|
සැවෝයි ත්‍රිමාණ වෙයි
එය සිනමාහලක් වී මේ වන විට අවුරුදු පනහක් ඉක්මවා ගොසිනි.එමෙන්ම එය සිනමාවටම හැදුණු භූමියකැයි සිතෙන්නේ මේ ගොඩනැගිල්ල එහි මුල් නිර්මාතෘවරුන්ගෙන් පසු වෙනත් හිමි කරුවන් කිහිප පොළකටම උරුම වුව ද හැමදාම එය සිනමාහලක්ම පැවතීම දෛවයේ උරුමයක් කොට ගත් හෙයිනි. සමහරු මේ ගොඩනැගිල්ලේ සිනමා නමින් වෙනත් ව්‍යාපාර කරන්නට ද සමහරු සිතා ගත්හ. එය වරක් අත්පත් කර ගත් හිමි කරුවකු සිනමාහල වෙනුවට ගොඩනැගිල්ල කඩා වෙනත් ව්‍යාපාරයක් ගොඩ නගන්නට සිතුව ද ඉක්මනින් ම එහි හිමිකම ඔහු වෙතින් විසිවිණ.
එය එවර
පැවරුණේ මෙරට ප්‍රධාන පෙලේ චිත්‍රපට සමාගමක් වූ ඊ.ඒ.පී.සමාගමටය.එක් කලක දිවයිනේ ඉතා
සුඛෝපහෝගී සිනමාහලක් වූ සැවෝයි සිනමාහල ඒ වන විට පැවැතියේ දිගු කලක් මුළුල්ලේ
නොසලකා හරිනු ලැබ ගර එහි පැරණි විභූතිය තව දුරටත් නොවිණ. එහෙත් එය ඉතා ඉක්මනින් යළි ලියලවා වැඩෙන්නට පටන් ගත්තේය. එහි තිර ගත කළ බොහෝ සිංහල චිත්‍රපට අතර වූ සූරිය අරණ,අබා,කුස පබා වැනි චිත්‍රපට සිංහල සිනමාවේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ගොන්නට එක් විය. සැවෝයි සිනමාහල දිවයිනේ හොඳම සිනමාහල් වලින් එකක් විය. තුෂාන් දැක්වූ කරුණු අනුව සැවෝයි සිනමාහල අද නවීකරණය වී ප්‍රේක්ෂක අයිතියට පැවරෙනුයේ රුපියල් මිලියන සියයකට වඩා ආයෝජනය කිරීමෙන් පසුවය. එය අද සිට දිවයිනේ තුන්වැනි ත්‍රිමාණ සිනමාහල ලෙස කළ එළි දකින නමුදු සියයට සියයක්ම රිදී තිරයක් ඇත්තේ සැවෝයි සිනමාහලේ ය.
මෙරට මෙතෙක් භාවිතා වන හොදම ප්‍රක්ෂේපණ යන්ත්‍ර කවරක වුව ද ඒවා 2ඬ වර්ගයේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර වෙයි. එය වර්තමානයේ බහුලව වර්ධනය වන්නා වූ එච්.ඩී.තාක්ෂණය මෙන් අට ගුණයකටත් වඩා ඉහල ගුණයකින් යුක්තය. තව දුරටත් ලොව සුපිරි සිනමාහලක ආශ්වාදය මෙරට ප්‍රේක්ෂකයනට දුරස්ත නොවෙයි. එපමනක් නොව අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිළයට ගැනීම පමනක් නොව එමගින් තමන්ගේ අසුන කොතැනදැයි දැක ගත් හැකි වන්නේය.
එමෙන්ම එහි ඇති ශබ්ද
ක්‍රමය 16:1 ශබ්ද ක්‍රමය වන අතර එය මෙරට ඇති එකම ශබ්ද ක්‍රමය පාලනය සහිත සිනමා
හලයි. මේ වන විට ඊ.ඒ.පී සිනමා ජාලය තමන්ගේම පාලනයෙන් යුත් සිනමා ශාලා 17 කින් සමන් විතය. එහි සමස්ත සිනමා මණ්ඩලයේ ශාලා සංඛ්‍යාව ගණනින් පනහ ඉක්ම වයි. පසුගිය සතියේ එයට අලුතෙන් එක්වූයේ අනුරාධපුර විල්මැක්ස් සිනමාහලයි. විල්මැක්ස් මුළු රජරට ටම ඇති හොඳම සිනමාහලයි.අද සැවෝයි සිනමාහල සමග තවත් අලුත් සිනමාහලක් ද මේ ජාලයට එක් වෙයි.
අයිස් ඒජ් චිත්‍රපටයේ ත්‍රිමාණ පිටපත සැවෝයි සිනමාහලේ ප්‍රදර්ශණය වද්දී එහි ද්විමාන පිටපත එක්සල් සිනමා හලේ තිර ගත වීම ඇරඹෙයි. මේ හැම කරුණක් සමගම තුෂාන් තවත් කරුණක් අනාවරණය කරයි. එක්සල් සංකීර්ණයේ තව නොබෝ දිනකින් ඇරඹෙන දෙවැනි සිනමාහල මෙරට මුල්ම අයිමැක්ස් වර්ගයේ සිනමාහලයි. එහි අඩි 70 කටත් වඩා උස යෝධ තිරය මත ත්‍රිමාණ රූප එහි මැවෙන්නේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ගෙන එමිනි.
|