|
නිළි රැජන යළිත් සම්මානනීය වේහොඳම චිත්රපටය ආකාස කුසුම්විදුටත් සම්මානයක්
ඒ මාලිනිය නැවතත් හොඳම නිළිය ලෙස අභිෂේක ලැබුවා. ඒ පසුගිය ඉරු දින සවස ජාතික චිත්රපට සංස්ථාවේදී පැවති සාක් සංවිධානය දෙවන වරට සංවිධානය කළ සාක් සිනමා උළෙලේදී. ඇයට මෙම සම්මානය හිමි වූයේ ප්රසන්න විතානගේ ගේ ආකාස කුසුම් චිත්රපටයේ රංගනය වෙනුවෙනි. එමෙන්ම ප්රසන්න විතානගේ නිර්මාණය කළ එම චිත්රපටයම උළෙලේ හොඳම චිත්රපටය වීම තවත් විශේෂත්වයක්. මෙම සම්මානයට අමතරව අශෝක හඳගමගේ විදු චිත්රපටය ජූරියේ විශේෂ සහතික පත්රයක් හිමි කර ගත්තා. එහිදී මයුරි වානගුරුගේ ද ග්රේඩ් ස්කූල් ටීචර් වාර්තා චිත්රපටය ගෞරව සම්මායකින්ද පිදුම් ලැබුවා. එහි සෙසු සම්මානනීය පිරිස මෙසේය. හොඳම චිත්රපටය:
තෙවන ස්ථානය – බයාරි (කේ. පී. සුචිරන්) හොඳම වර්තා චිත්රපටය - පළමු ස්ථානය - සේවිංෆේස් (ඩැනියල් ජන්ග් - ෂමීර් ඔබෙයිඩ්)
මන් ෂාර් සෙබායි (බෝල්) රෂීඩ් තරුකි (රාම් චන්ද්පකිස්ථානී) කුසලතා සහතික (අධ්යක්ෂණය) මොර්ෂෙඩුල් ස්ලාම් (කෙලාගෝර්)
රාජගුරු සිරගෙට නියම වෙයි
මේ දිනවල කලාවේ අංශ කිහිපයකට නොඅඩු දායකත්වය ලබා දෙමින් කාර්යබහුල වී සිටින රාජගුරු , පසුගිය දිනෙක මුහුණ පෑවේ හරිම අකරතැබ්බයකටයි. ඒ සිදුවීම වුණේ ඔහුගේ උපන් දිනය දාමයි. රාජගුරු ගේ උපන් දිනය යෙදී තිබෙන්නේ මැයි දහනවය දිනටයි. එහෙත් පසුගිය මැයි දහනවය දා නම් ඔහුට තම උපන් දිනය රිසිසේ ගත කරන්න ලැබිලා නැහැ. හේතුව ඔහු එදින පුරාම සිටියේ වැලිකඩ බන්ධනාගාරයේවීම. රාජගුරු මහත්තයාට සුබපතන්න බොහෝ දෙනෙකු කතා කළත් ඔහුගේ දුරකතනයට පිළිතුරු දීලා තියෙන්නෙත් ඔහු නෙවෙයිලු. මේ නිසා හිතවතුන් සෑහෙන්න බය වෙලා, රාජගුරු හදිසියේම හිරේ විලංගුවෙ වැටුණෙ ඇයි කියලා. එත් සැබෑවටම සිද්ධ වුණේ මොකක්ද යන්න දැනගත් පසු හැමෝම සැනසුම් සුසුමක් හෙලුවලු. රාජගුරු වැලිකඩ බන්ධනාගාරයේ ඉඳලා තියෙන්නේ වාසිත සමරනායකගේ කුලුඳුල් චිත්රපටයේ දර්ශනයක් වෙනුවෙන්. චිත්රපටයේ නම වස්දඬුරාවය. රාජගුරු රඟපාන්නේ සිරිපාල නම් පරිණත සිරකරුවකුගේ චරිතයක්. කෙසේ නමුත් ඔහු නම් කියන්නේ ගෙදර බතට වඩා කල්දේරමේ උයපු බතේ රහ තමන්ගේ දිවට හොඳින් දැනුණු බවයි. |