|
|
සරත්, දුලීකා මහ රෑ තොවිල් පොළේ
යක්කු ගස් නගින රෑ යාමේ තොවිල කරන්නේ කවුද කියලා මෙතන හිටපු කෙනෙක් සොයා බැලුවා. එතකොටයි දැක්කේ මලී ටෙලි නාට්‍යය සඳහා දුලීකා මාරපනයි, සරත් චන්ද්‍රසිරියි මේ තොවිලය නටන බව. සොහොන් පිටියක් අවට නොමැති නිසා පිළියන්දල දූවවත්තේ කෙළවර මේ තොවිලය සිදු කරලා. වට පිටාවේ මිනිස්සු කලබල වෙලා තියෙන්නේ මහ රෑ අවට අයට නිදා ගන්නවත් ලැබුණේ නැති නිසාලු.
මොකටද පුතා චෙක් එකක් ?
කතාව මෙහෙමයි, සංජය කැමරාව ළඟට ගොස් ඇක්ෂන් කියද්දී සංජයගේ පුතු ලියෝනි කොතලාවල දෙස බැලිය යුතුයි. එසේ උපදෙස් දී සංජය පුතුට කීවේ ‘පුතා කැමරාව දිහා නොබලා, ලියෝනි ආන්ටි දෙස බලන්න’ යනුවෙනි. එවිටම තිසල් කීවේ ‘කොහොමද තාත්ති මං කැමරාව දිහා බලන් නැතිව රඟපාන්නේ . . . කැමරාව දිහා බලලනේ රඟපාන්න ඕනේ’ යනුවෙනි. අවුරුදු හතරක් පමණ වයසැති මේ වෙනුජ එම රූගත කිරීමෙන් පසු පැත්තකට වී සිටියා. මේ අවස්ථාවේදී සංජය නළු නිළියන් හට අදාළ ගෙවීම් චෙක්පත්වලින් කළා. මේ දෙස විමසිල්ලෙන් බලා සිටි පුංචි වෙනුජ ‘තාත්ති මට චෙක් එකක් නැද්දැයි’ ඇසුවා. සංජය තුෂ්නිම්භූත වී පුතු දෙස බලා සිටියා. අසල සිටි කැමරා අධ්යක්ෂවරයා එවිටම වෙනුජගෙන් ඇසුවේ ‘මොකටද පුතා චෙක් එකක්’ යනුවෙනි. ‘ඇයි මට බැකෝ එකක් ගන්න’ යනුවෙන් සියල්ලන්ම සිනා ගස්වමින් පුංචි වෙනුජ උත්තර දුන්නා. තවමත් සෙල්ලම් බැකෝ යන්ත්‍රයක් ගෙනත් නොදුන් නිසා වෙනුජ තාත්තා සමඟ අමනාපයෙන් සිටින බවත් ආරංචියි.- |




පසුගිය දවසක පිළියන්දල දූවවත්ත පැත්තේ
තොවිලයක සද්දයක් ඇසිලා මහ රෑ වටපිටාවේ
මිනිසුන් එතැනට රැස් වුණා.
හැමෝටම තොවිලය ගැන තියෙන්නේ කුතුහලයක්.
සංජය ගුණවර්ධන මේ
දිනවල ‘ඉහිරුණු කිරි’
නමින් ටෙලි නාට්‍යයක්
රූගත කරනවා.
ලංකාවේ ජනප්‍රිය නළු
නිළියන් මේ සඳහා දායක
වෙනවා. මේ සිද්ධිය වුණේ
ලියෝනි කොතලාවල සමඟ
සංජයගේ සිඟිති පුතු වෙනුජ
තිසල් රන්හිරු රඟපෑමට එක් වූ
අවස්ථාවක.