|
|
||||||
කොමික් පොත් රසිකයන්ගේ සැබෑ වූ සිහිනය ඇවෙන්ජර්ස්
ඉතින් හිතන්න මොහොතකට මේ කණ්ඩායම් 9 ත් හොඳම ක්‍රීඩකයන් යොදා එක් කණ්ඩායමක් නිර්මාණය කළොත්, එය සුපිරිම සුපිරි ක්‍රීඩකයින්ගෙන් සමන්විත විශ්වයේ හොඳම ක්‍රිකට් කණ්ඩායම වෙයි කියා අනුමාන කරන්නට පුළුවන. සිනමා ලෝලීන් වන ඔබ මෙතෙක් නරඹා ඇති චිත්‍රපටවල දුටු සුපිරි වීරයන් සියලු දෙනාම එකතු වී පෘතුවිය ගලවා ගන්නට එක කණ්ඩායමක් බිහි කළොත්, එය කොහොමට හිටීවිද? ඇවෙන්ජර්ස් චිත්‍රපටය ගත්තොත් අන්න ඒ වාගෙයි. මාර්වෙල් කොමික් පොත්වලින් ඔබ දුටු සුපිරි වීරයන් 6 දෙනෙක් යොදාගෙන නිපදවා තිබෙන මෙම දැවැන්ත චිත්‍රපටය කොමික් පොත් රසිකයන්ගේ මෙතෙක් කල් දුටු (කවදා ඒවිදැයි ඇඟිලි ගනිමින් සිටි) ලොකුම සිහිනය සැබෑවීමක්. මෙහි එන සුපිරි වීරයන් සහ ඔවුන්ගේ කලින් එළි දුටු චිත්‍රපට ගැන මං සැකවින් මතක් කර දෙන්නම්.
උතුරු ඇමරිකාව හැර රටවල් 39 ක තිරගත වූ මේ චිත්‍රපටය පළවෙනි සතිය තුළ පමණක් ඩොලර් මිලියන 281 ක් උපයා ගන්නට සමත් වී තිබෙනවා. මාර්වෙල් කොමික් පොත් සමාගම කොමික් පොත් ලෝකයේ ඉදිරියෙන් සිටියේ ඔවුන් සැම විටම අලුත් සුපිරි වීරයන් හඳුන්වා දෙමින් නිර්මාණකරණයේ යෙදුණු නිසයි. ඔවුන්ගේ එම සුපිරි වීර චරිත යොදා ගෙන චිත්‍රපට නිපද වුණ අතර එම චිත්‍රපට ලත් කූඨප්රාප්තිය ලෙස ද ඇවෙන්ජර්ස් හඳුන්වන්න පුුළුවන්. අයන් මෑන් යනු සාමාන්‍ය පුද්ගලයෙක්. නමුත් ඔහු තම සුපර් සූට් එක ඇඳගත් පසු නොකළ හැකි වික්‍රමයක් නැති තරම්. තෝර් නම් දේව පුත්‍රයෙක්. ඔහුගේ මිටියට විනාශ කළ නොහැකි කිසිවක් පෘතුවියේ නම් නැහැ. හොක්අයි ගේ දුන්නෙන් විදින හී සැර කෙතරම් බලවත් ද යත් ඒවාට පියාඹන පිටසක්වල යානා පවා බිම හෙලිය හැකියි.
මෙවැනි කණ්ඩායමක් සමඟ හැප්පෙන්නට හිතන්නටවත් උත්සාහ දරන කිසිවෙක් මෙලොව සිටීදැයි සැක සහිතයි. එසේ නම් මේ චිත්‍රපටය සෑදීමේ අරමුණ කුමක්ද? මොවුන්ට තර්ජනයක් කළ හැකි කෙනෙක් මෙලොව නොසිටී නම්? ඔබ සිතුවා හරි නරකයා නැතිනම් දුෂ්ඨයා එන්නේ මෙලොවින් නොවේ. ඔහු තමයි ලෝකි. දිව්‍ය පුත්‍ර තෝර් ගේ හදාගත් සහෝදරයා. අතීතය ගැන ඔබට මතක ඇති තෝර චිත්‍රපටය නැරැඹුවා නම්. අමෙරිකාවේ ක්‍රියාත්මක වන රහසිගත එහෙත් රජයේ සංවිධානයක් වන SHIELD හෙවත් Strategic Homeland Intervention, Enforcement and Logistics Division හි ලොක්කා වන්නේ නික් ෆියුරි (සැමුවෙල් එල්. ජැක්සන්) යි. ඔහු මෙම ලෝකි ගෙන් පෘතුවියට ඇති වී තිබෙන තර්ජනයෙන් ලෝවැසියා මුදා ගන්නට ඇවෙන්ජර්ස්ලාට හෙවත් සුපිරි වීරයන්ට අඬ ගසනවා.
ඉතින් නික් ෆියුරිට වෙන්නේ මේ ලෝ සුපතල සුපිරි වීරයන්ට බාලාංශ පංතියේ පාඩමක් කියා දීමටයි. එනම් කණ්ඩායම් හැඟීමෙන් එකිනෙකා සහජීවනයෙන් පොදු ඉලක්කයක් කරා පිරිසක් ලෙස වැඩ කිරීමේ අගය ඔවුන්ට ඒත්තු ගැන්වීමයි. ඇවෙන්ජර්ස් අනෙකුත් සුපිරි චිත්‍රපටවලට සමානකමක් දැක්වුවත් ඒවා සියල්ලටම වඩා ක්‍රියාදාම වැඩි වැඩියෙන් ප්‍රේක්ෂක ඔබට ලබා දෙයි. නමුත් වට්ටෝරුවට ගැළපෙන පිරිදි සියලුම ගුණාංග (පෙර චිත්‍රපටවල සේම) ඇතුළත් වෙයි. පෘතුවියට තර්ජනයක් එයි. සුපිරි වීරයන් එයට මුහුණ දීමට සංවිධාන කරයි. දුෂ්ඨයා ඉතාමත්ම දුෂ්ඨ බව නාට්‍යමය භාවය වැඩි කරමින් පෙන්වයි. පොඩි පොඩි පුද්ගලික අඩපාඩුකම් දුර්වලතා සුපිරි වීරයන්ට තිබෙයි. චිත්‍රපටයේ අවසන් පැය කන් බිහිරි කරවන සද්ද සමඟින් ලොව බිහිවුණු හොඳම දෘෂ්‍ය ප්‍රයෝග විශේෂ ප්‍රයෝග යොදා ගනිමින් හොඳ නරක යුද වද්දන්නේ වට පිටාවේ තිබෙන සියලුම දේවල් සුන්නත් දූලි කරමින් සහ ගිනි බෝල විසී කරමින්. නමුත් එය විනෝදාත්මකයි. අතිශයින් විනෝදාත්මකයි. කර්කෂ යථාර්ථයෙන් මිදී මොහොතකට සිහින ලොවකට දැහැන්ගත වීමට මෙම චිත්‍රපටය උපකාරී වෙයි. එබැවින් එය මුදල් ගෙවා නැරැඹීමට තරම් වටී. |
||||||




ඉන්දියාවේ පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරඟාවලිය ගැන
ඔබ හොඳ හැටි දන්නවා ඇති.
ලොව හොඳම සුපිරි ක්‍රීඩකයන් පිල් බෙදී සටන් කරන
මේ අසිරිමත් ක්‍රිකට් තරගාවලිය මේ වන
විටත් පැවැත්වෙමින් පවතිනවා.
මෙම චිත්‍රපට සියල්ලම වාගේ අති සාර්ථකව ලොව පුරා තිරගත වූ අතර මේ ප්‍රධාන චරිත ලොව
පුරා සිනමා රසිකයින්ව ඇද බැඳ තබා ගැනීමට සමත් වුණා. එසේ නම් ඔවුන්ගේ සුසංයෝගය
කෙතරම් සාර්ථකත්වයක් ලබාවිද? එය මේ අවුරුද්දේ තිරගත වෙන වැඩිම බොක්ස් ඔෆිස් වාර්තාව
තබන චිත්‍රපටය බවට අනාවැකි පහළ වෙන්නට පටන් ගත්තේ කලක සිටයි.
හල්ක් නිවුණු තැන්පත් මනුස්සයෙක්
වුණත් ඔහුට කේන්ති ගිය විට අති විශාල කොළ පාට යෝධයෙකු බවට පෙරළෙනවා. ඔහුට ඉරා
දමන්නට කුඩු කරන්නට නොහැකි දෙයක් නැහැ. කැප්ටන් ඇමරිකා ගේ බලය ඔහුගේ පලිහේ රැඳී
පවතිනවා. තවම ඉවර නැහැ. තව ඉන්නවා. බ්ලැක් විඩොවි. ඇය ආත්මාරක්ෂක සටන්වල කෙල
පැමිණිය තරුණියක්.
ඔවුන් එකට එකතු කර සංවිධානය වී එක් කණ්ඩායමක් ලෙස මෙම තර්ජනයට මුහුණ දීම
නික් ෆියුරිගේ අරමුණයි. නමුත් මෙතරම් බල සම්පන්න වීරයන් ගොන්නක් එකතුª කිරීම පහසු
කටයුත්තක් නම් නොවෙයි. මක්නිසාද යත් ඔවුන්ගේ බලපරාක්රමයන් ඔවුන් එකිනෙකා හා
සංසන්දනය කරන්නට උත්සාහ දැරීමයි.