|
බර වැඩි අයිශ්
ඒ නිසා තරුවලට තමන් ගැන තමන්ට ඕන ආකාරයට තීරණ ගන්නත් නිදහසක් නැති තරම්. මේ චෝදනාව රසිකයන්ගෙන් එල්ල වෙන්නේ ඓශ්වර්යා රායිටයි. ලොවෙහි සොඳුරුතම ළඳ යන නම පට බැඳෙන්නට තරම් වාසනාවන්ත වූ ඈෂ්ට, චෝදනාව එල්ල වෙන්නේ දරුවා බිහි කළ පසු රුව ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසයි.
දරුවා ලැබුණු පසු ගැබිනි කාලයේදී වැඩි වුණු බර අඩු කර ගන්න ඈෂ් කිසිම උනන්දුවක් දක්වලා නැහැ. ඈෂ් ගේ තරබාරු සිරුර දුටු රසිකයන් කියන්නේ බොලිවුඩ් නිළියක් වන ඇය තමන්ගේ සිරුරේ හැඩය ගැන අනිවාර්යයෙන්ම සිතිය යුතු බවයි. ‘වික්ටෝරියා බෙකම්ට පුළුවන් නම් ඇයි ඇයට බැරි?’ මේ බොහෝ දෙනකු නඟන ප්‍රශ්නයයි. ඈෂ් දහවෙනි වරටත් කෑන්ස් සිනමා උළෙලට මේ සතියේදී සහභාගි වෙනවා. මෙවර වැඩි දෙනෙක් ඈෂ්ගේ සිරුරේ ප්‍රමාණය ගැන අවධානය යොමු කරනවා නිසැකයි.
ෂාරුක්ගේ යකා නැටීමට පස් වසරක තහනමක්
වරක් සුපිරි නළු ෂාරුක් ඛාන්ට දඩ නියම වුණේ ප්‍රසිද්ධයේ දුම් පානය කිරීම නිසාය. මෙවර ඔහුට දඬුවම් පැනවෙන්නේ බීමත්ව වන්ඛේඩේ ක්‍රීඩාංගනයේ කලහකාරී ලෙස හැසිරීම නිසයි. තම දරුවන් සම්බන්ධයෙන් ක්‍රීඩාංගනයේ නිලධාරීන් ක්‍රියා කළ ආකාරය නිසා තමන් එලෙසින් හැසිරුණු බව ෂාරුක් පසුව කියා සිටියේය. එහෙත් ඒ හැසිරීම නිසා ෂාරුක්ට වසර 5 කට වන්ඛේඩේ ක්‍රීඩාංගනය තහනම්කර තිබේ.
මන්දිරාට ආයෙත් දරුවෙක්
ඔවුන්ට දරු සුරතල් බලන්න වාසනාව පෑදුණේ විවාහයෙන් වසර දොළහකට පසුවයි. දැන් පුතුගේ තනියට පුංචි දෝණියක් ගෙදරට කැන්දා ගෙන එන්න මන්දිරා - රාජ් දෙදෙනා තීරණය කරලා. ඒ නිසයි මන්දිරා දෙවැනි වරටත් මවු පදවිය ලබනවා කියන්නේ. හැදූ මවත්, වැදූ මවත් අතර ඇත්තේ කෙස් ගසකටත් අඩු පරතරයක්නේ.
ඒ මඟ හැර . . .
මීට පෙර තමන්ගේ දියණිය රඟපානවාට අකැමැති බව පැවසුවේ ජූහි චව්ලා. ජූහි ගිය මඟ යමින් ශ්‍රී දේවි කියන්නේ ද එවැනිම කතාවක්.
කොහොමත් ජානවී නිළියක් කරන බලාපොරොත්තුවක් නැහැ. අධ්‍යාපනයෙන් පස්සෙ විවාහය ගැන හිතනවා. ‘දියණිය ගැන ශ්‍රී දේවි එසේ පැවසුව ද ඇය නම් ‘ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්’වලින් සිනමාවේ දෙවැනි ගමන ඇරැඹුවා. මේ අතර මධුරි ඩික්සිත් ද සිනමාවේ දෙවැනි ගමනට සූදානමින්. ඇය විසල් භාරද්වාජ්ගේ ‘දේක් ඉෂ්කියා’ හි ප්‍රබල චරිතයක් නිරූපණය කිරීමේ අපේක්ෂාවෙන් සිටිනවා. ඇය මෙහි රඟන්නේ නස්රුදීන් ෂා සමඟලු.
|