේශපාලනමය කරුණු ඇතුළත් හාස්‍යමය නිර්මාණ වන මන්ත්‍රී වලව්ව, මන්ත්‍රී හටන. නමුත් එහිදී මා වාරණයට හසුවුණා. මගේ අධ්‍යක්ෂණය වුණත් වෙනත් ශිල්පියකුගේ නමින් තමයි එය විකාශය වුණේ. වර්තමානයේ බහුලව දක්නට ලැබෙන සාම්ප්‍රදායක වට්ටෝරු ටෙලි නාට්‍ය පවුල් අරගල වැනි තේමා යටතේ කරන්න කැමැති නැහැ. ඒවට අද ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. මගේ අභිප්‍රාය ප්‍රේක්ෂකයන්ට දැනුමක්, අරුතක් දිය හැකි එකිනෙකට වෙනස් නිර්මාණ බිහි කීරීමයි.
මෙගා ගැන කියන්න දෙයක් නැහැ. එකම කතාව, එකම දර්ශන තල, එකම නළු නිළියන්. හැමදේම ඒකාකාරියි. මෙගා තුළ කිසිම වින්දනයක් නැහැ. මෙගා ටෙලි නාට්‍ය නිර්මාණය කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මොකද අවසානයක් නැති පිටපතක් තුළ ඉන්න මම කැමැති නැහැ. ඔබේ අලුත්ම ටෙලි නාට්‍ය ගැනත් කියමුනේද? මගේ මීළඟ ටෙලි නිර්මාණය සිත්තරාවි. එහිදීත් රංගන දක්ෂතා තියෙන නවකයන්ට අවස්ථාවක් දෙන්න මම බලාරොත්තුවෙන් ඉන්නවා. කලා ජීවිතයේ අනාගත බලාපොරොත්තුව? සිනමා නිර්මාණයක් කිරීම. ඒ සඳහා මම මේ දිනවල සූදානම් වෙමින් සිටිනවා. ලබන වසර මුල් භාගයේදී මගේ සිනමා සිත්තමේ රූගත කිරීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට කියන්නේ? මගේ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන්ට වටිනා යමක් ලබාදීම තමයි මගේ අරමුණ. ඒ සඳහා සෘණාත්මක කරුණක් වුවත් ධනාත්මක පැත්තට හරවා හරවත් සාර්ථක නිර්මාණ බිහි කිරීම අරමුණු කරගෙන තමයි මම හැමවිටම ක්‍රියා කරන්නේ. ඒ වගේම වෙනස් කතා තේමා, සාම්ප්‍රදායික කතාවලින් බැහැරව විවිධාකාර වූ චරිත හා ප්‍රදේශ පසුබිම් කරගත් තිර පිටපත් මා වෙත යොමු කරන්න කැමති ඔබට 0774742267 අංකයෙන් මා අමතන්න කියල ඉල්ලීමක් කරන්න කැමැතියි. |