|
නිළි රැජන මාලිනීගේ මහා පිංකමට ඔබත් දායක වන්නසසර වසන තුරා මහත් ඵල ලබන පුණ්‍ය කර්මයක්
එතරම් ජනතා ආදරයක් ලබන්නටම උපන් පින්වන්තියගේ උපන් දිනය දා ඈ නිරතුරුවම යොමු වන්නේ පින්වත් කටයුතුවල. මීට පෙර උපන් දිනවලදී මහරගම පිළිකා රෝහලට මෙන්ම රණවිරු සෙවණට ගොඩ වැදී ඈ කළ සද් කාර්යයන් අපට හොඳට මතකයි. මෙවර උපන් දිනය දා මාලිනිය තමන්ගේ මූලිකත්වයෙන් අපූරු පින්කමක් සංවිධානය කළා. පොල්ගහවෙල අමිලසිරි භික්ෂු ගිලන් මධ්‍යස්ථානය වෙත ගිය මාලිනිය වෙසක් සමයේ බුදු දහමේ කියැවෙන අපූරු ගිලන් භික්ෂූන්ට උපස්ථාන කිරීමේ පින්කම සිදු කළේ සියලු දෙනාට ආදර්ශයක් සපයමින්. භික්ෂූන් වහන්සේලා හැත්තෑ නමකට සෙවණ සදන මෙම සෙවණ ගොඩ නගන්නට තමාගේ උපන් දිනය දා මාලිනිය කැප වීමට සිතා ගත්තා. මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයට අවශ්‍ය ගොඩනැඟිල්ල කඩිනමින් ඉදි කරන්නට මාලිනිය බලාපොරොත්තු වෙනවා. මේ පින්කම සඳහා මාලිනියට ආදරය කරන සැමට සහභාගී විය හැකියි. දායක විය හැකියි. අපි එක්ව මේ ගොඩනැඟිල්ල ඉක්මනින්ම ඉදි කරමු. සැමට සෙතක් කරන්නට මාලිනිය පෙරමුණ ගත් මේ සද්කාර්ය වටා පෙළ ගැසෙමු. 0112742533 අංකයෙන් මේ සඳහා ඔබටත් දායකවන්නට පුළුවන්.
ටෝනි රණසිංහයන්ට විශේෂ සම්මානයක්හෙට රයිගම් සම්මාන උළෙලේදී
එය ඔහුට පිරිනමන්නේ හෙට දින (11 වැනිදා) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සවස 6.00 ට පැවැත්වීමට නියමිත රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදීය. 2011 රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර පැවැත් වෙන්නේ අටවන වරටයි. එහිදී ටෝනි රණසිංහ නම් වන මේ මහා රංගධරයාට පිරිනැමෙන සම්මානය පිළිබඳ ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ යාවජීව කර්තව්‍ය වෙනුවෙන් පිදෙන විශිෂ්ට සම්මානයකින් ඔහු පිදුම් ලබන බවයි. සිනමාවේ යාවජීව කර්තව්‍ය වෙනුවෙන් පිරිනැමෙන රණ තිසර සම්මානය සරසවිය සම්මාන උළෙලේදී ලබා ගත් මහා රංගධරයාණෙනි ඔබට ‘සරසවිය’ පුවත්පතේ සුබපැතුම්! |