|
23 වැනිදා ඇරැඹි 24 වැනි නාලිකාව‘ඔව් . . . මම කියන්නේ වගකීමෙන්’‘හිරු’ වන්නේ කොහොමද?ඒ. බී. සී. මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා සමඟ කතාබහක්
අති විශාල මුදලක් වැය කරමින් ද, ඉතාමත්ගවේෂණශීලී පර්යේෂණවල නිරත වෙමින් ද රූපවාහිනී නිර්මාණකරණයේ දැවැන්ත ප්‍රතිරූප එක්කාසු කර ගනිමින් ද ඇරැඹි හිරු ටී. වී. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර නාලිකා භාවිත කරනු ලබන තාක්ෂණික ක්‍රමවේද සහ මෙවලම්වලින් ද සන්නද්ධ වීම සුවිශේෂත්වයකි. දිනෙන් දින නැගිටිමින් වැටෙමින් දුවන රූපවාහිනී නාලිකා අතරට එක් වූ අලුත්ම ධාවකයා හිරු ටී. වී. පිළිබඳ එහි සභාපති රේනෝ ද සිල්වා සමඟ කළ කතාබහකි මේ. * හිරු කියන්නේ මාධ්‍ය ලෝකයට අලුත් නමක් නොවෙයි. නමුත් හිරු ටී. වී. අපට අලුත්. පළමුවෙන්ම රූපවාහිනී නාලිකාවක් ඇරැඹීමේ අදහස් කළ අරමුණ පැහැදිලි කරමින් කතාබහ අරඹමු. ඒෂියා බෝඩ්කාර්ස්ටින් කෝපරේෂන්, එහෙමත් නැතිනම් ඒ. බී. සී මාධ්‍ය ජාලය අපේ රටේ ශ්‍රාවකයන්ට ආගන්තුකයෙක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ වැඩිම අසන්නන් පිරිසක් සිටින අංක එකේ ගුවන් විදුලි නාලිකා හතරක් අප සතුයි. හිරු, සූර්යන්, ගෝල්ඩ් සහ සන් ගුවන් විදුලි නාලිකා එදා සිටම අද දක්වාම ශ්‍රාවකයාගේ මනදොළ සපුරන්නට සමත්ව තිබෙනවා. එදා පළමු ගුවන් කාලයේ එක් වූ පේ‍්‍ර්ක්ෂකයා අදටත් අප සමඟ ඉතාමත් ළෙන්ගතු සබඳතාවයකින් ඉන්නා බව අපට වැටහෙනවා.
මෙවැනි දිගු සාර්ථක ගමනක් අතරතුරදී තමයි හිරු ටී. වී. කියන සංකල්පය බිහි වන්නේ. හිරු ටී. වී. පිළිබඳ මූලික සංකල්පයේදීම අපට අවශ්‍ය වුණේ නිකම්ම නිකම් රූපවාහිනී නාලිකාවක් විකාශය කිරිම නෙවෙයි. එසේ තවත් එක් රූපවාහිනී නාලිකාවක් විකාශය කිරීම අපේ අරමුණ වූවා නම් ඔබ සහ මම හමු වන්නේ මීට කලකට ඉහතදී. නමුත් මේ සංකල්පය තුළ යමක් කළ යුතුයි කියලා අප තීරණය කළා. ඒ සඳහා හොඳ ස්ථාවරත්වයකින් යුතු මඟක් තනන්නට අප තීරණය කළා. මේ රූපවාහිනී නලිකා ගොඩට තවත් නාලිකාවක් එක්කර මුදල් උපයනවාට වඩා මුදල් වැය කරමින් ජනතාවගේ රස වින්දනය වෙනුවෙන් නාලිකාවක් නිර්මාණය කරන්නට මම සහ පිරිවර කටයුතුª සංවිධානය කළා. ඒ අනුව ඊයේ උදෑසන 6.00 ට අපේ රටේ තාක්ෂණය ඉහළම රූපවාහිනී නාලිකාව ගුවනට මුසු වුණේ මේ සියලු දෙනාගේ කැපවීමේ ප්‍රතිඵලයක් විදියටයි. * ඔබ පුන පුනා කියනවා මේ තවත් එක් නාලිකාවක් නොවන වග. කොහොමද ඔබ එහෙම කියන්නේ? අද තිබෙන නාලිකා සමඟ සසඳද්දී හිරු ටී. වී. සෑම අතින්ම ඉහළයි. හිරු තමයි ලංකාවේ ප්‍රථම ඩිජිටල්/එච්. ඩී. රූපවාහිනී නාලිකාව. ඒ වගේම රූපවාහිනී නාලිකාවක් ස්ථාපනය කිරීම සඳහා වැඩිම මුදලක් වැය කළේත් හිරු කියලා මට නොබියව කියන්නට පුළුවන්. ඊයේ සිටම දීප ව්‍යාප්ත ආවරණයෙන් යුක්ත හිරු ටී. වී. ජාත්‍යන්තර නාලිකාවල විශේෂඥයන්ගේ මඟ පෙන්වීම යටතේ අපේ රටට ගැළපෙන පරිදි නිමවූවක්. ඒ නිසාම අපේ නාලිකාවේ රූපවල හා විකාශයේ ප්‍රමිතිය ගැන මට වග කියන්නට පුළුවන්. * ජනතාවගේ නාලිකාව, උපරිම ප්‍රමිතිය, වගකීම වගේ වචන නාලිකාවක ආරම්භයේදී අපට හැමදාම අහන්නට ලැබෙනවා. නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ වචන තිබුණ තැනවත් සොයා ගන්නට බැරි තරමට වැසී යනවා. ඔව්, තත්ත්වය එය වෙන්නට පුළුවන්. නමුත් අපේ මාධ්‍ය ජාලයේ කිසිම ගුවන් විදුලියක් මේ වන තෙක් ජනතාවට දුන් පොරොන්දු බිඳ දමල නැහැ. එදා ශ්‍රාවකයාට දුන් පොරොන්දු සුරක්ෂිතව රැක බලා ගත්තා සේම මෙදා ප්‍රේක්ෂකයාට දෙන වගකීම් පත්‍රයත් හැමදාමත් සුරක්ෂිතයි.
* මොන වගේ වැඩසටහන්වලටද ඔබ නාලිකාව මූලිකත්වය දුන්නේ? බොහෝ නිර්මාණශීලී වැඩසටහන් අප තෝරා ගෙන තිබෙනවා. ලංකාවේ ජනප්‍රියම නළු නිළියන් වැඩිම පිරිසක් එකට රඟපෑ අනුරුද්ධ ජයසිංහගේ කඩ පහන් තිර වගේ දැවැන්ත ටෙලි නාට්‍යය, එක්ටැම් ගේ චිත්‍රපටය ඇසුරෙන් ඉරේෂ් ලොකු බණ්ඩාර අධ්‍යක්ෂණය කළ එක්ටැම් ගේ, කැළුම් පාලිත මහීරත්න කලකට පසුව අධ්‍යක්ෂණය කළ වෙනස්ම ආරක ටෙලි නාට්‍යය විසුල අහස යට වගේ ජනතාව බලාපොරොත්තු වන ටෙලි නාට්‍ය අප තෝරා ගෙන තිබෙනවා. ඒ වගේම පවුලේ හැමෝම වෙනුවෙන් වෙන් වූ වැඩසටහන් ගොන්නක් අපි සැලසුම් කොට තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වන දේ ඒ අයුරින්ම දෙන්නට අපි බැඳී ඉන්නවා. * බොහෝ නාලිකාවල වැඩසටහනට වඩා ප්‍රචාරය වන්නේ දැන්වීම්. හිරු ටී. වී. එහෙම වෙයිද?
* ඔබ වගකිව යුතුම නිලධාරියා? ඔව් . . . මම කියන්නේ වගකීමෙන්. * හිරු ටී. වී. ත් මෙගා ටෙලි නාට්‍යවලට ඉහළ තැනක් ලබා දෙනවාද? අපි හොඳ ටෙලි නාට්‍ය මාලාවක් විකාශය කරනවා. අපේ නිගමනය ඒ හැම එකම මෙගා කියලයි. ඒ නිගමනය ස්ථිර කරන්නේ ජනතාව විසින්. ඒ හැර එකම තැන දුවන ටෙලි නාට්‍ය, එකම රූප රාමුවෙන් කොටස ඉවර වෙන ටෙලි නාට්‍ය විකාශය කරන්න අපි පෙළඹෙන්නේ නැහැ. * ටෙලි නාට්‍ය කොටස් සියයකින් නිමා විය යුතුයි කියල රජය තීරණය කොට තිබෙනවා. මේ නීතිය ගැන මොකද හිතෙන්නේ? ඒ නීතිය ගැන අපට තවම දන්වලා නැහැ. නමුත් රජය ගන්නා ඕනෑම තීරණයකට එකඟවයි අප කටයුතු කරන්නේ. * දැවැන්ත වියදමක් දරා විදේශ රටක සංගීතඥයන් හා අපේ සංගීතඥයන් යොදවා වැඩසටහනක් නිර්මාණය වන බව ආරංචියි? ඔව්, වැඩසටහන සඳහා වැයවන මුදල ගැන අප එතරම් සැලකිලිමත් නැහැ. නමුත් එම වැඩසටහන ප්‍රේක්ෂකයා වැළඳ ගනීවි කියලා හිතුණොත් අප එය නිෂ්පාදනය කිරීමට මැලි වන්නේ නැහැ. විදේශ රටවල කලාකරුවන් යොදාගෙන වැඩසටහනක් කිරීමට සැලසුමක් තිබෙනවා.
මෑතදී තිරගත වූ අග්නීපාත්, ඩොන් 2, ප්ලේයර්ස් වැනි චිත්‍රපට මෙන්ම හොලිවුඩ් තිරයේ මෑතකදී විකාශය වූ චිත්‍රපට ප්‍රේක්ෂකයාට ළං කරවන්නට අපි සූදානම්. ඒ වගේම දරුවන් වෙනුවෙන් නවීනතම කාටුන් පෙළක් අප තිළිණ කරනවා. අපේ දරුවෝ අදටත් බලන්නේ අපේ පුංචි කාලේ බලපු කාටුන්. බෙන් ටෙන් වගේ කාටුන් දරුවන්ට පෙන්වන්න අපි අති විශාල මුදලක් වැය කරලා තිබෙනවා. * ඔබ මුදල් වැය කළ බව කිහිප විටෙක ප්‍රකාශ කළා. මේ මුදල් සෙවිය යුතුයි නේද? ඔව් , අනිවාර්යයෙන්ම. නමුත් එය ඉතාමත් සැලසුම් සහගතව ප්‍රේක්ෂකයාට හානි නොවන ක්‍රියාදාමයක් විය යුතුයි. ප්‍රේක්ෂකයා අප වටා සිටියොත් පමණයි අපට ඉහළ අගයක් ලැබෙන්නේ. රූපවාහිනී හෝ ගුවන් විදුලි හෝ ඕනෑම මාධ්‍යයක තීරණාත්මක සාධකය වන්නේ ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා හෝ පාඨකයායි. අප රැක ගත යුත්තේ වටිනාම කොටසයි. * අපේ රටේ නාලිකා රැසක් තිබෙනවා. ඒ වගේම අන්තර් ජාලය, කේබල් ටී. වී හරහා අපට නැරැඹිය හැකි නාලිකා ගණන අසීමිතයි. ඔබ හිතනවද හිරු ටී. වී. අපේ ප්‍රේක්ෂකයා පිළිගනියි කියලා? මෙහෙයි . . . ඉතාමත් හොඳ රූප වැඩසටහන්, ස්ටීරියෝ ශබ්ද රටා ඇතුළත් නාලිකාවක් තමයි හිරු. මේක ජාත්‍යන්තර මට්ටමේ ඊළඟ පරම්පරාවේ තාක්ෂණය උපයෝගී කොට තැනූවක්. අද ජනතාවට අවශ්‍ය ඒ දේ. අපි ඒ දේ හරියටම දෙද්දී ජනතාව ඒ දේ සතුටින් බාර ගනිවි කියන සුබදායි විශ්වාසය, අධිෂ්ඨානය අපට තිබෙනවා.
මට කවදතාවත් මේ වගේ ව්‍යාපාරයකට අත ගහන්න හීනයක් තිබුණේ නැහැ. ‘හිරු’ කියන්නේ අහම්බයක්. මේ නම මම මුලින්ම ලිවුවෙ හෝටලයක අමුත්තන් හමුවීමේ පර්යන්තයේදී අත පිිහදමන කොළයක. ඒ ඇරැඹි ගමනේ කැපවීම, වගකීම, අධිෂ්ඨානය තමයි අද මාව මෙතනට ගෙනාවේ. * ඉදිරිය කොහොමද? ඉදිරියේදී ජනතාව පිනවන්නට තවත් කටයුතුවලට යොමු වෙයි කියලා හිතෙනවා. * ෂා එෆ්. එම්. නැවත අරඹන්නට සූදානම් නේද? ඔව්, මේ දිනවල වැඩිපුර කැප වුණේ හිරු ටී. වී වෙනුවෙන්. ඉදිරියේදී ඉක්මනින්ම ෂා ඇරැඹෙනවා. * හිරු ටී. වී ජනතාවගේම රස වින්දනය මුලික ඉලක්ක ගත කළ රූපවාහිනියක්. මම ආයෙත් අහනවා ඔබට මෙය ඉතාමත් වගකීමෙන් කියන්න පුළුවන්ද? ඔව්, මම මේ ප්‍රකාශය කරන්නේ ඉතා වගකීමෙන්. අපේ ප්‍රේක්ෂකයන් හිරු සමඟ එකතු වූ වහාම මේ ප්‍රකාශය සත්‍ය බව අදට දැනේවි. ඒ අදට දැනෙන ප්‍රකාශය හැමදාමත් වලංගුයි. |