|
|
||
සතියේ දින පහට සිටු මැදුර ස්වර්ණවාහිනියෙන්
මේ යුවතියන් දෙදෙනා අතරින් දේවින්දගේ ආදරය දිනා ගන්නා නාමලී ගේ ආදර අන්දරයට අනපේක්ෂිතව පැමිණෙන වැඩිහිටියන්ගේ විරෝධතා සුළි සුළඟක්. මේ සුළි සුළඟින් දේවින්දටත් නාමලීටත් කුමක් වේද? ඒ ගැන දැනගන්න නම් සඳුදා සිට සිකුරාදා දක්වා ස්වර්ණවාහිනියේ රාත්‍රී 9.00 ට විකාශය වෙන ‘සිටු මැදුර’ ටෙලි නාට්‍යය නරඹන්න ඔබට සිදුවේවි. ආදරයට ආදරය කරන ස්වර්ණවාහිනිය ඔබ වෙනුවෙන් තිළිණ කරන ‘සිටු මැදුර’ ටෙලි සිත්තම ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක්. කැමරාකරණයෙන් රූප රාමු හැඩ කරන්නේ ජනක යහම්පත්. මේනක රාජපක්ෂ, නෙහාරා පීරිස්, මේනකා මධුවන්ති, ක්ලීටස් මෙන්ඩිස්, මහේන්ද්‍ර වීරරත්න, සම්පත් තෙන්නකෝන්, සුනීතා විමලවීර, රෙබෙකා නිර්මලී, ගාමිණී අම්බලන්ගොඩ, ඉන්දික ගිනිගේ, නිමල් ඇන්තනී, සංගීතා බස්නායක, අනුලා වනිගසූරිය, නුවන්ගි බණ්ඩාර, කුමුදිනී අධිකාරි ගේ රංගනයෙන් අපූරුවට කල එළි දකින සිටු මැදුර අරුණ ප්‍රේමරත්නගේ තිර රචනයක්. සහාය අධ්‍යක්ෂණයෙන් රංග මුණසිංහ, අංග රචනයෙන් ධනුෂ්ක හුලංගමුව, කලා අධ්‍යක්ෂණයෙන් පි‍්‍රයන්ත රණසිංහ, සංගීතයෙන් ඩෙනිස්ටර් පෙරේරා සහාය වන සිටු මැදුරේ ගායනය නවරත්න ගමගේගෙයි.
සේමිණිගේ ප්‍රබල රංගනය සමඟ ‘නෙතු පියෙන තුරා’ සෙනසුරාදා
මිෂෙල් ෆොන්සේකා අපිට අලුත් ආරංචියක් අරගෙන සරසවියට ගොඩ වැදුණා. ‘නෙතු පියෙන තුරා’ මොකක්ද මේ ? අපි ඔහුගෙන් විමසුවා. ‘නෙතු පියෙන තුරා’ කියන්නේ මගේ අලුත්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. මේ මාසයේ 05 වැනිදා ඉඳලා රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වෙන මේ ටෙලි නාට්‍යය ඉරිදා හා සෙනසුරාදා දින දෙකේම විකාශය වෙනවා. මේ ටෙලි නාට්‍යයේ තිබෙන විශේෂත්වය වෙන්නේ සේමිණී ඉද්දමල්ගොඩ කියන රංගන ශිල්පිනිය මුලින්ම තමන්ගේ කොණ්ඩේ බූ ගාන්නේ මේ ටෙලි නාට්‍යයට වීමයි. ඒ වගේම ඈ රඟපාන අරුණි කියන මවගේ චරිතයට උවමනා ආකාරයේ ස්ව කැමැත්තෙන් තම කොණ්ඩය සම්පූර්ණයෙන්ම බූ ගාන්න ඉදිරිපත් වීම අගය කළ යුත්තක්. සේමිණී ඉද්දමල්ගොඩ, රොෂාන් පිලපිටිය, ඩග්ලස් රණසිංහ, ශි‍්‍රයාණි අමරසේන, මාලනී වීරමුණි, ගීතා කාන්ති ජයකොඩි, රිචාඩ් වීරක්කොඩි, තුසිත ධනුෂ්ක, සචින් රදලියගොඩ, ඉසුරි නවෝද්‍යා, සිතුමිණි මැද්දගොඩ, ගයත්‍රී රාජපක්ෂ තමයි ‘නෙතු පියෙන තුරා’ සඳහා රංගනයෙන් එක්වන්නේ. ‘නෙතු පියෙන තුරා’ හදන්න සහය අධ්‍යක්ෂණයෙන් කල්‍යාණ චන්ද්‍රසේකර, කැමරා අධ්‍යක්ෂණයෙන් ශාන්ත රූපස්සර, කලා අධ්‍යක්ෂණයෙන් රංජිත් දේවනාරායන, වේෂ නිරූපණයෙන් ගාමිණී කොස්තා, නිෂ්පාදන කළමනාකරණයෙන් ගයාන් ලක්මාලී, සංස්කරණයෙන් දුමින්ද ප්‍රේමතිලකත් දායක වුණා. පි‍්‍රන්ස් වික්‍රමනායකගේ නිෂ්පාදනයක්. රූපවාහිනීයට රචනා කළේ නිහාල් බණ්ඩාර ජයතිලකයි.
තුන් මං තැන්නට සෙනසුරාදාට ගොඩවෙමු
|
||



දේවින්දගේ ආදරයේ කිරුළ පළඳිමින් ඔහුගේ දයාබර බිරිඳ වීමට සිහින මවන කිෂාණි එක් පසෙක.
සිතෙහි වූ ආදර හැගුමන් පුද දීමට කැමැත්තෙන් සිටින දේවින්දගේ ආදරය දිනා ගත්නා මලී
තවත් පසෙක.




දඹදිව උපන් කතා
දොරට වඩී