|
අර්ජුන්ගෙන් අහන්න
මීටියාගොඩ, මරදානවත්තේ එච්. එල්. තිලකසිරි ද සිල්වා පරසතු මල් චිත්‍රපටය එතුමන් රඟපෑ ඉතා විශිෂ්ඨ චිත්‍රපටයක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඒත් පරසතු මල් ඔහුගේ හොඳම රඟපෑම කියා අදහස් කළොත් එය ගාමිණී ෆොන්සේකාට කරන අසාධාරණයක්. හේතුව එයින් අදහස් වෙන්නේ ඔහු පරසතු මල් චිත්‍රපටයේ හොඳට රඟපා එයින් වසර තිහකටත් වැඩි කාලයක් සිනමාවේ රැඳී සිටිය ද එය අගය නොකරනවා වැනි හැඟීමක්. ගාමිණීගේ රංගන පරාසය ගැන කතා කරනවා නම් ඔහුගේ ගම්පෙරළියේ ජිනදාස ළමාහේවා ලෙස නිවට, නියාලු චරිතයත්, ඒ වාගේම යුගාන්තයේදී සවිමන් කබලාන නැමැති චරිතයත් අතර දැවැන්ත රංග පරාසය පෙන්වා දිය හැකියි. පරසතු මල් යනු ඔහුගේ ඉතා වැදගත් රංග පරිච්ඡේදයක් පමණි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටය තිරගත වූ වර්ෂය කුමක්ද? මතුගම සිරිපාල වැලිකල ප්‍රථම කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව 1947 ජනවාරි 21 වැනිදා. එච්. ආර්. ජෝතිපාල ගායනා කරන ‘රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ’ යන ගීතය අයත් ප්‍රධාන චරිතය රඟපාන්නේ ‘ඇගේ ආදර කතාව’ චිත්‍රපටයට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සහ සෝනියා දිසා. එය හරිද? සුදත් නිශාන්ත මීගමුව ඔව්නේ.
සේන සමරසිංහගේ’යළි හමු වෙන්නයි’ චිත්‍රපටයේ අවසානයේ සබීතගේ පෙම්වතා ලෙස රඟපාන්නේ කවුද? තිරගත වූයේ කවදාද? නිශාන්ත මීගමුව . ඔහු හරීස් ජයරත්නයි. ඈතින් ඈතට චිත්‍රපටයේත් රඟපෑවා. දැන් කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටිනවා. හරීස් යනු ඩිල් ස්ටුඩියෝ හි අධිපති චිත්‍රපට සංස්කරණ ශිල්පී, නිෂ්පාදක නැසීගිය ඩිල්මන් ජයරත්නගේ කනිටු සොහොයුරායි.
රනාලේ එච්. ඩී. ජයරත්න අභිමාන්. එය දින අටසීයක් නොකඩවා මෙරට තිරගත වූවා.
පැරැණි සිංහල වර්ණ චිත්‍රපට දැන් ප්‍රදර්ශනය කරන විට එහි වර්ණය අඩු බවක් දැනේ. පැරැණි හින්දි චිත්‍රපටවල වර්ණය අදටත් පෙර මෙන් පවතින හේතුව කුමක් ද? ප්‍රේමරත්න හෙට්ටිආරච්චි කුරුවිට එකම හේතුව පැරැණි චිත්‍රපට නියමිත ආකාරයට ප්‍රවේසම් නොකිරීමයි. ඒවායේ නිෂ්පාදකයන්ටත් තමන්ගේ චිත්‍රපට ගැන අගයක් නැහැ. ඒවා ආරක්ෂා කර ගන්න උනන්දුවක් නැහැ.
ලක්ෂමන් රණසිංහ හේකිත්තත, වත්තල ටුන් ටුන් 2003 නොවැම්බර් 24 මිය ගියා. ඇයගේ නියම නම උමා දේවි කාත්‍රියි. ඉන්දියානු සිනමාවේ ප්‍රථම විකට නිළිය ලෙස සැලකෙන්නේ ඇයයි. 1923 ජූලි 11 වැනිදා උපන් ඇය ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පන්ජාබ් පවුලකට උරුමකම් කියනවා. 13 හැවිරිදි වියේදී නිවසින් පලාවිත් බොම්බායේදී නෞෂාද්ගෙන් සංගීතය ඉගෙන ගත්තා. පසු කලෙක ඇය සිනමාවට සම්බන්ධ වීමෙන් විකට නිළියක ලෙස ජනප්‍රිය වූවා. ඇගේ පෘථුල දේහය නිසා ඇයගේම අනන්‍යතාවයෙන් රංගනයේ යෙදුණා. ඇය මිය යන විට චිත්‍රපට 198 ක රඟපා තිබුණා. කුම් කුම් ගැන නම් දැන් කිසිම ආරංචියක් නැහැ. බිහාර් ප්‍රාන්තයේ බොජ්පූරි චිත්‍රපටවලින් රඟපෑම ආරම්භ කළ ඇය චිත්‍රපට 115 ක පමණ රඟපෑවා. ලංකාවේ අතිශය සාර්ථක වූ මදර් ඉන්දියා, නයාදෝර්, කොහිනූර්, ගීත් යන චිත්‍රපට ඇගේ රංගයෙන් ඔපවත් වුණා.
සුනිල් ශාන්ත දිසානායක ඉහළ වීරක්කොඩියාන සත්‍යජිත් රායි කිසිදා ද්‍රවිඩ චිත්‍රපට නිර්මාණය කළේ නැහැ. ඔහු හැදූ සත්රන්ජ් කේ කිලාඩි හා සද්ගති හැර තැනු හැම නිර්මාණයක්ම කළේ තමාගේ මව් භාෂාව වූ වංග භාෂාවෙන්. තීන්කන්‍යා සඳහා පාදක වූයේ රවීන්ද්‍රනාත් තාගෝර් විසින් රචනා කරන ලද කෙටි කතා තුනකි. පෝස්ටි මාස්ටර්, මතිහාරා, සමාප්ති යන චිත්‍රපට ත්‍රිත්වයයි.
හිලරි සිරිලාල් ද අල්මේදා මොරටුවැල්ල සාරවිට චිත්‍රපටයේ ලක්ෂ ගණන් වස්තු ලැබී ගීතය ගයන්නේ ඔහුයි.
ඉන්දිකා ප්‍රියදර්ශනී පැලන්වත්ත, මතුගම ප්‍රවේශම් වන්න, මගේ නංගී ශ්‍යාමා, චණ්ඩි ශ්‍යාමා, හලෝ ශ්‍යාමා, මම බය නෑ ශ්‍යාමා හා ගැහැනු ළමයි.
අජිත් ලක්මාල් මීගමුව එතුමන් විදේශ ගත වී සිටිනවා.
|