|
සුමිත්‍රාගේ කන්දක් සේ මා චිත්‍රපටයක් වෙයි
චිත්‍රපටගත වූ නවකතා අතරට එක්වන අලුත්ම නවකතාව සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේ මා’යි. එය සිනමා පටයක් බවට පත් කෙරනුයේ සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙනි. මේ වන විට එහි තිර පිටපත සකස් වෙමින් පවතියි. රංගන ශිල්පීීන් තෝරා ගැනීම ද සිදු වෙයි. මෙහි රූගත කිරීම් තව නොබෝ දිනකින් ඇරැඹීමට නියමිත අතර ඉන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ජපානයේදී සිදු වන බව අධ්‍යක්ෂ සාරංග වැඩිදුරටත් පවසා සිටියි.
දරුවනේ අද සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ
අලුත්ම චිත්‍රපටයටත් රංගන වරම්
ලංකාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිපද වූ සුනිල් ටී. සිය පණස්පස් වැනි සිනමා කෘතියට මේ දිනවල සූදානම් වෙයි. සුදේශ් වසන්ත පීරිස් එම සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිතය. තවමත් පෙර නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතින මෙහි ප්‍රධාන චරිත රන්ජන් රාමනායක, සනත් ගුණතිලක සහ බන්දු සමරසිංහ දැනට තෝරාගෙන ඇත. සුනිල් ටී. ගේ මෙම නවතම සිනමාපටය ඔස්සේ නවක රංගන ශිල්පිනියන් දෙදෙනෙකුª සිනමාවට හඳුන්වා දීමට ඔහු අදහස් කරයි. ඒ සඳහා අයැදුම්පතක් මෑතකදී ගත් සේයාරුවක් මෙම ප්‍රවෘත්තිය සමඟ රංගනයට වරම සුනිල් ටී. ප්‍රනාන්දු, සරසවිය බාරේ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට එවීමෙන් මෙහි මූලික සම්මුඛ පරීක්ෂණයට සහභාගි විය හැකිය. ජූලි මාසයේ සාර්ක් චිත්‍රපට දිනයට ‘ලව් ස්ටෝරි’සාර්ක් චිත්‍රපට දිනය වෙනුවෙන් මාල දිවයින නියෝජනය කරමින් අබ්දුල් ෆතාහ් ගේ ‘ලව් ස්ටෝරි’ චිත්‍රපටය ලබන 27 වැනිදා රාත්‍රී 7.00 ට කොළඹ, ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාව්දී තිරගත කිරීමට නියමිතය.ජූලි මාසයේ සාර්ක් චිත්‍රපට දිනය වෙනුවෙන් මෙම චිත්‍රපටය තිරගත කෙරේ. |