වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





සතියේ ගීතය

සතියේ ගීතය

දුර්ගා

රස මුසු වූ පෙම් කල්පනා
රස ඉල්ලා වැලපෙන්නා
හසරැල්ල මතින් කඳුළැල්ලට යමින්
ඔබ මුණ ගැසෙනා තුරු නොදැනී
තනි වූයෙම් මම හිත නුවනී

රකුසන් රඳනා ගිනියම් කතරේ
සිර වී උන් රණ හංසියෝ
මුදවාලු කුමරාණනේ
කඳුළක් වේ දෝ ආදරේ
ගඟුලක් වැනි ජීවිතේ

මා පණ ගැන් වූ උණුසුම අතුරා
සැතපෙනු මැනවි නිදැල්ලේ
සොම්නස් මහ ද තොටිල්ලේ
වටහා ගත යුතු ජීවිතේ
පියඹා එනු ඇත ආදරේ

පද රචනය - කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය - ග්‍රේෂන් ආනන්ද
ගායනය – නීලා වික්‍රමසිංහ
අධ්‍යක්ෂණය කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා