|
|
දමිත් ෆොන්සේකා පාතාල නායකයෙක්
එහෙත් මෑතකදී ඔහුගේ රුව කිසිදු නිර්මාණයකට දායක නොවූයේ දමිත් රංගනයට තැබූ හදිසි විරාමය නිසයි. දමිත් නැවතත් රංගනයට අවතීර්ණව තිබෙනවා. ඒ කේ සෙරා සේරා චිත්‍රපටය ඔස්සේය. මෙහි දමිත් රඟනුයේ පාතාල නායකයකුගේ චරිතයක්. නැවතත් රංගනයට පැමිණීමට අපේක්ෂා නොකළ දමිත් මෙම චිත්‍රපටයෙහි රඟපෑමට විශේෂ හේතුවක් තිබෙනවා. ඒ දමිත්ගේ විශිෂ්ට රංගන හැකියාව විදහාලූ එකදා වැහි චිත්‍රපටයේ අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහ කේ සෙරා සේරා චිත්‍රපටයෙත් අධ්‍යක්ෂවරයා වීමයි. කේ සෙරා සේරා මයාලි ජයසිංහ සහ රිෂිනි ජයසිංහ නිෂ්පාදනයක්. එය මේ දිනවල බොරැල්ල අවට ප්‍රදේශයන් හී රූගත වනවා.
දෝණි වැඩ ඇරැඹෙයිසුනිල් ටී. ගේ පනස් හතරවන නිපැයුමවී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණය
ළමයින්ට වඩාත් සුදුසු සිනමාපටයක් වන මෙහි සනත් ගුණතිලක, කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, හේමන්ත ඊරියගම ඇතුළු නළු නිළියන් රැසක් සහ හතළිහකට අධික ළමා රංගන ශිල්ප / ශිල්පීන් ප්‍රමාණයක් රංගනයෙන් දායක වීමට නියමිතය.
සුජිත් නිශාන්ත කැමරාව මෙහෙයවන මෙහි නිෂ්පාදන සම්බන්ධිකරණය සුනිල් ධර්මසිරිගෙනි. සෝමපාල රත්නායකගේ සංගීතයට නන්දා මාලිනියන් ගී හඬ මුසු කරනු ඇත. කීර්ති රුවන් ලාල්සන්ගේ සහය අධ්‍යක්ෂණයකි. මනෝජ් ලක්සිිරි අංග රචනයෙන් දායක වන දෝණි සඳහා සුමිත් හිරාන් කලා අධ්‍යක්ෂණයෙන් සහ උදේනි අල්විස් නිශ්චල ඡායාරූපයෙන් එක්වෙති. කොළඹ අවට ප්‍රදේශයන්හි ළඟදීම දෝණි රූ ගැන්වනු ඇත.
|



සිනමා සක්විති
ගාමිණී ෆොන්සේකාගේ
ආදරණීය පුතු දමිත්
ෆොන්සේකා කලක් රිදී
තිරය සිය රංගන
හැකියාවෙන් ඔපවත්
කළා ඔබට මතක ඇති.
සුනිල් ටී. ප්‍රනාන්දුගේ පනස් හතර
වැනි සිනමාපටය දෝණි හි මූලික
වැඩ කටයුතු පසුගිය අඟහරුවාදා
සැඳෑවේ රාජගිරිය සවරින් හෝටලයේ පැවැති මුහුරත් උළෙලෙන් පසු ආරම්භ කෙරිණ.
ළමුන් පස් දෙනෙකු වටා ගෙතී ඇති කතාවකින් සමන්විත දෝණි වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි.